Content

අක්කණ්ඩිය නුබ වෙනුවෙන්..

Friday, April 29, 2011 0 comments
ලස්ස්නන පවුලක්..ජිවිතෙ පටන් ගත්තු කාලෙ ඉදලම හැම කෙනෙක් ගෙම හිතෙ තියෙන අහින්සක බලාපොරොත්තුවක්..
ඒත් මේ ජිවිතේ හැමොටම සුරන්ගනා කතා වල වගෙ ලස්ස්න පවුලක්.. එ අහින්සක සෙනහසක් ලැබෙන්නෙ නැ....







මම මේ ලියන්න යන්නෙ මගෙ අක්කා ගැන..ඔව්...






මට එක කුසින් උපන්න අක්ක කෙනෙක් හිටියෙ නැ..හැබැයි මුලු ජිවිත කාලෙම මම ආසවෙන් හිටපු කෙනෙක් තමා ලොකු සහොදරියෙක් ...






ජිවිතෙ තිරනයක් ගන්න බැරි වුනාම.. හිතෙ තියෙන දුක තනියම දරා ගන්න බැරි වුනාම එ දෙවල් කියාගන්න පුලුවන් තරම් හිතට ලන් වුන සහොදරියක්...






එහෙම කෙනෙක් පොඩි කාලෙම හිටියනම් මම අද මෙ ඉන්න තැන නැති අද නැති වෙවි..






මහෙ ජිවිතයට ලන් වුනා කියල හිතෙ කහටක් නැතිව කියන්න පුලුවන් පුද්ගලයො දෙන්නෙක් ගැන විතරයි මම දන්නෙ..






එක් කෙනෙක් තවත් මන් ලග නැ... මුලු ජිවිතෙම කියල හිතාගෙන හිටපු එයා තවත් කෙනෙක් ගෙ මුලු ජිවිතයම වෙලා...






ඊට පස්සෙ මගෙ ජිවිතෙට ලන්ම වෙලා හිටියෙ මේ අක්ක.. එක කුසෙ ඉපදුනෙ නැතත් මම කහටක් නැතිව එ අක්කට මගෙම සහොදරියකට වඩා ආදරය කරපු බව මම දන්නවා...






එ අක්කත් දන්නවා...






එත්..






ජිවිතෙ හැටි ආයෙමත් පාරක් මතක් කරල එ අක්කගෙ සෙනෙහසිනුත් මට ඇත් වෙන්නෙ වුන හැටි නම් මට තවත් හිතා ගන්න බැ..






සමහර විට මම කාගෙවත් ආදරෙ ලබන්න තරම් සුදුස්සෙක් නෙමෙයි වෙන්න ඇති..






එ කියන්න බැරි හෙතුව නිසාම මම අක්ක්ගෙනුත් ඈත් වුනා,,






ඊට පස්සෙ කාලය ගෙවිල ගියපු ඉක්මන හිතාගන්නත් බැරි තරම්...






අද..






මාව අමතක වෙලා කියල හිතාන වුන්නු අක්කා ආයෙමත් කතා කලා..






ඔව් අක්කෙ කොච්චර කාලය ගත වුනත්,,මොන දෙ වුනත්..අපි සහොදරයො! :)

‍ටුවිටරෙ ජිවිතය

Sunday, April 24, 2011 2 comments
‍ටුවිටරෙ ජිවිතය.. ටිකක් වෙනස් මාතෘකාවක්.. ලියන්නම ඔන කියල හිතෙ ටිබුන ලිපියක්..


Twitter කියන්නෙ මොකක්ද?


wikipedia එක කියන හැටියටනම් මෙන්න මෙකයි කතාව


http://en.wikipedia.org/wiki/Twitter


හබැයි ලන්කාවෙ ‍ටුවිටරෙ ට ඊටම ආවෙනික වෙච්ච ගතියක් තියෙනවා,‍ටුවිටරෙ එක එතකින් පොඩි පවුලක් වගෙ.කොච්චර followers ල හිටියත් 50% වැඩි සාමජිකයොත් එක්ක අතරෙ ගොඩක් හොද සම්බන්දයක් තියෙනවා..
පිට ඉදන් බලන කෙනෙකුට ‍ටුවිටරෙ කිසිම තෙරුමක් නැති වැඩක් වගෙ පෙන්න පුලුවන්..
එත් එකට සම්බන්ද වෙච්ච කෙනෙක්ට තමන් ගෙ ජිවිතෙත් එක්ක ‍ටුවිටරෙ සම්න්ද වෙලා තියෙන හැටි හරි පුදුමාකාරයි..


මුනු පොතොයි , ‍ටුවිටරෙයි අතර ලොකු වෙනසක් තියෙනවා, දෙකම
social sharing networks කියල අර්තකනය කලාට facebook එකෙ යුසස් ලගෙ තියෙන සමාජ තත්වයයි ‍ටුවිටරෙ සාමජිකයන්ගෙ සමාජ තත්වයෛ අතර පැහැදිලි වෙනසක් දකින්න පුලුවන්


එවගෙම ‍ටුවිටරෙ තියෙනෙ meet up ගැනත් සදනක් තියන්නම ඔන.. සාමන්යෙන් වෙන කිසිම සමාජ සම්බන්දතා වෙබ් අඩවියක දකින්න නැති විසේසාන්ගයක් තාමා tweetup කියන්නෙ. කවදාවත් හමුවෙලා නැති එත් ‍ටුවිටරෙ මගින් අන්ත්ර් සම්බන්ද තා ගොඩ නගා ගෙනෙ සිටින සාමජිකන්ට ඇත්තටම හමුවෙලා කතා බහ කරන්න ගන්න පුලුවන් අවස්තාවක් විදිහට මෙය හදුන්වා දෙන්න පුලුවන්

ජිවිතයෙන් අපි ලබා ගත්තෙ මොනාද..

Friday, April 8, 2011 2 comments
සෙනසුරා..සති අන්තයෙ ..අදත් ඔ‍ෆිස් එකෙ .. වැඩක් නම් නැ එත් ගෙදර ඉන්න හිතෙ දෙන්නෙත් නැති නිසා ආව මේ පැත්තෙ..
මෙහෙම ඉන්න වෙලාවක තමා මෙ අදහසත් ඔලුවට ආවේ..


මෙ වෙද්දි ඔයාල ජිවිතෙට ලබාගෙබ තියෙන්නෙ මොනාද..පොඩි කාලෙ .. ඉස්කොලෙ යද්දි හිතෙ තිබුන බලාපොරොත්තු අද වෙද්දි ඉස්ට වෙලා තියෙනව ද? තමන්ගෙ සිහින වෘර්තිය ඔයාලට ලැබිලා තියෙනවද? නැත්තම කවදාවත් හිතපු නැති තැනකද ඔයාගෙ ජිවිතය අද නැවතිලා තියෙන්නෙ ?


මම හිතන්නෙ ගොඩක් අයගෙ ජිවිත නැවතිලා තියෙන්නෙ තමන් ආසවෙන් හිතෙ තියාගෙන බලපොරොත්තුවෙන් හිටපු තැන නෙවෙයි.. තමන් කවදාවති හිතපු නැති..බලාපොරොත්තු නොවු සන්දිස්තානයක ජිවිතෙ නතර වෙලා ඇති


ඉතින් අපි ජිවිතෙන් බලාපොරොත්තු වුන දෙ අපට ලැබුනද??


අපි අපෙන්මෙ මෙ ප්‍රස්නෙ අහගත්තොත්?


" ඔව් "කියන උත්තරෙ දෙන්නෙ පුලුවන් අය ඉන්නෙ බොහොම සුලු පිරිසක් විතරයි...


අපි කොයි තරම් බලාපොරොත්තු පොදි බැද ගෙන හිටියත් , එ බලාපොරොත්තු වෙනුවෙන් යන ගමන ඉවර වෙන්නෙ එ බලාපොරොත්තු වුන තැන ම නෙවෙ.


අතරමගදි එ දෙවල් වෙනස් වෙන්න විදිහෙ දෙවල් ගොඩක් සිද්ද වෙනවා..සමහර වෙලා වට එ වෙනසවල් හොදයි.. සමහ්ර වෙලාවට නරකයි


අපි ජිවත් වෙන්න..අපෙ අම්මලව .. සහොදරින්ව.. ජිවත් කරන්න අපෙ සිහින අත අරින් න වෙනවා..ජිවිතෙ යතාර්තය වෙනුව්න් කවදාවත් බලාපොරොත්තු නොවුන පාරවල් වල යන්න වෙනවා..
එක තමා ජිවිතය...
එත් පොඩ්ඩක් නැවතිලා හිතට තට්‍ටු කරල බැලුවොත්..
ඔයාට ආයෙත් හිතෙවි තමන්ගෙ ජිවිතෙ වෙනුවෙන් තමන් ට මීට වඩා දෙයක් කරන්න පුලුවන් කියලා..
ජිවිතෙ ගමනෙ හැල්මෙ දුවන එක පොඩ්ඩකට නවත්තලා තමන් ගෙ ආසවන්..බලාපොරොත්තු වෙනුවෙනුත් යම් දෙයක් කරන්න..


මොකද ජිවිතෙ කියන්නෙ ජීවත් වෙන්න විදවන එකම නෙවෙ.. එකෙ විදින්න ඔන කොටසකුත් තියෙනවා







අවුරුද්දකට පසුව..

Monday, April 4, 2011 8 comments
2011 අප්‍රෙල්..
අපි දෙන්නා වෙන වෙලා අවුරුද්දක් ගත වෙලා..අවුරුද්දක්..මම දන්නවා කාලය කියන දෙ හරි ඉක්මනට ගලා යන දෙයක්.. එත් ඔයා ගැන ඇතිවුන සිතුවිලිත් හිතේ දරාගෙන ගත වුන මෙ අවුරුද්දනම් නොදනුවත් ව ගලා ගෙන ගියපු අවුරුද්හක් නෙවෙ..


මම දන්නවා ඔයා අද ඔයාගෙ ජිවිතෙ ගොඩක් දුර ගිහින්.. මට තාමත් මතකයි ඔයා මුනු පොතෙ මෙසෙජ් එකක් දාල වෙන කෙනෙක් ට ආදර කරනවා කියපු දවස මමත් හරි සැහැල්ලුවෙන් ඔයාට සුබ පතලා එකට උත්තර දුන්න හැටිත් මතකයි.එත් එ වෙලාව වෙ හිතෙ තිබුන දුක ගැන පුන්චි හරි හැගීමක් ඔයාට තිබුනනම්...


ඊටත් පස්සෙ දවසක..ඔයාගෙ යාලුවෙක් ට මම කතා කරපු වෙලාවෙ








" අද XXX කතාකලානෙ"..


ඔයාගෙ නම ඇහෙන කොටත් හිතෙ ඇති වුනෙ නුහුරු දෙගිඩියාවක්..




එත් එ බව පෙන්නනෙ නැතිව මම ඇහුවා..






" ඉතින් මොකොද කිව්වෙ.."?






ඇත්තටම මට දැන ගන්න ඔන කම තිබුනා ඔයාට කොහමද කියන දෙ






එත් ඊලගට ඔයාගෙ යලුවා කිව්වෙ..






" අහ් ඔන්න අද කොල්ලත් එක්ක එලියට යනවා කිව්වා....... "






තවත් මොනාදො කියාගෙන යනව මතකයි..එත් එ දෙවල් වලින් මගෙ හිතට ඇහුනෙ මුල් වචන ටික විතරයි...






ඔයා වෙන කෙනෙක් ගෙ බව දැන දැනත් හිතෙ මෙචචර දුකක් ඇති වෙන්නෙ අයිද කියන දෙ මට තෙරෙන්නෙ නැ..






.....






අද ඔයා ජිවිතෙ තවත් කෙනෙක් එක්ක ගමනක් පටන් අරන්..






තුන් හිතකින් වත් එ ගමනට අකුල් හෙලන අදසක් මගේ නැ..






ඇත්ත ආදරෙ කියන්නෙ පරිත්යාගය කියල ..එත් එක කරගන්න තරම් හිත හයිය නැති නිසා වෙනන් ඇති තාමත් මම ඔයා ගැනම හිතන්නෙ...