Content

වෙනසක්...

Saturday, January 29, 2011 4 comments
"teenage" කියන්නෙ ටිකක් බරපතල වයසක් ලු.. ගොඩක් දේවල් කරන්නයි අනාගන්නයි , හරියන්නයි හැම දේටම සෙට් වෙන වයසක් ..
හෙටින් පස්සේ ඔය කියන අපල කාලෙන් මන් නිදහස් වෙනවා..
අව්රුදු 20... ඇත්තටම ලොකු කාලයක්..ලොකු කාලයකටත් වඩා ජීවිතේ වැදගත්ම කාලයක් කිව්වොත් හරි!
මේ අව්රුදු 20 ඇතුලත් උන දේවල් වල "සතුට","දුක" නම් කියල නිම කරන්න බැර් තරම්..
ජිවිතයේ 3 වෙනි decade එක පටන් ගන්නෙ ටිකක් වෙනසකුත් එක්ක..
හා හා පුරා කියල අව්රුදු 18 දීම පටන් ගත්තු ජොබ් එක අත ඇරල අලුත් තැනල රැකියාවට යනව.හිතේ නම් දුකක් නැතිවම නෙවේ..මෙ අව්රුදු 2කට රැකියාවෙදි නා නා ප්‍රකාර මිනිස්සු හම්බුනා..
ගොඩක් දේවල් තෙරුම් ගත්තා
හිනා උනා,දුක් උනා..අදරේ ලැබුවා..එත්..
ජිවිතයේ අරුත ඇතුලේ වෙන් වීම කියන දේත් ගොඩක් ගැබ් වෙලා තියෙනවා.
එ නිසාම මේ වෙන්වීමත් දරා ගන්න වෙනව..
ඉදින් මේ සටහන ජිවිතයේ ඉදිරිය වෙව්වෙන්..

ජීවිතයක් වෙනුවෙන්..

0 comments
අපි හැමෝම ජිවිතේ ගොඩක් අවස්තාවදි අසරන වෙනවා..සමහර දෙවල් අපි තනියම විසදගන්නවා සමහර දේවල් අපි යාලුවන් ගෙ,දෙමාපියන්ගෙ මාර්ගයෙන් විසදගන්නවා ..
මේත් එ වගේ අපේම සහෝදරයෙක් ගෙ ජිවිතයක් වෙනුවෙන් ආයාචනයක්..
ඉලන්දාරියා..

බ්ලොග් කියන ගොඩක් අය අදුනන චරිතක්..
මේ ඉලන්දාරියාගෙ ජීවිතයට උදව්වක් ඔන කරන වෙලාවක්..අපි කවුරුත් කෝටිපතියො නෙවෙ.
එත් මේ උදව්ව අපි හිතුවොත් කරනන් බැරි දේකුත් නෙවෙ..

පුලුවන් විදිහකින් මෙ වගෙ දක්ෂ සහෝදරයෙක් ගේ ජිවිතයක් වෙනුවෙන් එකතු වෙමු..


දුකා ගේ සටහනින්

ඉලන්දාරියාගෙ සටහනින්


නුබට ලියන වග නම්...

Saturday, January 8, 2011 2 comments
ආදරය..ජීවත් වෙලා ඉන්න කාලෙ වැඩියෙන්ම පාවිච්චිවෙන වචනක් වෙන්න ඇති..ගොඩාල් කාලෙකින් මොකුති නොලිවේ නුබව අමතක වෙලා නෙවේ.



ඒත් ලිය ලිය මේ හිත රිද්දගන්න තවත් බැර් නිසා..ඒත් සමහර වෙලාවට ඒ වේදනාවත් මොකුත් ම නොලියා ඉන්නකොට දැනෙන කාන්සියට වඩා සොදුරුයි..

"නුබ" මන් හිතුව ගොඩක් දුරට ගිහින් කියල මේ හිතෙන්.එහෙම හිතල හරි ජීවත් උනා..එත් කවදාවත්ම නැති විදිහට අද පාලුවක් දැනෙන්නෙ නුබ මුලු හිත පුරාවටම ලැගුම් ගෙන හින්දා...



මේ ජීවිතේ ඇති වෙන ප්‍රස්න ගොඩකට සර්ව සම්පුර්න නොවුනත් එක්තරා දුරකට හොදම උත්තරයක් තමයි කාලය..එත්..

කාලයට පුලුවන් වෙයිද "නුබ" වෙනුවෙන් හාහා පුරා කියල දැනුන ඒ හැගිම තවත් කෙනෙකු වෙනුවෙන් ඇති කරන්න?..



එක කාලය නුබටම බාරයි..



හිත ඇතුවෙනම් කියාගන්න දෙවල් බෝමයි..එත් නුබට අහන්නෙ ඉන්න නම් වෙනදා වගෙ කාලයක් නෑ කියල මන් දන්නව..



එකට එකතුවෙලා ගියපු ගන්ගාවක් වහෙ අපේ ජීවිතය කවදාවත් හම්බවෙන්නෙ නැති රේල් පීලි දෙකක තත්වෙට වැටුනෙ ඇයි කියන දේ මන් අහන්නෙ නෑ..



එත්...



ඔය හිතට ආදරෙ කරන කෙනෙක් තාමත් මේ ලොකෙ කොනක ඉන්නවා..