Content

මේ දවස් වල..

Sunday, March 27, 2011 4 comments
මේ දවල් වල ජීවිතය.. පරන යාලුවො හම්බුනාම අනිවර්යෙන්ම අහන ප්‍රස්නයක් තමා



" කොහමද මේ දවස් වල ජීවිතය?"


සාමන්ය උත්තරය තමයි


" හොදයි බන්..ඔහෙ ඉන්නවා"


එකෙනුත් ශේප්..


මම අද මගෙන් ම අහගතත ඇත්තටම කොහමඩ බන් මේ දවක් වල ජීවිතය...
 
හැමොටම සරල විදිහට උත්තර දුන්නට " ඔහෙ ඉන්නව බන් " කියල ඇත්තටම උත්තරේ මොකක්ද...



දැන් තමයි ටිකක් බැ‍රැරුම් විදිහට මේ ප්‍රස්නෙ ඔලුවට ආවෙ...


ජිවිතේ.. කොහෙටද ගලන්නෙ.. මොනාද මම කරන්නෙ...


ඇත්ත්තම කියනවනම් මම දන්නෙත් නැ.. මොකද මේ ජිවිතෙ මගෙ..මමයි මේ ඔරුවෙ හබල් කාරය කියල හිතුවට මොකද දැන්නම් මට දැනෙන්නෙ මේ ඔරුව පාලයන කරන්නෙ මම නෙවේ..මේ ගගෙ ‍රැලි වලට ඔන ඔන විදිහට ඔරුව පාවෙනවා මිසක් මට ඔන පැත්තකට මේ ඔරුව යන්නෙ නැ කියන දේ මට තෙරිලා ඉවරයි..
හැබයි තවම් මේ විදිහට ජිවීතෙට ඔන විදිහට ගලාගෙන යන්න ඉඩ දෙනවද..



ප්‍රශ්නයක්.. ඔව් ලොකු ප්‍රශ්නයක්..
මම හිතන්නෙ ජිවිතෙ ගැන ස්තිර තිරනයක් ගන්න කාලය ඇවිත්..

ටුවිටරේ අපි සෙට් වෙලා

Friday, March 25, 2011 3 comments




ඊයෙ , එ කියන්නෙ මර්තු 25 , තවත් සාමන්ය වැඩ කරන දවසක්..පුරුදු විදිහටම ට්වීට් පරක් දාගෙන වැඩට ගිහින් ඉතින් ඔහෙ තියෙන වැඩ ටිකත් කරගෙන හිටියා..
හවසට ටිකක් ‍ෆ්‍රී වෙලාවක් හම්බුනාම අයෙත් ගියා ‍ටුවිටරෙ පැත්තී.. මෙන්න කට්ටිය හොරෙන්ම සෙට් වෙන්න කතාව වෙනවා..මටත් ඉතින් ඔන නැති දෙයක් නැති නිසා මමත් පොඩ්ඩක් මැදින් පැනල ඇහුවා "ආ කට්ටිය අද සෙට් වෙන්නද යන්නෙ කියල.."




විනාඩි දෙක තුනක් යද්දි @plozie අය්යගෙන් උත්තරය් ආව..
" ඔව් මචන් හවස කට්ටිය පොඩ්ඩක් සෙට් වෙනන් කියල බැලුවෙ .. වැඩක් නැත්තම් urban kitchen එක පැත්තෙ වරෙන්"
කියල..මමත් මගෙ යාලුවෙක් ව බලන්න කොලොබ general hospital එක පැත්තෙ යන්න හිතාගෙන හිටපු නිසා මමත් වැඩෙට සෙට් වුනා..
කොහම හරි පැයක් විතර කලින් ඔ‍ෆිස් එකෙනුත් පැනල ඉස්පිරිතාලෙ පැත්තෙ ගිහින් යාලුවවත් බලලා.. හය වෙද්දි ට්විටරෙ සෙට් එක හම්බෙන්න යනන් කියක එලියට බැස්සා.
එලියට බැස්සට මොකද මම තැන දන්නෙත් නැ.. මීට කලින් මේ කාවවත් මුනට හම්බවෙලත් නැ..
මමත් ඉතින් @udithaumesh ටයි @polzie ටයි කොල් කර කර යන්තම් urban kitchen එක තියෙන තැන හොයාගතත..


entrance එක ගාවදිම @polzie අයියවත් හම්බුනා.. කොහම හරි එයත් එක්කම ඇතුලට යද්දි මෙන්න සෙට් එකක් ම ඉන්නවා ඉදගෙන.. ටිවිටරෙ කොච්චර කැ ගැහුවත් මම හැබැහින් හරි සාමකාමි , නිශ්ශබ්ද මිනිහා,,ඉතින් ගිහින් මමත් හරි සාම කාමි විදිහට හිටියා .
ඔතන ඉතින් සාමන්ය විදිහට අර හැම දිස්සෙම කැ ගහන උදිත උමෙසුයි..කොලිත බී බී බී යි සතු‍ටු සාමච්චිය පටන් ගත්තා..


කතාව විතරක්ම ගිහිනුත් බැ නෙ .. අග රත් වෙන්නත් එක්ක පොඩි බීර විදුරුවක් දෙක අරගෙන කට්ටිය ආතල් එකෙ වුන දෙවල්..වෙන දෙවල් ඔන්ලියින් ජීවිතය.. සැබැ ජිවිතය ය ගැන කතා කර කර හිටියා...
කොහම කොහම හරි බීර විදුරුව එක දෙක වෙලා ඩෙක තුන වෙලා.. ඕහම ඔහම ගියා..
සමහර ඇයො ඉතින් බීර නොබී එකට හරියන්න කොකුත් එක්ක බයිට් කන්න ගත්තා :P


මුලින්ම ටිකක් හදිස්සි කරායො ටික කලින්ම ගියා..
හදිඩ්ස්සි කාරයො කිව්වෙ


@udithaumesh , @chamilad සහ තවත් දෙන්නෙක්.. ( සමා වෙනන් ඔන ‍ටුවිටර් IDදෙක මතක නැ )


හරි දැන් ඉතුරු වෙලා ඉන්නෙ @maranaya @polzie @udaramud @gayanmw @malinthe @kolithabee සහ මම @nisald :P


අපි කට්ටියත් ඉතින් තවත් පැය දෙකක් විතර ඔතනට වෙලා කතා කර කර හිටියා..‍රැ 11 ට විතර අපෙ කලාකාරය @malinthe ගෙ පොටො සෙසන් එකත් ඉවර වෙලා කට්ටිය වෙන වෙලා ගියා


මේ තමා ජිවිතෙ පලමුවෙනි සැරෙට ‍ටුවිටරෙ කට්ටියක් හා හා පුර කියල සෙට් වුනෙ ඉයෙ තමා..ඇත්තටම හරි සතු‍ටුයි :)







වයස..අසරනකම සමග මිනිස්සු

Tuesday, March 22, 2011 3 comments
වෙලාව හවස 6.15තාමත් මම ඔ‍ෆිස් එකේ.අදත් ගෙදර යන්න කියල නම් හිතම් නැති හැඩක් තමයි තියෙන්නෙ..කාටහරි හිතෙවිද දන්නෙ නැ මොන පෙරේතයෙක් ඩ මේ කියල..
එත් ගෙදර කියන දෙ අනිත් හැමොටම වගේ හිතට සතුටක් ගෙන එන තැනක් නොවෙන හින්දම මම දැන් ‍රැ වෙනකම් මෙතනට වෙලා ඉන්න හුරු වෙලා..
හරි ආයෙත් කියන්න ගිය දේ කියල එන්නම්කො..මෙ ලිපිය ලියන්න හිතුනෙ අලුත් රස්සාවට ආවම දැකපු,විදපු දෙවල් නිසා..මෙතන තියෙනවා පොඩි warehouse එකක්..එහෙම කිව්වට එතින් ලොකු ලොකු දෙවල් නෙවෙ මෙතන තියෙන්නෙ..වැඩිම වුනොත් wifi gadget , HSPA dongal, CDMA phones වගෙ දේවල් තමා..හරි මෙතන වැඩ කරන අය ඉන්නවා හය දෙනෙක්..වැඩ කරන අය කිව්වෙ labours.
මේ අයගෙන් 5 දෙනෙක් ම අව් ‍රැදු 30-40 අතර අය, මමත් ඉතින් ආපුම දවස් වල ඉතින් වැඩිය කතාබහක් නැතිව හිටියා,දවස් දෙක තුනක් යද්දි ට්ක ටික කට්ටිය එක්ක කතා කරල ටිකක් විතර fit වුනා.. මම කිව්වනෙ මෙතන වැඩ කරනව 6 දෙනෙක්, ඒ හය දෙනාගෙන් 5දෙනක් ම 30-40 වයස් සීමාවෙ පහුවෙන අය..එත් එක කොල්ලෙක් ගොඩක් පොඩි පාටයි.මම නිකම් ඉන්න වෙලාවෙ ඇහුවා ඔයාට වයස කීයද..මෙ කොල්ල හරිම බයාදු විදිහට කිව්ව මම මහත්තයා 89 කියල..
මට වැඩිය පොඩ්ඩක් විතර වැඩිමල් මේ සහොදරයා මේ විදිහට බර වැඩ කරනව තම්ගෙ ජිවිත සටන ගෙනියන්න... සතියක් විතර මම ටිකක් සොදිසියෙන් හිටියා මේ අයගෙ ජීවන රටාව ගැන..සාමන්යෙන් මම office එකට ඉද්දි උදෙ 8 විතර වෙනවා.. එ ඉද්දිත් මේ කොලුවයි, අනිත් අයයි තමන් ට අයිති යුනිපොම් ඇදගෙන ලැස්ති වෙලා ඉන්නවා..සාමන්යෙන් මම යද්දි හවස 6 විතර වෙනවා එ යද්දිත් මේ 6 දෙනාම වැඩ..පස්සෙ මම ඇහුවා ඔයාල කීය වෙනකම් වැඩ කරනවඩ කියල..
මේ අර සහොදර යා කියපු වදන්.
" මම මහත්ත්යා ‍රැ 9 වෙනකම් විතර වැඩ කරනව,,නැත්තම ඉතින් ජීවත් වෙන්න තරම් ගානක් අතට ගන්න අමාරුයි නෙ..මම ඉන්නෙ කලුතර ඉතින් මෙතන ඉදන් කො‍ටුවට ගිහින් එතන ඉදන් කොච්චියෙ තමා යන්නෙ..කොහමත් යන්න අඩුම ගානෙ පැය තුනක් වත් යනවා..එ කියන්නෙ මේ වෙලවාට off වුනා කියන්නෙ ‍රැ 12 විතර වෙද්දි යන්න පුලුවන්.. උදෙට එද්දිත් ඉතින් 8ට එන්නනම් උදෙ 5 ට විතර එන්න ඔන "
මමත් හිනා වෙල යන්න ගියා එතනින්.. කොයි තරන් වෙහසකර ජීවිතද? දවසින් පැය 18 විතරම වැඩ කරන්නයි ගෙදර යන්නයි එන්නයි ගතකරනව යන්න්තම් අවුරුදු 20 සම්පුර්න වෙච්ච කොල්ලෙක්.. තමන් ටත් බාල අයට " මහත්තයා" කිය කිය ජීවත් වෙනව...
ඇත්තටම ජීවිතෙ ගැන මට පුදුම හිතෙනවා..අපි මෙච්චර දෙවල් තිබිලත් අපිට නැති දෙවල්..නැති වුන දෙවල් ගැන දුක් වෙනවා..අඩනවා..එත් මේ අතරෙ මේ වගෙ දුක් විදින අපේ සහොදරයො ඉන්නවා..


හෙට දවස?

Wednesday, March 9, 2011 3 comments
ආයෙත් ලියනවද නැද්ද..හැමදාම හිතේ හිරවෙලා තියෙන හැගීමක්..ගොඩාක් කාලයක් නොලියා ඉදලා ආයෙත් පාලුව මකා ගන්න කියල ලියන්න හිතුනා..
ජිවිතී වෙනස් වෙලා..හිතාගෙන හිටපු දෙවල් වෙනුවට කවදාවත් නොහිතපු තැනකට ජීවිතේ අද ඇවිදින්.
ගොඩාක් හිර වෙලා තිබුන බලාපොරොත්තු අද වෙනකොට සම්පුර්න්යෙන්ම වාගේ නැති වෙලා ගිහින්..
ජීවිතෙ කලින් නම් ඇත්තටම සුන්දරයි.
ඒත් අද හිස් අවකාශයේ ජිවිතෙයි අතරෙයි ලොකු වෙනසක් නෑ..
හෙට දවස?

වෙනසක්...

Saturday, January 29, 2011 4 comments
"teenage" කියන්නෙ ටිකක් බරපතල වයසක් ලු.. ගොඩක් දේවල් කරන්නයි අනාගන්නයි , හරියන්නයි හැම දේටම සෙට් වෙන වයසක් ..
හෙටින් පස්සේ ඔය කියන අපල කාලෙන් මන් නිදහස් වෙනවා..
අව්රුදු 20... ඇත්තටම ලොකු කාලයක්..ලොකු කාලයකටත් වඩා ජීවිතේ වැදගත්ම කාලයක් කිව්වොත් හරි!
මේ අව්රුදු 20 ඇතුලත් උන දේවල් වල "සතුට","දුක" නම් කියල නිම කරන්න බැර් තරම්..
ජිවිතයේ 3 වෙනි decade එක පටන් ගන්නෙ ටිකක් වෙනසකුත් එක්ක..
හා හා පුරා කියල අව්රුදු 18 දීම පටන් ගත්තු ජොබ් එක අත ඇරල අලුත් තැනල රැකියාවට යනව.හිතේ නම් දුකක් නැතිවම නෙවේ..මෙ අව්රුදු 2කට රැකියාවෙදි නා නා ප්‍රකාර මිනිස්සු හම්බුනා..
ගොඩක් දේවල් තෙරුම් ගත්තා
හිනා උනා,දුක් උනා..අදරේ ලැබුවා..එත්..
ජිවිතයේ අරුත ඇතුලේ වෙන් වීම කියන දේත් ගොඩක් ගැබ් වෙලා තියෙනවා.
එ නිසාම මේ වෙන්වීමත් දරා ගන්න වෙනව..
ඉදින් මේ සටහන ජිවිතයේ ඉදිරිය වෙව්වෙන්..

ජීවිතයක් වෙනුවෙන්..

0 comments
අපි හැමෝම ජිවිතේ ගොඩක් අවස්තාවදි අසරන වෙනවා..සමහර දෙවල් අපි තනියම විසදගන්නවා සමහර දේවල් අපි යාලුවන් ගෙ,දෙමාපියන්ගෙ මාර්ගයෙන් විසදගන්නවා ..
මේත් එ වගේ අපේම සහෝදරයෙක් ගෙ ජිවිතයක් වෙනුවෙන් ආයාචනයක්..
ඉලන්දාරියා..

බ්ලොග් කියන ගොඩක් අය අදුනන චරිතක්..
මේ ඉලන්දාරියාගෙ ජීවිතයට උදව්වක් ඔන කරන වෙලාවක්..අපි කවුරුත් කෝටිපතියො නෙවෙ.
එත් මේ උදව්ව අපි හිතුවොත් කරනන් බැරි දේකුත් නෙවෙ..

පුලුවන් විදිහකින් මෙ වගෙ දක්ෂ සහෝදරයෙක් ගේ ජිවිතයක් වෙනුවෙන් එකතු වෙමු..


දුකා ගේ සටහනින්

ඉලන්දාරියාගෙ සටහනින්


නුබට ලියන වග නම්...

Saturday, January 8, 2011 2 comments
ආදරය..ජීවත් වෙලා ඉන්න කාලෙ වැඩියෙන්ම පාවිච්චිවෙන වචනක් වෙන්න ඇති..ගොඩාල් කාලෙකින් මොකුති නොලිවේ නුබව අමතක වෙලා නෙවේ.



ඒත් ලිය ලිය මේ හිත රිද්දගන්න තවත් බැර් නිසා..ඒත් සමහර වෙලාවට ඒ වේදනාවත් මොකුත් ම නොලියා ඉන්නකොට දැනෙන කාන්සියට වඩා සොදුරුයි..

"නුබ" මන් හිතුව ගොඩක් දුරට ගිහින් කියල මේ හිතෙන්.එහෙම හිතල හරි ජීවත් උනා..එත් කවදාවත්ම නැති විදිහට අද පාලුවක් දැනෙන්නෙ නුබ මුලු හිත පුරාවටම ලැගුම් ගෙන හින්දා...



මේ ජීවිතේ ඇති වෙන ප්‍රස්න ගොඩකට සර්ව සම්පුර්න නොවුනත් එක්තරා දුරකට හොදම උත්තරයක් තමයි කාලය..එත්..

කාලයට පුලුවන් වෙයිද "නුබ" වෙනුවෙන් හාහා පුරා කියල දැනුන ඒ හැගිම තවත් කෙනෙකු වෙනුවෙන් ඇති කරන්න?..



එක කාලය නුබටම බාරයි..



හිත ඇතුවෙනම් කියාගන්න දෙවල් බෝමයි..එත් නුබට අහන්නෙ ඉන්න නම් වෙනදා වගෙ කාලයක් නෑ කියල මන් දන්නව..



එකට එකතුවෙලා ගියපු ගන්ගාවක් වහෙ අපේ ජීවිතය කවදාවත් හම්බවෙන්නෙ නැති රේල් පීලි දෙකක තත්වෙට වැටුනෙ ඇයි කියන දේ මන් අහන්නෙ නෑ..



එත්...



ඔය හිතට ආදරෙ කරන කෙනෙක් තාමත් මේ ලොකෙ කොනක ඉන්නවා..