Content

නුබ මට හිමි නැති බැවු..

Thursday, November 11, 2010
" නුබ මට හිමි නැති බැවු
සිත නෑ අදහන්නෙ ..

සිත හැඩුවා ඇති දැන්
නුබ නෑ යලි එන්නෙ"

  මේ සින්දුව හිතට ආවෙ කොයි වෙලාවෙද , හෝ ඇයිද කියන එක නම් මට මතක නෑ,ඒත් දැන් දවස් දෙක තුනක එදන්ම ඔය සින්දුව හිතේ දෝන්කාර දෙනව කියලනම් මතකයි..

සින්දුවේ ඔය පද දෙකයි මගේ ජීවිතේ අතරෙයි කොයිතරම් ලොකු සම්බන්දයක් තියෙනවද කියල මටම හිතාගන්න බෑ..කාලය ගොඩක් ඈතට ගෙවිලා ගිහින්..ගොඩක් දේවල් වෙනස් වෙලා එත් "ඔයා" තාවත් නොවෙනස් ව හිතට අරක් ගෙන ඉන්නෙ ඇයි කියන දේ තෙරුම් ගන්න බැරිව මම තාමත් ලතවෙනවා..


ඇත්තටම ජීවිතේ දි ඇති වෙන ආදරේ මොකක්ද ? එක ඇති වෙන්නෙ එක පාරක් විතරද?
 තාමත් මගෙ හිතේ තියෙන නොවිසිදුන ප්‍රස්න...

 ඒ කිසිම දේකට මන් ගාව අද උත්තර නෑ..මම දන්න එක ම දේ මගෙ ජීව්තේ වස්සානයත් අරගෙන ඔයා ගිහින්..

මම තවත් බලගෙන ඉන්නවා..ඒත් ඒ වස්සානෙ එනකම් ද නැත්තම ගිම්හානෙ වෙනකම්ද මම දන්නෙ නෑ...

3 comments:

ප්‍රාර්ථනා at: November 11, 2010 at 5:58 PM said...

මමත් ඔය ගීතයට ගොඩක් කැමති නිසල්...
හ්ම්... ඔයගේ හිතෙන් ඇය යන්නැත්තේ..
සමහර විට ආයෙත් එන බලාපොරොත්තුවෙන්ද දන්නෙ නෑ..
ඒ කියන්නේ...බලාපොරොත්තු අපිව ජීවත් කරවන නිසා... හිතේ ඇය ඉන්නවා කියන්නේ...
ඔයා තාම ඇය බලාපොරොත්තුවෙන් කියන එක..

ප්‍රාර්ථනා at: November 11, 2010 at 5:58 PM said...
This comment has been removed by the author.
නිසල් at: November 12, 2010 at 7:28 AM said...

ඔව් සමහර විට ඒත් මමවත් උත්තරයක් දන්නෙ නෑ ප්‍රර්තනා

Post a Comment

අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..