
ආයෙත් මොනා හරි ටිකක් ලියල දාන්න කියල වෙලාවක් හම්බුනා..
අද මට පොඩි සටහනක් තියන්න හිතුනෙ මේ ජේවිතෙ එක එක කාල වලදී අපෙ හිතෙ ගොඩක් තදින් බැදෙන ඒත් කාලයත් එක්කම ටිකක් අමතක වෙන දෙවල් ගැන..එත් ජේවිතෙ හරිම පුදුමාකාරයි..අපි හිතුවත් ඒ තැන් වලට අපිට ආයෙමත් යන්නෙ වෙන්නෙ නෑ කියල ජීවිතෙ අපිව එ තැන් වලට ගෙන්යනවා!
කොලොබ කියන්නෙ මම ආයෙත් කාලෙකට පය නොතබන්න හිතන් හිටපු තැනක්..ඒත් ආයෙමත් මට කොළබ යන්න වෙලා තියෙනවා හැම සතියකම වගෙ..හැම දාම මම යද්දි මගෙ ඇස් නිතැනිම යොමු වෙන තැනක් තමයි "ගන්ගාරාමෙ" කියන්නෙ..ජීවිතෙ පලමු වෙනි වරට ලබපු ගොඩාක් සුන්දර අත්දෑකීම් තියෙන තැනක් තමයි එතන..
ඔන්න දවසක් මම යන්න ඔන වෙලාවට වඩා පැයැක් දෙකක් වෙලපගින් කොලොම්පුරේට සෙන්දු වුනා..
වෙලාව උදෙ හයට විතර ඇති.එ වෙලවට පැය දෙකක් තුනක් නතර වෙලා එන්නම් තරම් යාලුවෙකුත් නැති හින්දමද මන්දා මට එක පාරටම හිතට ආයෙ ගන්ගාරාමෙට ( පන්සල එහෙම නෙවෙ :P ) ටිකක් ගිහින් එන්න..
මම හිතාගෙන හිටියෙ ආයෙමත් එතනට නොයන්න එත් මොන හෙතුවකටද මන්දා හිතට මුලින්ම ආපු හැගීම එක..
මමත් එතින් කමක් නැ කියල පානදූර බස් එකක නැගලා ගන්ගාරෙමට ගියා..එතන වෙනද තියෙන පරිසරය නෙවෙ..උදේ පාන්දර හින්දමද මන්දා එතන වෙනදා හිනා වෙවි එන්න පෙම්වතුන් නම් හිටියෙ නෑ..පාලුවට ගිහින්.මම එතනට ගියාම තමා හිතෙ හිරවෙලා තිබ්බ ගොඩක් මතකයන් එලියට එන්න පටන් ගත්තෙ..
මෙ සටගනත් එක්ක තියෙන ඡායාරූපය මම ගත්තෙ එතනදි...
මම තාමත් පුදුම වෙන්නෙ කොච්චර කාලය ගත වුනත් සමහර දෙවල් කොච්ච්රනම් තදින් හිතේ නතර වෙලා තියෙනවදා කියල..