Content

වයස..අසරනකම සමග මිනිස්සු

Tuesday, March 22, 2011
වෙලාව හවස 6.15තාමත් මම ඔ‍ෆිස් එකේ.අදත් ගෙදර යන්න කියල නම් හිතම් නැති හැඩක් තමයි තියෙන්නෙ..කාටහරි හිතෙවිද දන්නෙ නැ මොන පෙරේතයෙක් ඩ මේ කියල..
එත් ගෙදර කියන දෙ අනිත් හැමොටම වගේ හිතට සතුටක් ගෙන එන තැනක් නොවෙන හින්දම මම දැන් ‍රැ වෙනකම් මෙතනට වෙලා ඉන්න හුරු වෙලා..
හරි ආයෙත් කියන්න ගිය දේ කියල එන්නම්කො..මෙ ලිපිය ලියන්න හිතුනෙ අලුත් රස්සාවට ආවම දැකපු,විදපු දෙවල් නිසා..මෙතන තියෙනවා පොඩි warehouse එකක්..එහෙම කිව්වට එතින් ලොකු ලොකු දෙවල් නෙවෙ මෙතන තියෙන්නෙ..වැඩිම වුනොත් wifi gadget , HSPA dongal, CDMA phones වගෙ දේවල් තමා..හරි මෙතන වැඩ කරන අය ඉන්නවා හය දෙනෙක්..වැඩ කරන අය කිව්වෙ labours.
මේ අයගෙන් 5 දෙනෙක් ම අව් ‍රැදු 30-40 අතර අය, මමත් ඉතින් ආපුම දවස් වල ඉතින් වැඩිය කතාබහක් නැතිව හිටියා,දවස් දෙක තුනක් යද්දි ට්ක ටික කට්ටිය එක්ක කතා කරල ටිකක් විතර fit වුනා.. මම කිව්වනෙ මෙතන වැඩ කරනව 6 දෙනෙක්, ඒ හය දෙනාගෙන් 5දෙනක් ම 30-40 වයස් සීමාවෙ පහුවෙන අය..එත් එක කොල්ලෙක් ගොඩක් පොඩි පාටයි.මම නිකම් ඉන්න වෙලාවෙ ඇහුවා ඔයාට වයස කීයද..මෙ කොල්ල හරිම බයාදු විදිහට කිව්ව මම මහත්තයා 89 කියල..
මට වැඩිය පොඩ්ඩක් විතර වැඩිමල් මේ සහොදරයා මේ විදිහට බර වැඩ කරනව තම්ගෙ ජිවිත සටන ගෙනියන්න... සතියක් විතර මම ටිකක් සොදිසියෙන් හිටියා මේ අයගෙ ජීවන රටාව ගැන..සාමන්යෙන් මම office එකට ඉද්දි උදෙ 8 විතර වෙනවා.. එ ඉද්දිත් මේ කොලුවයි, අනිත් අයයි තමන් ට අයිති යුනිපොම් ඇදගෙන ලැස්ති වෙලා ඉන්නවා..සාමන්යෙන් මම යද්දි හවස 6 විතර වෙනවා එ යද්දිත් මේ 6 දෙනාම වැඩ..පස්සෙ මම ඇහුවා ඔයාල කීය වෙනකම් වැඩ කරනවඩ කියල..
මේ අර සහොදර යා කියපු වදන්.
" මම මහත්ත්යා ‍රැ 9 වෙනකම් විතර වැඩ කරනව,,නැත්තම ඉතින් ජීවත් වෙන්න තරම් ගානක් අතට ගන්න අමාරුයි නෙ..මම ඉන්නෙ කලුතර ඉතින් මෙතන ඉදන් කො‍ටුවට ගිහින් එතන ඉදන් කොච්චියෙ තමා යන්නෙ..කොහමත් යන්න අඩුම ගානෙ පැය තුනක් වත් යනවා..එ කියන්නෙ මේ වෙලවාට off වුනා කියන්නෙ ‍රැ 12 විතර වෙද්දි යන්න පුලුවන්.. උදෙට එද්දිත් ඉතින් 8ට එන්නනම් උදෙ 5 ට විතර එන්න ඔන "
මමත් හිනා වෙල යන්න ගියා එතනින්.. කොයි තරන් වෙහසකර ජීවිතද? දවසින් පැය 18 විතරම වැඩ කරන්නයි ගෙදර යන්නයි එන්නයි ගතකරනව යන්න්තම් අවුරුදු 20 සම්පුර්න වෙච්ච කොල්ලෙක්.. තමන් ටත් බාල අයට " මහත්තයා" කිය කිය ජීවත් වෙනව...
ඇත්තටම ජීවිතෙ ගැන මට පුදුම හිතෙනවා..අපි මෙච්චර දෙවල් තිබිලත් අපිට නැති දෙවල්..නැති වුන දෙවල් ගැන දුක් වෙනවා..අඩනවා..එත් මේ අතරෙ මේ වගෙ දුක් විදින අපේ සහොදරයො ඉන්නවා..


3 comments:

තාරක Dilsh@n at: March 23, 2011 at 8:09 AM said...

ඔය වගේ කතා තව කොච්චර ඇත්ද බන්.
ඒ අතින් අපි වාසනාවන්තයි. ඒත්

ප්‍රාර්ථනා at: March 24, 2011 at 11:04 AM said...

ඔය වෙහෙසකර ජීවිත වල නිමක් නෑ නිසල්.. ඒ ගැන අපි දැන් ගැනීමම..ටිකක් සමාජය දිහා සානුකම්පිතව බලන්න උදව් වෙයි..

නිසල් at: March 24, 2011 at 8:53 PM said...

තාරක ඔව් මචන් එක ඇත්ත
ප්‍රර්තනා හ්ම්ම් ඔව් ජිවීතේ හැමොටම එක වගෙ නැ

Post a Comment

අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..