Content

ආදරය , sex අතර ඔබ හා මම.!

Sunday, November 13, 2011 9 comments






I hate love stories!



ඔව් ඇත්ත, හැබැයි මම මේ කතා කරන්නෙ මේ නමින් එන චිත්ත්‍රපටය ගැන නම් නෙවෙ.මට කතාකරන්නෙ ඔන "ආදරය" කියාගෙන අපි අපිවම රවට්ට ගන්න පුස් හැගීම ගැන. ඔව් ලස්සන කෙල්ලෙක් දැක්කම ඔන කොල්ලෙක්ට හැගිමක් ඇතිවෙනවා.. සාදාරනයි! ( මම කොල්ලෙක් අන්තයෙ ඉදන් කතා කරන්නම් මොකද මට හරියටම කියන්න බැ කෙල්ලෙක්ට මේ දේ දැනෙන් නෙ කොහමද කියලා )



හරි,


එ දැනෙන හැගීම අපෙම ජාතියෙ ගොඩක් වුන් හිතට ගන්නවා ආදරය කියලා.. එක ලබා ගන්න ඔන කියල පෙරුම් පුරනවා. අර කෙල්ල පස්සෙන් ම යනවා.කෙල්ලට වදයක් වෙනතරමටම පැනි හලනවා.ඔහම කට්ට කාගෙන කොහම හරි එ කෙල්ලවත් සෙට් කරගතත කියපු, හරි දැන් තියෙන්නෙ අර පෙරුම් පුරාගෙන හිතෙ තියාගෙන හිටපු ආදර චාරිකාව කරගෙන යන්න! 
ටික කාලයක් යනරම් මෙක මාර ෆන්.. වෙන දෙවක් නැ වගෙ ජිවත්වෙන්නෙ, කෙල්ල කියන ඔනම දෙයක් කරනවා..කතාවට කියන්නෙ " මන් ඔයා වෙනුවෙන් මැරෙනවා" කියලා.. එකත් හරි කියමුකො.


තවත් ටික කාරයක් යද්දි ඔය සම්බන්දෙ ශාරීරික සම්බන්දතා පවත්වන තත්වෙට එ කියන්නෙ sexual affairs තියාගන්න තත්වෙට එනකම් වෙනවා, ඔන්න ඔතන තමා සම්බන්දෙක climax එක වෙන්නෙ. අර පරම පුජනියෛ කියාගෙන හිතාගෙන ඉන්න "ආදරෙ" අන්තිමට එන්නෙ ඔතනට තාමා.. සාදාරනයි! එක මිනිස්සුන්ට ස්බාව දර්මයෙන්ම හැගිමක් කියමුකො, ඔව් සමහරු ඒ විදිහටත් එක සාධාරනීයකරන කරාවි.


ඊට පස්සෙ මොකද වෙන්නෙ ? 


ඊට පස්සෙ ඔය කියන ආදරෙ අර තිබුන පුජනීය , exciting , තත්වෙන්ම තියෙන්නෙ නැ. මොකද එක climax 
එකට ඇවිත්! දැන් අර පතාගෙන ආපු ආදරෙට තිබුනා ආසර අඩුවෙනවා. එහෙම වෙලා සමහර සම්බන්දතා කැඩෙනවා.. සමහරු නවත්ත ගන්න බැරි කමට කරගෙන යනවා!.
එහෙම වෙන්නෙ පලමුවෙනි හෙතුව මොකක්ද ? 


සහජෙන්ම ලස්සන ගැනියෙක් දැක්කම එන sexual attraction එක ආදරෙ විදිහට තෙරුම් ගැනීම.!


එත් තාමත් අපෙ අයියලා මෙක පිලිගන්න සුදනම් නැ. සමහර විට කැමති නැ!! 




සමහර විට මෙ නිසාම අර හැමොම හොයන " True Love"කලුනික වල තත්වෙට පත්වෙලා තියෙන්නෙ මේ නිසා වෙන්න පුලුවන්!














නො එන ගමනක් යන්නට..

Sunday, September 25, 2011 6 comments
කාලෙකට පස්සෙ ලියන්න ඔන කියල හිතුනෙ ගොඩක් කාලෙකින් නොලිව්ව නිසාම නෙවෙ..ආයෙ කවදාවත් ලියන්න වෙයි කියල නොහිතෙන නිසා.


ඔව් ලොකු දවසක් ලග එනවා.. කඩයිමක්...



සමත් වුනොත් ආයෙත් නො එන්නම මේ රට අත හැරල යන්න හිත හදාගේයි ඉවරයි..


එකමත් එක කාලෙකනම් අත හැරල දාන්න බැරි තරම් බැදීම් ජිවිතෙ තීබුනා තමා..



එත්...
එ කිසිම බැදිමක් සදාකාලික නොවන බව තෙරිලා .. ජිවිතෙ මගෙමයි කියලා මටම අයිති කරගන්න හදපු ගොඩක් දෙවල් අනුන්ගෙ වෙලා ඇස් ඉදිරිපිටම වියැකිලා යනවා..


ඔව් දුකයි තමා...


හීන හරි සුන්දරයි...එත් නින්දෙන් ඇරෙද්දි ඒ හැම  හීනයක්ම අතහරින්න අපිට සිද්ද වෙනවා.. කොච්චර තිත්ත වුනත් එක තමා ඇත්ත.



ජිවිතෙ හීන වුඩ ගොඩනගා ගන්න එක හරිම සුන්දරයි. ඔව් මන් දන්නවා එක..එත්.. එ හීන ඇස් ඉදිරිපිට වියැකෙද්දි දැනන තරම් තවත් දරුනු දුකක් නැ,,


ඉතින්..තවත් හීන මවන්න නම් හිතේ ආසවක් නැ..


මොකද ආයෙත් එවා කඩා බිදවටෙනවා බලන්න ඉන්න තරම් හිතෙ හෛයක් නැති නිසා.. 

නොවිදු ජිවිතය

Monday, August 8, 2011 3 comments
අවුරුදු විසි එකක්... ඔව් අවුරුදු විසි එකක් ජිවිතයෙන් ගෙවිලා ගිහින්.හිතා ගන්නත් බැ කාලය ගත වුන හැටි.. අද මම ජිවිතයෙ තවත් එක වැදගත් තීරනයක් ගන්න තැනකට ඇවිත්..




එ මගෙ දෙවෙනි රැකියාව ගැන.. මම එක අත හැරල යන්න තිරනය කලා..ඇයි?


මුලින්ම මම මෙතනට එද්දි ඇත්තටම මම ආවෙ ගොඩක් සතූටින්.. හොද රස්සාවක් ලැබුනා කියන අදහසින්.. මම කියන්නෙ නැ එ අදහස වැරදි කියලා..,මම තාමත් මට ලැබුන රැකියාව ගැන සතුටුයි!


එහෙනම් ඇයි? මෙක අතහැරල යන්නෙ??

මම ජිවිතයෙ වරද්ද ගතත එක තැනක් තමා..ලොකෙට පෙන්න..හොදට සල්ලි හම්බවෙන රකියාවක්..ජිවිතයක්.. තමා මට ඔන කියන්නෙ.. ඔව් එ හැම දේම මට ලැබුනා..


හැබැයි හිතෙ සතුට කියන දෙ මට ලැබුනෙ නැ...


හැමොගෙම හිත්වල තමන්ගෙ "Dream Job" 


එකක් තියනවා..තමන් ආදරය කරන ක්ශෙත්‍රයක් තියෙනවා.. හැබැයි 90% අවසානයෙ නතර වෙන්නෙ එ කියන  "Dream Job" 

එකෙන් නම් නෙවෙ..ඔව් එකට හෙතුනම් ඔන තරම් තියෙනවා..

හැබැයි කවදහරි තමන්ගෙ හිතට තෙරෙනවා ඔය කරන්නෙ එ "Dream Job " එක නෙවෙ නම්..ඔයාගෙ ජිවිතෙ ඔයා හරියට විදින්නෙ නැ කියන එක!-

මම එ දෙ අත් වින්දා,, ඔව් මම මගෙ සිහිනය හොයාගෙන යනවා..සමහර විට එක මිරිගුවක් ම වෙවි..එත් සමහරවිට මම සාර්තක වෙවි..

එත් මම ජිවිතය වෙනුවෙන් එ අවදානම ගන්න ලැහැස්ති.









ඔව්...මොහු ලාන්කිකයෙක්

Saturday, July 23, 2011 3 comments


ඉතින්.. ඔබ මොකද හිතන්නෙ ?

ගුගල් + ඇත්තටම වෙනසක් කලාද?

Monday, July 4, 2011 11 comments
Google + !


මේ දවස් වල හැමොගෙම කටෙ ‍රැදිලා තියෙන වචනයක්..මුනු පොතෙ බැලුවත්..‍ටුවිටරෙ බැලුවත් මේ නමම තමා දකින්න තියෙන්නෙ.


මේ වෙලාවෙනම් ගුගල් + කියන්නෙ මොකක්ද කියල තෙරුම් කරන්න දෙයක් නෑ නෙ මොකද මෙ වෙද්දි හැමොම මේ ගැන දන්නවා..


හැබැයි මේ ලිපියෙ තෙරුම ගුගල් + හදුන්වා දීම නෙවෙ.. අපි දැනට පාවිච්ච් කරන  social sharing network
වලට වඩා ගුගල් + වල වෙනසක් තියෙනව..දැනට පාව්ච්ච් කරන social sharing network



 එකක් අත හැරල මේකට මාරු වෙන්න තරම් වටිනාකමක් මේකෙ තියෙනවද?.


සාමන්යෙන් දැනට වැඩි පුර පාවිච්චි වෙන සේවා වලින් මුල් තැනට එන්නෙ facebook නෙ.පොඩි එකාගෙ ඉඩන් හැමොම පාව්ච්චි කරන මුනු පොත මෙච්චර ජනප්‍රිය වෙන්නෙ ටිබුන හෙතුව තම මුනු පොත තියෙන  user friendly interface එක.


google + වලත් මෙ කියන user friendly interface එක මුනු පොතටත් වඩා හොදට තියෙනවා.. එ නිසා මුනු පොතට ම හුරු වෙච්ච කෙනෙක්ට google + එකට හුරු වෙන එච්චරම අමාරු දෙයක් නෙවේ.


google + වල අලුතෙන් ම ඇවිත් තියෙන විශේෂාන් ගෙ තමා  circles කියන්නෙ.  බැලු බැල්මට ගොඩක් ලෙසි ආස හිතෙන  gadget එකක්..
හැබයි මෙක හරියටම මේ වෙනකොටත් google + users ල තෙරුම් අරගෙන නැති පාටක් තමයි තියෙන්නෙ, මොකද මේ  circles වලින් අපි මුනු පොතෙ අමාරුවෙන් ‍රැක ගන්න හදපු  privacy කියනෙ දේ ලෙසි විදිහකින් කරගන්න පුලුවන්..
තමන්ට කැමති අයත් එක්ක තමන්ට අවශ්ය දෙ පමනක් share කරන්න circle වලින් ගොඩක් ලෙසියෙන් පුලුවන්.


එ වගෙම අලුතෙන් එක වෙලා තියෙන hangout විශේෂාන් ගයත් සිත් ගන්න සුලුයි..යාලුවො කට්ටියටකට සෙට් වෙලා පොඩි video chat එකක් දාන්න මරු!







‍ටුවිටරෙ සහ ලාන්කීය වෙළද නාම..

Sunday, June 26, 2011 5 comments
ඊයෙ රත්තිරියාමෙ සිද්ද වුන සිද්දියක් අලලා තමා මේ ලිපිය ලියනන් හිතුනෙ. ඇත්තටම ලියනනද නැද්ද කියලත් කිහිප සැරයක් ම කලපනා කලා මොකද සමහර විට මෙකෙන් සමහරෙක් ගෙ හිත වුනත් රිදෙන්න බැරි කමක් නැති නිසා..








එත් ඉතින් මෙකෙන් කියන්නෙ මගෙ අදහස විතරක් නිසා කමක් නැ කියල හිතෙනවා..
 
දැන් දැන් ලන්කාවෙ වෙලද නාම සමාජ ජාල වෙබ් අඩවි වල Marketing කියන දෙට යොමු වෙමින් පවතිනවා, ඇත්තටම එක හොද දෙයක් , මොකද හැමදාම ගතානුගතික විදිහට marketing කරනවට වඩා කාලයෙ හැටියට පාරිබොකිකයො අතරට යන එක වැ‍රැද්දක් නෙවෙ..


හරි ඔය විදිහට ආපු එක " වෙලද නාමයක්" ‍ටුවිටරෙ කට්ටියත් එක්ක සහයොගයෙන් තමන්ගෙ  
Marketing campaign එක පටන් ගත්තා..ඊට පස්සෙ ‍ටුවිටරෙම කට්ටියකට ( මාත් ඇතුලුව) treat එකක් ලබා දිලා ඇතිවුන සිද්දියක් අරබයා ඇති වුන දෙයක් ගැන තමා මන් මෙ ලිපියෙ මුලින් ම සදහන් කලෙ
 
 


මම එ ගැන සවිස්තරාත්මකව මෙතන කතා කරන යන්නෙ නැ මොකද මම හිතනවා මෙ වෙනකොට දැන ගත යුතු සියලුම පුද්ගලයො ඒ ගැන දන්නවා..


එත් මෙ ලිපියෙ අදහස තමා ඇත්තටම Social marketing කියන දෙ ඇතුලෙ වෙලද නාමයක තියෙන්නෙ ඔන තත්වය / Standerd එක මොකක්ද කියන එක,








කලින් වතාවක් මෙ වගෙම එක වෙලද නාමයක් ටිවිටරෙ තුල Marketing සදහා පැමින අවසානයෙදි මල කරදරයක් බවට පති වුනා.  (Pain in the ass :| )




මොකද ඔවුන්ට වෙලද නාමයක් තුල රදවා ගත යුතු තත්වය ඔවුන් රදවා ගත්තෙ නැ..අවසානයෙදි ඔවුන්ට තමන් ගෙ  Followers


ලා විශාල ප්‍රමානයක් අහිමු කරගනන් සිද්ද වුනා ඔවුන් ගෙ ‍ටුවිටරෙ තුල හැසිරීම තුලින්.








මගෙ අදහස නම් වෙලද නාමයක්  Social marketing කියන දෙට ඇතුල් වෙද්දි ඔවුන්ට ආචාර ධර්ම පද්ධතියක් තිබිය යුතුයි, මොකද ලන්කාව තුල වෙලද නාම Social media වලට ඇතුල් වෙනවා කියන දෙ හොද දෙයක්..








එත් එය තුල තම් ගෙ තත්වය පවත්වාගෙන යාම ඔවුන් ගෙ යුතුකමක්!

අපිට ඇති..ඇයට නැති

Tuesday, May 10, 2011 12 comments
මම ජිවිතෙ මෙ වෙනකම් කරපු දෙයක් තමා මට නැති, නැතිවුන දෙවල් ගැන හිත හිතා දුක් වුන එක.. එත් මෙ ලගකදි මට හම්බුන එක ගැනු ලමයෙක් නිසා මන් ඒ කරපු වැඩෙ කොච්චරනම් මොඩ වැඩක් ද කියල එක මට තෙරුම් ගියා..
මෙ කතාවට මුලික වෙන ගැනු ලමයා මට ඇත්තටමනම් හම්බෙලා නැ..කිසිම දවසක හමුවෙන එකකුත් නැ..සමහර විට....







මන් මෙ ලමයවත් අදුන ගත්තෙ එක්තරා ආකරයක සමාජ ජාල වෙබ් අඩවියකින්.!


එ මොකක්ද කොහෙද කියල නම් මම මෙතන කියන්න යන්නෙ නැ..මොකද සමහර වෙලාවට එක එයාට කරදරයක් වෙන්නත් පුලුවන්..



හරි මෙය අපෙ රටෙත් නෙවෙ.. නමත් ටිකක් වෙනස්.. එත් මම කලින් හිතෙන් හිටියෙ ලන්කාවෙ කෙනෙක් කියලා.මොකද ලන්කාවෙ යලුවොත් ගොඩක් ඉන්නවා.. ක්‍රිකට් පිස්සියෙක් කිව්වොත් හරි..මුලින්ම මට අදුන ගන්න ලැබුනෙ ක්‍රිකට්

ලොක කුසලානෙ දවස් වල..වෙන රටක තරුනියෙක් වුනත් ලන්කාවට සප් එක දි දි පුදුම විදිහට ලන්කාවෙ ක්‍රිකට් රස්කයොත් එක මුලු තරගා වලියම වින්දනය කරපු කෙනෙක්.

ඔය විදිහට මාත් ඉතින් ටිකක් අදුන ගත්තා,, ඔහම ඉතින් ක්‍රිකට් වසන්තයත් ඉවර වුනා.



ජිවිතෙ සාමන්ය විදිහට ගාලා ගෙන ගියා,,






මෙ ලගකදි හිත ටිකක් අවුල් වෙලාවක දාපු "කතාවකට" මෙ තරුනිය උත්තරයක්  (Reply)

එකක් දාල අහල තිනුනා මොකක්ද ප්‍රශ්නෙ කියලා..



මමත් ඉතින් එයාට එ වෙල හිතෙ තිබුන ප්‍රශ්නෙ Screen shot
එකකට අරගෙන පින්තුරයක් විදිහට මෙ ගැනුලමයට යැවුවා එක බැලුවම තෙරුම් යාවි කියලා..
 
ඊට පස්සෙ මට ආපු උත්තරෙ තමා ..
 
" i'm blind so i cant see this ..please tell me whats there :) "
 
මට ඔය වෙල ටිකක් තරහ ගියා මොකක්ද මෙ කියන්නෙ කියලා..හැම දෙටම රිප්ලයි කර කර මොකක්ද මෙ කියන කතාව කියල
 
ඊට පස්සෙ මම ඇහුවා
" what the hell u mean ? are u joking ? S: "
 
 
කියල.. ඊට පස්සෙ ආපු රිප්ලයි එක තමා
 
"of course i am not kidding. ask xxx :) I read with a screen reader, it reads for me on the computer"
 
 
ඔතන XXX කියල තියෙන්නෙ එයයි මායි දෙන්නම දන්න යාලුවෙක්
 
ගෙ නමක්..



මෙක අහපු ගමන් මාව කරකවල අත ඇරියා වගෙ..






ඔව් මෙ ගැනු ලමයා අන්ධයි...
 
 
  හිතට එ වෙලෙ දැනුන හැගිම් නම් මෙතන තෙරුම් කරනන් අමාරුයි..අපිත් එක්ක ක්‍රිකට් කාලෙක එකතු වෙලා සතු‍ටු වුන මෙ ගැනු ලමයා ඉන්නෙ තත්වෙ මෙකයි කියලා දැන ගතතම...







ජිවිතෙ හරි කුරිරුයි නෙද?






මන් මෙ ලිපිය ලියන්නෙ මෙ කියන ගැනු ලමයට අපහාසය කරනන්වත් එ වගෙ කිසිම දෙකට නෙවෙ..


මට අද මෙ ගැනු ලමයා ගැන හිතෙ පුදුම විදිහෙ පැහැදිමක්!


ගෞවුරයක්!






ඇය ජිවිතෙ මෙච්චර දෙයක් නැති වෙලත් කිසිම දවසක එ වෙනුවෙන් දුක් වෙවි කිසිම දෙයක් කියල නැ..






තමන්ට පුලුවන් හැම වෙලෙම ජිවිතෙ සතු‍ටු වෙන්න පුලුවන් හැම දෙම කරනව..එත් තමන් ගෙ රටෙ අයත් එකක් විතරක් නෙවෙ..
 
  එත් අපි ?
 
ඔව් අපි ජිවිතෙ ගොඩක් වෙලාවට කරන්නෙ නැති දෙයක් ගැන දුක් වෙවි හිටපු එක..ඉන්න එක.. එත් මෙ වගෙ චරිත දකිද්දි තාම අපිට තෙරෙන්නෙ  ජ්විතෙ නැති දෙවල් ගැන හිත හිතා දුක් වෙනවට වාඩා අපිත ජිවිතෙ වෙනුවෙන් ජිවිත වෙන්න , සතු ‍ටු වෙන්න පුලුවන් කියල එක!
 
 
 




හීන...

Wednesday, May 4, 2011 3 comments
හීන...



මන් මෙ කතා කරන්න යන්නෙ නම් ‍රැට දකින හීන ගැන නම් නෙවෙ. ජිවිතෙ ජිවත් කරන්න ..ජිවත් වෙන්න අපිට තියෙන බලාපොරොත්තු,හීන ගැන.


ජිවිතෙ එක එක කාල වලදි අපි එක එක හීන දකිනවා.. එත් මම හිතෙන්නෙ ඊ හින වලින් ජිවිතෙට ලොකුම බලපැමක් කරනන් පුලුවන් අවුරුදු 15-20 අතර කාලෙ අපෙ හිතෙ ඇති වෙන බලාපොරොත්තු හීන වලට තමා..






මොකද ජිවිතෙ ඉස්සරහට අපි කරන දෙවල් තිරනය වෙන්නෙ අපෙ හිතෙ එ කාලෙ ඇතිවෙන බලාපොරොත්තු මත..

මගෙ ජිවිතෙත් අවුරුදු 17-18  
කියන්න මගෙ ජිවිතෙ මගෙ අනාගතෙ ගැන බලාපොරොත්තු ඇති වුන ඇති කරගතත කාලයක්..







එ මගෙ ජිවිතෙට ඇතුල් වුන එක පුද්ගලයෙක් නිසා..






අද මම නැවතිලා ආපහු බලනවා..






එ පුද්ගලයා මගෙ ජිවිතෙන් ගිහිල්ලා අවුරුද්දකටත් වඩා ගතවෙලා...






අද එයා සතුටින් එන්නවා අලුත් බාලාපොරොත්තුත් එක්ක,,






එත් මම...


Who wil cry when i die ?

Tuesday, May 3, 2011 7 comments
යාලුවෙක් ගෙ බ්ලොග් එකක තිබුන ලිපියක් දැකලා මටත් හිතුනා මේ මාතෘකාව ගැන මට හිතෙන දෙ ලියන්න..


මරනය හැමොටම පොදු දෙයක්.. අපි රජ කෙනෙක් වුනත්, හිගන්නෙක් වුනත් අවසානයෙ අපිට නවතින්න වෙන්නෙ මරනයෙන් තමා..






හරි මාතෘකාවට..
 
මම මැරුන දවසට ඇත්තටම කදුලක් වැටෙන්න තරම් හිතෙ මන් ගැන ලෙන්ගතුකමක් තියෙනෙ මිනිස්සු මේ ලොකෙ ඉන්නවද?








මගෙ දෙමාපියොනම් අඩාවි මොකද තම්න්ගෙ දරුවෙක් නැති වුනාම දෙමාපියන්ගෙ හිතට දැනෙන දුක ගැන කියන්න ඔන නැ නෙ..
 
ඒ ඇරෙන්න... ?








බිරිදක්,,දරුවො..පෙම්වතියක්.. එ කියන දෙවල් නම් මේ ජිවිතෙ නැති නිසා එ වර්ග තුනම මේ මතෘකාවෙන් අයින් කරල තියන්න පුලුවන්..


දැන් ඉතුරු වෙන්නෙ යාලුවො සහ අනෙක් අය..








මන් මැරුන දවසට අඩන්න තරම් යාලුවො මට ඉන්නව ද?






එච්චර සමිප තත්වයක් ඇති වෙන්න තරම් දෙයක් මම යාලුවො වෙනුවෙන් කරල තියෙනව ද ?
 
පාසල් ජිවිතෙයෙ බොක්කෙන්ම ‍ෆිට් කියන්න පුලුවන් යාලුවො හිටියා..ඇත්ත.. එත් දැන් පාසල් ජිවිතය කියන්න අතීතයට එකතු වුන සුන්දර සිනයක් ..








අපි එ කාල මවපු හීන සැබැ වුනෙත් නැ.. එ බොක්කෙන් ‍ෆිට් වෙලා හිටපු යාලුවො දැන් ආගිය අතකුත් නැ..






පාසල් ජිවිතෙට පස්සෙ එන්නෙ රාජකාරි ජිවිතෙ..






ඔව් ඔ‍ෆිස් එකෙත් එකට කාල බිලා ( කැම කෙසෙ වෙතෙත් බිමෙදි එකට ඉන්න) සෙට් එකක් ඉන්නවා






එත් කන බොන වෙලාවකදි පොඩි ෆන්






එකක් ගන්න  වෙලාවකදි ඇරෙන්න එ යාලුවන්ටත් නිසල් කියන පුද්ගලයා හ සම්බන්දව ඊට එහා ගිය සම්බන්දයක් තියෙනවද කියන ප්‍රශ්නෙ මගෙ හිතෙ තියෙනවා..






ඉතින් ඇත්තට මන් වෙනුවෙන් කදුලක් වැටෙනන කවුරුත් ඉදිවිද?

අක්කණ්ඩිය නුබ වෙනුවෙන්..

Friday, April 29, 2011 0 comments
ලස්ස්නන පවුලක්..ජිවිතෙ පටන් ගත්තු කාලෙ ඉදලම හැම කෙනෙක් ගෙම හිතෙ තියෙන අහින්සක බලාපොරොත්තුවක්..
ඒත් මේ ජිවිතේ හැමොටම සුරන්ගනා කතා වල වගෙ ලස්ස්න පවුලක්.. එ අහින්සක සෙනහසක් ලැබෙන්නෙ නැ....







මම මේ ලියන්න යන්නෙ මගෙ අක්කා ගැන..ඔව්...






මට එක කුසින් උපන්න අක්ක කෙනෙක් හිටියෙ නැ..හැබැයි මුලු ජිවිත කාලෙම මම ආසවෙන් හිටපු කෙනෙක් තමා ලොකු සහොදරියෙක් ...






ජිවිතෙ තිරනයක් ගන්න බැරි වුනාම.. හිතෙ තියෙන දුක තනියම දරා ගන්න බැරි වුනාම එ දෙවල් කියාගන්න පුලුවන් තරම් හිතට ලන් වුන සහොදරියක්...






එහෙම කෙනෙක් පොඩි කාලෙම හිටියනම් මම අද මෙ ඉන්න තැන නැති අද නැති වෙවි..






මහෙ ජිවිතයට ලන් වුනා කියල හිතෙ කහටක් නැතිව කියන්න පුලුවන් පුද්ගලයො දෙන්නෙක් ගැන විතරයි මම දන්නෙ..






එක් කෙනෙක් තවත් මන් ලග නැ... මුලු ජිවිතෙම කියල හිතාගෙන හිටපු එයා තවත් කෙනෙක් ගෙ මුලු ජිවිතයම වෙලා...






ඊට පස්සෙ මගෙ ජිවිතෙට ලන්ම වෙලා හිටියෙ මේ අක්ක.. එක කුසෙ ඉපදුනෙ නැතත් මම කහටක් නැතිව එ අක්කට මගෙම සහොදරියකට වඩා ආදරය කරපු බව මම දන්නවා...






එ අක්කත් දන්නවා...






එත්..






ජිවිතෙ හැටි ආයෙමත් පාරක් මතක් කරල එ අක්කගෙ සෙනෙහසිනුත් මට ඇත් වෙන්නෙ වුන හැටි නම් මට තවත් හිතා ගන්න බැ..






සමහර විට මම කාගෙවත් ආදරෙ ලබන්න තරම් සුදුස්සෙක් නෙමෙයි වෙන්න ඇති..






එ කියන්න බැරි හෙතුව නිසාම මම අක්ක්ගෙනුත් ඈත් වුනා,,






ඊට පස්සෙ කාලය ගෙවිල ගියපු ඉක්මන හිතාගන්නත් බැරි තරම්...






අද..






මාව අමතක වෙලා කියල හිතාන වුන්නු අක්කා ආයෙමත් කතා කලා..






ඔව් අක්කෙ කොච්චර කාලය ගත වුනත්,,මොන දෙ වුනත්..අපි සහොදරයො! :)

‍ටුවිටරෙ ජිවිතය

Sunday, April 24, 2011 2 comments
‍ටුවිටරෙ ජිවිතය.. ටිකක් වෙනස් මාතෘකාවක්.. ලියන්නම ඔන කියල හිතෙ ටිබුන ලිපියක්..


Twitter කියන්නෙ මොකක්ද?


wikipedia එක කියන හැටියටනම් මෙන්න මෙකයි කතාව


http://en.wikipedia.org/wiki/Twitter


හබැයි ලන්කාවෙ ‍ටුවිටරෙ ට ඊටම ආවෙනික වෙච්ච ගතියක් තියෙනවා,‍ටුවිටරෙ එක එතකින් පොඩි පවුලක් වගෙ.කොච්චර followers ල හිටියත් 50% වැඩි සාමජිකයොත් එක්ක අතරෙ ගොඩක් හොද සම්බන්දයක් තියෙනවා..
පිට ඉදන් බලන කෙනෙකුට ‍ටුවිටරෙ කිසිම තෙරුමක් නැති වැඩක් වගෙ පෙන්න පුලුවන්..
එත් එකට සම්බන්ද වෙච්ච කෙනෙක්ට තමන් ගෙ ජිවිතෙත් එක්ක ‍ටුවිටරෙ සම්න්ද වෙලා තියෙන හැටි හරි පුදුමාකාරයි..


මුනු පොතොයි , ‍ටුවිටරෙයි අතර ලොකු වෙනසක් තියෙනවා, දෙකම
social sharing networks කියල අර්තකනය කලාට facebook එකෙ යුසස් ලගෙ තියෙන සමාජ තත්වයයි ‍ටුවිටරෙ සාමජිකයන්ගෙ සමාජ තත්වයෛ අතර පැහැදිලි වෙනසක් දකින්න පුලුවන්


එවගෙම ‍ටුවිටරෙ තියෙනෙ meet up ගැනත් සදනක් තියන්නම ඔන.. සාමන්යෙන් වෙන කිසිම සමාජ සම්බන්දතා වෙබ් අඩවියක දකින්න නැති විසේසාන්ගයක් තාමා tweetup කියන්නෙ. කවදාවත් හමුවෙලා නැති එත් ‍ටුවිටරෙ මගින් අන්ත්ර් සම්බන්ද තා ගොඩ නගා ගෙනෙ සිටින සාමජිකන්ට ඇත්තටම හමුවෙලා කතා බහ කරන්න ගන්න පුලුවන් අවස්තාවක් විදිහට මෙය හදුන්වා දෙන්න පුලුවන්

ජිවිතයෙන් අපි ලබා ගත්තෙ මොනාද..

Friday, April 8, 2011 2 comments
සෙනසුරා..සති අන්තයෙ ..අදත් ඔ‍ෆිස් එකෙ .. වැඩක් නම් නැ එත් ගෙදර ඉන්න හිතෙ දෙන්නෙත් නැති නිසා ආව මේ පැත්තෙ..
මෙහෙම ඉන්න වෙලාවක තමා මෙ අදහසත් ඔලුවට ආවේ..


මෙ වෙද්දි ඔයාල ජිවිතෙට ලබාගෙබ තියෙන්නෙ මොනාද..පොඩි කාලෙ .. ඉස්කොලෙ යද්දි හිතෙ තිබුන බලාපොරොත්තු අද වෙද්දි ඉස්ට වෙලා තියෙනව ද? තමන්ගෙ සිහින වෘර්තිය ඔයාලට ලැබිලා තියෙනවද? නැත්තම කවදාවත් හිතපු නැති තැනකද ඔයාගෙ ජිවිතය අද නැවතිලා තියෙන්නෙ ?


මම හිතන්නෙ ගොඩක් අයගෙ ජිවිත නැවතිලා තියෙන්නෙ තමන් ආසවෙන් හිතෙ තියාගෙන බලපොරොත්තුවෙන් හිටපු තැන නෙවෙයි.. තමන් කවදාවති හිතපු නැති..බලාපොරොත්තු නොවු සන්දිස්තානයක ජිවිතෙ නතර වෙලා ඇති


ඉතින් අපි ජිවිතෙන් බලාපොරොත්තු වුන දෙ අපට ලැබුනද??


අපි අපෙන්මෙ මෙ ප්‍රස්නෙ අහගත්තොත්?


" ඔව් "කියන උත්තරෙ දෙන්නෙ පුලුවන් අය ඉන්නෙ බොහොම සුලු පිරිසක් විතරයි...


අපි කොයි තරම් බලාපොරොත්තු පොදි බැද ගෙන හිටියත් , එ බලාපොරොත්තු වෙනුවෙන් යන ගමන ඉවර වෙන්නෙ එ බලාපොරොත්තු වුන තැන ම නෙවෙ.


අතරමගදි එ දෙවල් වෙනස් වෙන්න විදිහෙ දෙවල් ගොඩක් සිද්ද වෙනවා..සමහර වෙලා වට එ වෙනසවල් හොදයි.. සමහ්ර වෙලාවට නරකයි


අපි ජිවත් වෙන්න..අපෙ අම්මලව .. සහොදරින්ව.. ජිවත් කරන්න අපෙ සිහින අත අරින් න වෙනවා..ජිවිතෙ යතාර්තය වෙනුව්න් කවදාවත් බලාපොරොත්තු නොවුන පාරවල් වල යන්න වෙනවා..
එක තමා ජිවිතය...
එත් පොඩ්ඩක් නැවතිලා හිතට තට්‍ටු කරල බැලුවොත්..
ඔයාට ආයෙත් හිතෙවි තමන්ගෙ ජිවිතෙ වෙනුවෙන් තමන් ට මීට වඩා දෙයක් කරන්න පුලුවන් කියලා..
ජිවිතෙ ගමනෙ හැල්මෙ දුවන එක පොඩ්ඩකට නවත්තලා තමන් ගෙ ආසවන්..බලාපොරොත්තු වෙනුවෙනුත් යම් දෙයක් කරන්න..


මොකද ජිවිතෙ කියන්නෙ ජීවත් වෙන්න විදවන එකම නෙවෙ.. එකෙ විදින්න ඔන කොටසකුත් තියෙනවා







අවුරුද්දකට පසුව..

Monday, April 4, 2011 8 comments
2011 අප්‍රෙල්..
අපි දෙන්නා වෙන වෙලා අවුරුද්දක් ගත වෙලා..අවුරුද්දක්..මම දන්නවා කාලය කියන දෙ හරි ඉක්මනට ගලා යන දෙයක්.. එත් ඔයා ගැන ඇතිවුන සිතුවිලිත් හිතේ දරාගෙන ගත වුන මෙ අවුරුද්දනම් නොදනුවත් ව ගලා ගෙන ගියපු අවුරුද්හක් නෙවෙ..


මම දන්නවා ඔයා අද ඔයාගෙ ජිවිතෙ ගොඩක් දුර ගිහින්.. මට තාමත් මතකයි ඔයා මුනු පොතෙ මෙසෙජ් එකක් දාල වෙන කෙනෙක් ට ආදර කරනවා කියපු දවස මමත් හරි සැහැල්ලුවෙන් ඔයාට සුබ පතලා එකට උත්තර දුන්න හැටිත් මතකයි.එත් එ වෙලාව වෙ හිතෙ තිබුන දුක ගැන පුන්චි හරි හැගීමක් ඔයාට තිබුනනම්...


ඊටත් පස්සෙ දවසක..ඔයාගෙ යාලුවෙක් ට මම කතා කරපු වෙලාවෙ








" අද XXX කතාකලානෙ"..


ඔයාගෙ නම ඇහෙන කොටත් හිතෙ ඇති වුනෙ නුහුරු දෙගිඩියාවක්..




එත් එ බව පෙන්නනෙ නැතිව මම ඇහුවා..






" ඉතින් මොකොද කිව්වෙ.."?






ඇත්තටම මට දැන ගන්න ඔන කම තිබුනා ඔයාට කොහමද කියන දෙ






එත් ඊලගට ඔයාගෙ යලුවා කිව්වෙ..






" අහ් ඔන්න අද කොල්ලත් එක්ක එලියට යනවා කිව්වා....... "






තවත් මොනාදො කියාගෙන යනව මතකයි..එත් එ දෙවල් වලින් මගෙ හිතට ඇහුනෙ මුල් වචන ටික විතරයි...






ඔයා වෙන කෙනෙක් ගෙ බව දැන දැනත් හිතෙ මෙචචර දුකක් ඇති වෙන්නෙ අයිද කියන දෙ මට තෙරෙන්නෙ නැ..






.....






අද ඔයා ජිවිතෙ තවත් කෙනෙක් එක්ක ගමනක් පටන් අරන්..






තුන් හිතකින් වත් එ ගමනට අකුල් හෙලන අදසක් මගේ නැ..






ඇත්ත ආදරෙ කියන්නෙ පරිත්යාගය කියල ..එත් එක කරගන්න තරම් හිත හයිය නැති නිසා වෙනන් ඇති තාමත් මම ඔයා ගැනම හිතන්නෙ...





මේ දවස් වල..

Sunday, March 27, 2011 4 comments
මේ දවල් වල ජීවිතය.. පරන යාලුවො හම්බුනාම අනිවර්යෙන්ම අහන ප්‍රස්නයක් තමා



" කොහමද මේ දවස් වල ජීවිතය?"


සාමන්ය උත්තරය තමයි


" හොදයි බන්..ඔහෙ ඉන්නවා"


එකෙනුත් ශේප්..


මම අද මගෙන් ම අහගතත ඇත්තටම කොහමඩ බන් මේ දවක් වල ජීවිතය...
 
හැමොටම සරල විදිහට උත්තර දුන්නට " ඔහෙ ඉන්නව බන් " කියල ඇත්තටම උත්තරේ මොකක්ද...



දැන් තමයි ටිකක් බැ‍රැරුම් විදිහට මේ ප්‍රස්නෙ ඔලුවට ආවෙ...


ජිවිතේ.. කොහෙටද ගලන්නෙ.. මොනාද මම කරන්නෙ...


ඇත්ත්තම කියනවනම් මම දන්නෙත් නැ.. මොකද මේ ජිවිතෙ මගෙ..මමයි මේ ඔරුවෙ හබල් කාරය කියල හිතුවට මොකද දැන්නම් මට දැනෙන්නෙ මේ ඔරුව පාලයන කරන්නෙ මම නෙවේ..මේ ගගෙ ‍රැලි වලට ඔන ඔන විදිහට ඔරුව පාවෙනවා මිසක් මට ඔන පැත්තකට මේ ඔරුව යන්නෙ නැ කියන දේ මට තෙරිලා ඉවරයි..
හැබයි තවම් මේ විදිහට ජිවීතෙට ඔන විදිහට ගලාගෙන යන්න ඉඩ දෙනවද..



ප්‍රශ්නයක්.. ඔව් ලොකු ප්‍රශ්නයක්..
මම හිතන්නෙ ජිවිතෙ ගැන ස්තිර තිරනයක් ගන්න කාලය ඇවිත්..

ටුවිටරේ අපි සෙට් වෙලා

Friday, March 25, 2011 3 comments




ඊයෙ , එ කියන්නෙ මර්තු 25 , තවත් සාමන්ය වැඩ කරන දවසක්..පුරුදු විදිහටම ට්වීට් පරක් දාගෙන වැඩට ගිහින් ඉතින් ඔහෙ තියෙන වැඩ ටිකත් කරගෙන හිටියා..
හවසට ටිකක් ‍ෆ්‍රී වෙලාවක් හම්බුනාම අයෙත් ගියා ‍ටුවිටරෙ පැත්තී.. මෙන්න කට්ටිය හොරෙන්ම සෙට් වෙන්න කතාව වෙනවා..මටත් ඉතින් ඔන නැති දෙයක් නැති නිසා මමත් පොඩ්ඩක් මැදින් පැනල ඇහුවා "ආ කට්ටිය අද සෙට් වෙන්නද යන්නෙ කියල.."




විනාඩි දෙක තුනක් යද්දි @plozie අය්යගෙන් උත්තරය් ආව..
" ඔව් මචන් හවස කට්ටිය පොඩ්ඩක් සෙට් වෙනන් කියල බැලුවෙ .. වැඩක් නැත්තම් urban kitchen එක පැත්තෙ වරෙන්"
කියල..මමත් මගෙ යාලුවෙක් ව බලන්න කොලොබ general hospital එක පැත්තෙ යන්න හිතාගෙන හිටපු නිසා මමත් වැඩෙට සෙට් වුනා..
කොහම හරි පැයක් විතර කලින් ඔ‍ෆිස් එකෙනුත් පැනල ඉස්පිරිතාලෙ පැත්තෙ ගිහින් යාලුවවත් බලලා.. හය වෙද්දි ට්විටරෙ සෙට් එක හම්බෙන්න යනන් කියක එලියට බැස්සා.
එලියට බැස්සට මොකද මම තැන දන්නෙත් නැ.. මීට කලින් මේ කාවවත් මුනට හම්බවෙලත් නැ..
මමත් ඉතින් @udithaumesh ටයි @polzie ටයි කොල් කර කර යන්තම් urban kitchen එක තියෙන තැන හොයාගතත..


entrance එක ගාවදිම @polzie අයියවත් හම්බුනා.. කොහම හරි එයත් එක්කම ඇතුලට යද්දි මෙන්න සෙට් එකක් ම ඉන්නවා ඉදගෙන.. ටිවිටරෙ කොච්චර කැ ගැහුවත් මම හැබැහින් හරි සාමකාමි , නිශ්ශබ්ද මිනිහා,,ඉතින් ගිහින් මමත් හරි සාම කාමි විදිහට හිටියා .
ඔතන ඉතින් සාමන්ය විදිහට අර හැම දිස්සෙම කැ ගහන උදිත උමෙසුයි..කොලිත බී බී බී යි සතු‍ටු සාමච්චිය පටන් ගත්තා..


කතාව විතරක්ම ගිහිනුත් බැ නෙ .. අග රත් වෙන්නත් එක්ක පොඩි බීර විදුරුවක් දෙක අරගෙන කට්ටිය ආතල් එකෙ වුන දෙවල්..වෙන දෙවල් ඔන්ලියින් ජීවිතය.. සැබැ ජිවිතය ය ගැන කතා කර කර හිටියා...
කොහම කොහම හරි බීර විදුරුව එක දෙක වෙලා ඩෙක තුන වෙලා.. ඕහම ඔහම ගියා..
සමහර ඇයො ඉතින් බීර නොබී එකට හරියන්න කොකුත් එක්ක බයිට් කන්න ගත්තා :P


මුලින්ම ටිකක් හදිස්සි කරායො ටික කලින්ම ගියා..
හදිඩ්ස්සි කාරයො කිව්වෙ


@udithaumesh , @chamilad සහ තවත් දෙන්නෙක්.. ( සමා වෙනන් ඔන ‍ටුවිටර් IDදෙක මතක නැ )


හරි දැන් ඉතුරු වෙලා ඉන්නෙ @maranaya @polzie @udaramud @gayanmw @malinthe @kolithabee සහ මම @nisald :P


අපි කට්ටියත් ඉතින් තවත් පැය දෙකක් විතර ඔතනට වෙලා කතා කර කර හිටියා..‍රැ 11 ට විතර අපෙ කලාකාරය @malinthe ගෙ පොටො සෙසන් එකත් ඉවර වෙලා කට්ටිය වෙන වෙලා ගියා


මේ තමා ජිවිතෙ පලමුවෙනි සැරෙට ‍ටුවිටරෙ කට්ටියක් හා හා පුර කියල සෙට් වුනෙ ඉයෙ තමා..ඇත්තටම හරි සතු‍ටුයි :)







වයස..අසරනකම සමග මිනිස්සු

Tuesday, March 22, 2011 3 comments
වෙලාව හවස 6.15තාමත් මම ඔ‍ෆිස් එකේ.අදත් ගෙදර යන්න කියල නම් හිතම් නැති හැඩක් තමයි තියෙන්නෙ..කාටහරි හිතෙවිද දන්නෙ නැ මොන පෙරේතයෙක් ඩ මේ කියල..
එත් ගෙදර කියන දෙ අනිත් හැමොටම වගේ හිතට සතුටක් ගෙන එන තැනක් නොවෙන හින්දම මම දැන් ‍රැ වෙනකම් මෙතනට වෙලා ඉන්න හුරු වෙලා..
හරි ආයෙත් කියන්න ගිය දේ කියල එන්නම්කො..මෙ ලිපිය ලියන්න හිතුනෙ අලුත් රස්සාවට ආවම දැකපු,විදපු දෙවල් නිසා..මෙතන තියෙනවා පොඩි warehouse එකක්..එහෙම කිව්වට එතින් ලොකු ලොකු දෙවල් නෙවෙ මෙතන තියෙන්නෙ..වැඩිම වුනොත් wifi gadget , HSPA dongal, CDMA phones වගෙ දේවල් තමා..හරි මෙතන වැඩ කරන අය ඉන්නවා හය දෙනෙක්..වැඩ කරන අය කිව්වෙ labours.
මේ අයගෙන් 5 දෙනෙක් ම අව් ‍රැදු 30-40 අතර අය, මමත් ඉතින් ආපුම දවස් වල ඉතින් වැඩිය කතාබහක් නැතිව හිටියා,දවස් දෙක තුනක් යද්දි ට්ක ටික කට්ටිය එක්ක කතා කරල ටිකක් විතර fit වුනා.. මම කිව්වනෙ මෙතන වැඩ කරනව 6 දෙනෙක්, ඒ හය දෙනාගෙන් 5දෙනක් ම 30-40 වයස් සීමාවෙ පහුවෙන අය..එත් එක කොල්ලෙක් ගොඩක් පොඩි පාටයි.මම නිකම් ඉන්න වෙලාවෙ ඇහුවා ඔයාට වයස කීයද..මෙ කොල්ල හරිම බයාදු විදිහට කිව්ව මම මහත්තයා 89 කියල..
මට වැඩිය පොඩ්ඩක් විතර වැඩිමල් මේ සහොදරයා මේ විදිහට බර වැඩ කරනව තම්ගෙ ජිවිත සටන ගෙනියන්න... සතියක් විතර මම ටිකක් සොදිසියෙන් හිටියා මේ අයගෙ ජීවන රටාව ගැන..සාමන්යෙන් මම office එකට ඉද්දි උදෙ 8 විතර වෙනවා.. එ ඉද්දිත් මේ කොලුවයි, අනිත් අයයි තමන් ට අයිති යුනිපොම් ඇදගෙන ලැස්ති වෙලා ඉන්නවා..සාමන්යෙන් මම යද්දි හවස 6 විතර වෙනවා එ යද්දිත් මේ 6 දෙනාම වැඩ..පස්සෙ මම ඇහුවා ඔයාල කීය වෙනකම් වැඩ කරනවඩ කියල..
මේ අර සහොදර යා කියපු වදන්.
" මම මහත්ත්යා ‍රැ 9 වෙනකම් විතර වැඩ කරනව,,නැත්තම ඉතින් ජීවත් වෙන්න තරම් ගානක් අතට ගන්න අමාරුයි නෙ..මම ඉන්නෙ කලුතර ඉතින් මෙතන ඉදන් කො‍ටුවට ගිහින් එතන ඉදන් කොච්චියෙ තමා යන්නෙ..කොහමත් යන්න අඩුම ගානෙ පැය තුනක් වත් යනවා..එ කියන්නෙ මේ වෙලවාට off වුනා කියන්නෙ ‍රැ 12 විතර වෙද්දි යන්න පුලුවන්.. උදෙට එද්දිත් ඉතින් 8ට එන්නනම් උදෙ 5 ට විතර එන්න ඔන "
මමත් හිනා වෙල යන්න ගියා එතනින්.. කොයි තරන් වෙහසකර ජීවිතද? දවසින් පැය 18 විතරම වැඩ කරන්නයි ගෙදර යන්නයි එන්නයි ගතකරනව යන්න්තම් අවුරුදු 20 සම්පුර්න වෙච්ච කොල්ලෙක්.. තමන් ටත් බාල අයට " මහත්තයා" කිය කිය ජීවත් වෙනව...
ඇත්තටම ජීවිතෙ ගැන මට පුදුම හිතෙනවා..අපි මෙච්චර දෙවල් තිබිලත් අපිට නැති දෙවල්..නැති වුන දෙවල් ගැන දුක් වෙනවා..අඩනවා..එත් මේ අතරෙ මේ වගෙ දුක් විදින අපේ සහොදරයො ඉන්නවා..


හෙට දවස?

Wednesday, March 9, 2011 3 comments
ආයෙත් ලියනවද නැද්ද..හැමදාම හිතේ හිරවෙලා තියෙන හැගීමක්..ගොඩාක් කාලයක් නොලියා ඉදලා ආයෙත් පාලුව මකා ගන්න කියල ලියන්න හිතුනා..
ජිවිතී වෙනස් වෙලා..හිතාගෙන හිටපු දෙවල් වෙනුවට කවදාවත් නොහිතපු තැනකට ජීවිතේ අද ඇවිදින්.
ගොඩාක් හිර වෙලා තිබුන බලාපොරොත්තු අද වෙනකොට සම්පුර්න්යෙන්ම වාගේ නැති වෙලා ගිහින්..
ජීවිතෙ කලින් නම් ඇත්තටම සුන්දරයි.
ඒත් අද හිස් අවකාශයේ ජිවිතෙයි අතරෙයි ලොකු වෙනසක් නෑ..
හෙට දවස?

වෙනසක්...

Saturday, January 29, 2011 4 comments
"teenage" කියන්නෙ ටිකක් බරපතල වයසක් ලු.. ගොඩක් දේවල් කරන්නයි අනාගන්නයි , හරියන්නයි හැම දේටම සෙට් වෙන වයසක් ..
හෙටින් පස්සේ ඔය කියන අපල කාලෙන් මන් නිදහස් වෙනවා..
අව්රුදු 20... ඇත්තටම ලොකු කාලයක්..ලොකු කාලයකටත් වඩා ජීවිතේ වැදගත්ම කාලයක් කිව්වොත් හරි!
මේ අව්රුදු 20 ඇතුලත් උන දේවල් වල "සතුට","දුක" නම් කියල නිම කරන්න බැර් තරම්..
ජිවිතයේ 3 වෙනි decade එක පටන් ගන්නෙ ටිකක් වෙනසකුත් එක්ක..
හා හා පුරා කියල අව්රුදු 18 දීම පටන් ගත්තු ජොබ් එක අත ඇරල අලුත් තැනල රැකියාවට යනව.හිතේ නම් දුකක් නැතිවම නෙවේ..මෙ අව්රුදු 2කට රැකියාවෙදි නා නා ප්‍රකාර මිනිස්සු හම්බුනා..
ගොඩක් දේවල් තෙරුම් ගත්තා
හිනා උනා,දුක් උනා..අදරේ ලැබුවා..එත්..
ජිවිතයේ අරුත ඇතුලේ වෙන් වීම කියන දේත් ගොඩක් ගැබ් වෙලා තියෙනවා.
එ නිසාම මේ වෙන්වීමත් දරා ගන්න වෙනව..
ඉදින් මේ සටහන ජිවිතයේ ඉදිරිය වෙව්වෙන්..

ජීවිතයක් වෙනුවෙන්..

0 comments
අපි හැමෝම ජිවිතේ ගොඩක් අවස්තාවදි අසරන වෙනවා..සමහර දෙවල් අපි තනියම විසදගන්නවා සමහර දේවල් අපි යාලුවන් ගෙ,දෙමාපියන්ගෙ මාර්ගයෙන් විසදගන්නවා ..
මේත් එ වගේ අපේම සහෝදරයෙක් ගෙ ජිවිතයක් වෙනුවෙන් ආයාචනයක්..
ඉලන්දාරියා..

බ්ලොග් කියන ගොඩක් අය අදුනන චරිතක්..
මේ ඉලන්දාරියාගෙ ජීවිතයට උදව්වක් ඔන කරන වෙලාවක්..අපි කවුරුත් කෝටිපතියො නෙවෙ.
එත් මේ උදව්ව අපි හිතුවොත් කරනන් බැරි දේකුත් නෙවෙ..

පුලුවන් විදිහකින් මෙ වගෙ දක්ෂ සහෝදරයෙක් ගේ ජිවිතයක් වෙනුවෙන් එකතු වෙමු..


දුකා ගේ සටහනින්

ඉලන්දාරියාගෙ සටහනින්


නුබට ලියන වග නම්...

Saturday, January 8, 2011 2 comments
ආදරය..ජීවත් වෙලා ඉන්න කාලෙ වැඩියෙන්ම පාවිච්චිවෙන වචනක් වෙන්න ඇති..ගොඩාල් කාලෙකින් මොකුති නොලිවේ නුබව අමතක වෙලා නෙවේ.



ඒත් ලිය ලිය මේ හිත රිද්දගන්න තවත් බැර් නිසා..ඒත් සමහර වෙලාවට ඒ වේදනාවත් මොකුත් ම නොලියා ඉන්නකොට දැනෙන කාන්සියට වඩා සොදුරුයි..

"නුබ" මන් හිතුව ගොඩක් දුරට ගිහින් කියල මේ හිතෙන්.එහෙම හිතල හරි ජීවත් උනා..එත් කවදාවත්ම නැති විදිහට අද පාලුවක් දැනෙන්නෙ නුබ මුලු හිත පුරාවටම ලැගුම් ගෙන හින්දා...



මේ ජීවිතේ ඇති වෙන ප්‍රස්න ගොඩකට සර්ව සම්පුර්න නොවුනත් එක්තරා දුරකට හොදම උත්තරයක් තමයි කාලය..එත්..

කාලයට පුලුවන් වෙයිද "නුබ" වෙනුවෙන් හාහා පුරා කියල දැනුන ඒ හැගිම තවත් කෙනෙකු වෙනුවෙන් ඇති කරන්න?..



එක කාලය නුබටම බාරයි..



හිත ඇතුවෙනම් කියාගන්න දෙවල් බෝමයි..එත් නුබට අහන්නෙ ඉන්න නම් වෙනදා වගෙ කාලයක් නෑ කියල මන් දන්නව..



එකට එකතුවෙලා ගියපු ගන්ගාවක් වහෙ අපේ ජීවිතය කවදාවත් හම්බවෙන්නෙ නැති රේල් පීලි දෙකක තත්වෙට වැටුනෙ ඇයි කියන දේ මන් අහන්නෙ නෑ..



එත්...



ඔය හිතට ආදරෙ කරන කෙනෙක් තාමත් මේ ලොකෙ කොනක ඉන්නවා..