Content

අපිට ඇති..ඇයට නැති

Tuesday, May 10, 2011
මම ජිවිතෙ මෙ වෙනකම් කරපු දෙයක් තමා මට නැති, නැතිවුන දෙවල් ගැන හිත හිතා දුක් වුන එක.. එත් මෙ ලගකදි මට හම්බුන එක ගැනු ලමයෙක් නිසා මන් ඒ කරපු වැඩෙ කොච්චරනම් මොඩ වැඩක් ද කියල එක මට තෙරුම් ගියා..
මෙ කතාවට මුලික වෙන ගැනු ලමයා මට ඇත්තටමනම් හම්බෙලා නැ..කිසිම දවසක හමුවෙන එකකුත් නැ..සමහර විට....







මන් මෙ ලමයවත් අදුන ගත්තෙ එක්තරා ආකරයක සමාජ ජාල වෙබ් අඩවියකින්.!


එ මොකක්ද කොහෙද කියල නම් මම මෙතන කියන්න යන්නෙ නැ..මොකද සමහර වෙලාවට එක එයාට කරදරයක් වෙන්නත් පුලුවන්..



හරි මෙය අපෙ රටෙත් නෙවෙ.. නමත් ටිකක් වෙනස්.. එත් මම කලින් හිතෙන් හිටියෙ ලන්කාවෙ කෙනෙක් කියලා.මොකද ලන්කාවෙ යලුවොත් ගොඩක් ඉන්නවා.. ක්‍රිකට් පිස්සියෙක් කිව්වොත් හරි..මුලින්ම මට අදුන ගන්න ලැබුනෙ ක්‍රිකට්

ලොක කුසලානෙ දවස් වල..වෙන රටක තරුනියෙක් වුනත් ලන්කාවට සප් එක දි දි පුදුම විදිහට ලන්කාවෙ ක්‍රිකට් රස්කයොත් එක මුලු තරගා වලියම වින්දනය කරපු කෙනෙක්.

ඔය විදිහට මාත් ඉතින් ටිකක් අදුන ගත්තා,, ඔහම ඉතින් ක්‍රිකට් වසන්තයත් ඉවර වුනා.



ජිවිතෙ සාමන්ය විදිහට ගාලා ගෙන ගියා,,






මෙ ලගකදි හිත ටිකක් අවුල් වෙලාවක දාපු "කතාවකට" මෙ තරුනිය උත්තරයක්  (Reply)

එකක් දාල අහල තිනුනා මොකක්ද ප්‍රශ්නෙ කියලා..



මමත් ඉතින් එයාට එ වෙල හිතෙ තිබුන ප්‍රශ්නෙ Screen shot
එකකට අරගෙන පින්තුරයක් විදිහට මෙ ගැනුලමයට යැවුවා එක බැලුවම තෙරුම් යාවි කියලා..
 
ඊට පස්සෙ මට ආපු උත්තරෙ තමා ..
 
" i'm blind so i cant see this ..please tell me whats there :) "
 
මට ඔය වෙල ටිකක් තරහ ගියා මොකක්ද මෙ කියන්නෙ කියලා..හැම දෙටම රිප්ලයි කර කර මොකක්ද මෙ කියන කතාව කියල
 
ඊට පස්සෙ මම ඇහුවා
" what the hell u mean ? are u joking ? S: "
 
 
කියල.. ඊට පස්සෙ ආපු රිප්ලයි එක තමා
 
"of course i am not kidding. ask xxx :) I read with a screen reader, it reads for me on the computer"
 
 
ඔතන XXX කියල තියෙන්නෙ එයයි මායි දෙන්නම දන්න යාලුවෙක්
 
ගෙ නමක්..



මෙක අහපු ගමන් මාව කරකවල අත ඇරියා වගෙ..






ඔව් මෙ ගැනු ලමයා අන්ධයි...
 
 
  හිතට එ වෙලෙ දැනුන හැගිම් නම් මෙතන තෙරුම් කරනන් අමාරුයි..අපිත් එක්ක ක්‍රිකට් කාලෙක එකතු වෙලා සතු‍ටු වුන මෙ ගැනු ලමයා ඉන්නෙ තත්වෙ මෙකයි කියලා දැන ගතතම...







ජිවිතෙ හරි කුරිරුයි නෙද?






මන් මෙ ලිපිය ලියන්නෙ මෙ කියන ගැනු ලමයට අපහාසය කරනන්වත් එ වගෙ කිසිම දෙකට නෙවෙ..


මට අද මෙ ගැනු ලමයා ගැන හිතෙ පුදුම විදිහෙ පැහැදිමක්!


ගෞවුරයක්!






ඇය ජිවිතෙ මෙච්චර දෙයක් නැති වෙලත් කිසිම දවසක එ වෙනුවෙන් දුක් වෙවි කිසිම දෙයක් කියල නැ..






තමන්ට පුලුවන් හැම වෙලෙම ජිවිතෙ සතු‍ටු වෙන්න පුලුවන් හැම දෙම කරනව..එත් තමන් ගෙ රටෙ අයත් එකක් විතරක් නෙවෙ..
 
  එත් අපි ?
 
ඔව් අපි ජිවිතෙ ගොඩක් වෙලාවට කරන්නෙ නැති දෙයක් ගැන දුක් වෙවි හිටපු එක..ඉන්න එක.. එත් මෙ වගෙ චරිත දකිද්දි තාම අපිට තෙරෙන්නෙ  ජ්විතෙ නැති දෙවල් ගැන හිත හිතා දුක් වෙනවට වාඩා අපිත ජිවිතෙ වෙනුවෙන් ජිවිත වෙන්න , සතු ‍ටු වෙන්න පුලුවන් කියල එක!
 
 
 




12 comments:

Anonymous at: May 10, 2011 at 1:05 AM said...

really touching.. tears :'(

අනූ at: May 10, 2011 at 2:32 AM said...

අනේ ලස්සන පෝස්ට් එකක්..මගෙ ඇස් වල්ට කඳුලු ආවා මේක කියවලා..ඇත්තටම අපි නැති දේවල් ගැන ගැන බොරුවට දුක් වෙද්දි දුක් වෙන්න ඔනි අය හිතේ ශක්තියෙන් හිනා වෙලා ඉන්නවා,

RanDil at: May 10, 2011 at 2:33 AM said...

ම්......... ම්......... මිරිවැඩි සඟලක් ඉල්ලා හැඬුවෙමි දෙපා නොමැති නුඹ දකිනතුරා...........

kombuwa at: May 10, 2011 at 2:59 AM said...

සහතික ඇත්ත. හරිම සංවේදී සිදුවීමක්.

Anonymous at: May 10, 2011 at 5:00 AM said...

සිත අවධි කරයි....

Anonymous at: May 10, 2011 at 7:48 AM said...

සැහෙන සංවේදී ලිපියක්.මේ ගැන නේද අපි එදා කතා උනේ...මොනා උනත් මටත් තාම විශ්වාස කරන්න බෑ මේ ගැන :/

නිෂ් at: May 10, 2011 at 9:15 AM said...

හදවතට කතා කරපු post 1k

නිසල් at: May 10, 2011 at 8:18 PM said...

අනු..
ඔව් ජිවිතෙ හරි පුදුමයි නෙ ?

කොම්බුව.. නිශ්..අන්ජුල

ජීවිතෙ හැමොටම එක හැන්දෙන් බෙදන්නෙ නැ.. එත් මෙවගෙ අයගෙ දහිරිය දකිදි හිතට මාර සතුටක් දැනෙන්නෙ..

ප්‍රාර්ථනා at: June 22, 2011 at 11:46 PM said...

එයා ක්‍රිකට් වින්දනය කරන්න ඇත්තේ කොහොමද කියලා හිතන්න ඇසුත් පෙනෙන්නේ නැතුව..? ඇත්ත.. එයට ගෞරව කල යුතුයි..

ඔබේ නමින්.. at: August 9, 2011 at 3:30 AM said...

ඇස් තියෙන අපිට මොනවද බැරි....
ඒත් මොනවද අපි කරන්නේ....
දෙයක් නැතිවෙනකම් එකේ වටිනාකම අපි තේරැම් ගන්නේ නැ..
එයා නම් අපුරැයි......ඇස් නැති වුනත් ඡිවි‍තේ දකිනවා..........

සිහිනයක මියැදුණ සිතක් at: September 13, 2011 at 9:03 PM said...

වටිනා ලිපියක් නිසල් බොහෝම ලස්සනට ලියලා තියෙනවා අවාසනාවට ඇත්ත කතාවක් ජයවේවා.!

නිසල් at: September 13, 2011 at 9:34 PM said...

ඔව් අවාසනාවට ඇත්ත කතාවක්

Post a Comment

අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..