Content

‍ටුවිටරෙ සහ ලාන්කීය වෙළද නාම..

Sunday, June 26, 2011 5 comments
ඊයෙ රත්තිරියාමෙ සිද්ද වුන සිද්දියක් අලලා තමා මේ ලිපිය ලියනන් හිතුනෙ. ඇත්තටම ලියනනද නැද්ද කියලත් කිහිප සැරයක් ම කලපනා කලා මොකද සමහර විට මෙකෙන් සමහරෙක් ගෙ හිත වුනත් රිදෙන්න බැරි කමක් නැති නිසා..








එත් ඉතින් මෙකෙන් කියන්නෙ මගෙ අදහස විතරක් නිසා කමක් නැ කියල හිතෙනවා..
 
දැන් දැන් ලන්කාවෙ වෙලද නාම සමාජ ජාල වෙබ් අඩවි වල Marketing කියන දෙට යොමු වෙමින් පවතිනවා, ඇත්තටම එක හොද දෙයක් , මොකද හැමදාම ගතානුගතික විදිහට marketing කරනවට වඩා කාලයෙ හැටියට පාරිබොකිකයො අතරට යන එක වැ‍රැද්දක් නෙවෙ..


හරි ඔය විදිහට ආපු එක " වෙලද නාමයක්" ‍ටුවිටරෙ කට්ටියත් එක්ක සහයොගයෙන් තමන්ගෙ  
Marketing campaign එක පටන් ගත්තා..ඊට පස්සෙ ‍ටුවිටරෙම කට්ටියකට ( මාත් ඇතුලුව) treat එකක් ලබා දිලා ඇතිවුන සිද්දියක් අරබයා ඇති වුන දෙයක් ගැන තමා මන් මෙ ලිපියෙ මුලින් ම සදහන් කලෙ
 
 


මම එ ගැන සවිස්තරාත්මකව මෙතන කතා කරන යන්නෙ නැ මොකද මම හිතනවා මෙ වෙනකොට දැන ගත යුතු සියලුම පුද්ගලයො ඒ ගැන දන්නවා..


එත් මෙ ලිපියෙ අදහස තමා ඇත්තටම Social marketing කියන දෙ ඇතුලෙ වෙලද නාමයක තියෙන්නෙ ඔන තත්වය / Standerd එක මොකක්ද කියන එක,








කලින් වතාවක් මෙ වගෙම එක වෙලද නාමයක් ටිවිටරෙ තුල Marketing සදහා පැමින අවසානයෙදි මල කරදරයක් බවට පති වුනා.  (Pain in the ass :| )




මොකද ඔවුන්ට වෙලද නාමයක් තුල රදවා ගත යුතු තත්වය ඔවුන් රදවා ගත්තෙ නැ..අවසානයෙදි ඔවුන්ට තමන් ගෙ  Followers


ලා විශාල ප්‍රමානයක් අහිමු කරගනන් සිද්ද වුනා ඔවුන් ගෙ ‍ටුවිටරෙ තුල හැසිරීම තුලින්.








මගෙ අදහස නම් වෙලද නාමයක්  Social marketing කියන දෙට ඇතුල් වෙද්දි ඔවුන්ට ආචාර ධර්ම පද්ධතියක් තිබිය යුතුයි, මොකද ලන්කාව තුල වෙලද නාම Social media වලට ඇතුල් වෙනවා කියන දෙ හොද දෙයක්..








එත් එය තුල තම් ගෙ තත්වය පවත්වාගෙන යාම ඔවුන් ගෙ යුතුකමක්!

අපිට ඇති..ඇයට නැති

Tuesday, May 10, 2011 12 comments
මම ජිවිතෙ මෙ වෙනකම් කරපු දෙයක් තමා මට නැති, නැතිවුන දෙවල් ගැන හිත හිතා දුක් වුන එක.. එත් මෙ ලගකදි මට හම්බුන එක ගැනු ලමයෙක් නිසා මන් ඒ කරපු වැඩෙ කොච්චරනම් මොඩ වැඩක් ද කියල එක මට තෙරුම් ගියා..
මෙ කතාවට මුලික වෙන ගැනු ලමයා මට ඇත්තටමනම් හම්බෙලා නැ..කිසිම දවසක හමුවෙන එකකුත් නැ..සමහර විට....







මන් මෙ ලමයවත් අදුන ගත්තෙ එක්තරා ආකරයක සමාජ ජාල වෙබ් අඩවියකින්.!


එ මොකක්ද කොහෙද කියල නම් මම මෙතන කියන්න යන්නෙ නැ..මොකද සමහර වෙලාවට එක එයාට කරදරයක් වෙන්නත් පුලුවන්..



හරි මෙය අපෙ රටෙත් නෙවෙ.. නමත් ටිකක් වෙනස්.. එත් මම කලින් හිතෙන් හිටියෙ ලන්කාවෙ කෙනෙක් කියලා.මොකද ලන්කාවෙ යලුවොත් ගොඩක් ඉන්නවා.. ක්‍රිකට් පිස්සියෙක් කිව්වොත් හරි..මුලින්ම මට අදුන ගන්න ලැබුනෙ ක්‍රිකට්

ලොක කුසලානෙ දවස් වල..වෙන රටක තරුනියෙක් වුනත් ලන්කාවට සප් එක දි දි පුදුම විදිහට ලන්කාවෙ ක්‍රිකට් රස්කයොත් එක මුලු තරගා වලියම වින්දනය කරපු කෙනෙක්.

ඔය විදිහට මාත් ඉතින් ටිකක් අදුන ගත්තා,, ඔහම ඉතින් ක්‍රිකට් වසන්තයත් ඉවර වුනා.



ජිවිතෙ සාමන්ය විදිහට ගාලා ගෙන ගියා,,






මෙ ලගකදි හිත ටිකක් අවුල් වෙලාවක දාපු "කතාවකට" මෙ තරුනිය උත්තරයක්  (Reply)

එකක් දාල අහල තිනුනා මොකක්ද ප්‍රශ්නෙ කියලා..



මමත් ඉතින් එයාට එ වෙල හිතෙ තිබුන ප්‍රශ්නෙ Screen shot
එකකට අරගෙන පින්තුරයක් විදිහට මෙ ගැනුලමයට යැවුවා එක බැලුවම තෙරුම් යාවි කියලා..
 
ඊට පස්සෙ මට ආපු උත්තරෙ තමා ..
 
" i'm blind so i cant see this ..please tell me whats there :) "
 
මට ඔය වෙල ටිකක් තරහ ගියා මොකක්ද මෙ කියන්නෙ කියලා..හැම දෙටම රිප්ලයි කර කර මොකක්ද මෙ කියන කතාව කියල
 
ඊට පස්සෙ මම ඇහුවා
" what the hell u mean ? are u joking ? S: "
 
 
කියල.. ඊට පස්සෙ ආපු රිප්ලයි එක තමා
 
"of course i am not kidding. ask xxx :) I read with a screen reader, it reads for me on the computer"
 
 
ඔතන XXX කියල තියෙන්නෙ එයයි මායි දෙන්නම දන්න යාලුවෙක්
 
ගෙ නමක්..



මෙක අහපු ගමන් මාව කරකවල අත ඇරියා වගෙ..






ඔව් මෙ ගැනු ලමයා අන්ධයි...
 
 
  හිතට එ වෙලෙ දැනුන හැගිම් නම් මෙතන තෙරුම් කරනන් අමාරුයි..අපිත් එක්ක ක්‍රිකට් කාලෙක එකතු වෙලා සතු‍ටු වුන මෙ ගැනු ලමයා ඉන්නෙ තත්වෙ මෙකයි කියලා දැන ගතතම...







ජිවිතෙ හරි කුරිරුයි නෙද?






මන් මෙ ලිපිය ලියන්නෙ මෙ කියන ගැනු ලමයට අපහාසය කරනන්වත් එ වගෙ කිසිම දෙකට නෙවෙ..


මට අද මෙ ගැනු ලමයා ගැන හිතෙ පුදුම විදිහෙ පැහැදිමක්!


ගෞවුරයක්!






ඇය ජිවිතෙ මෙච්චර දෙයක් නැති වෙලත් කිසිම දවසක එ වෙනුවෙන් දුක් වෙවි කිසිම දෙයක් කියල නැ..






තමන්ට පුලුවන් හැම වෙලෙම ජිවිතෙ සතු‍ටු වෙන්න පුලුවන් හැම දෙම කරනව..එත් තමන් ගෙ රටෙ අයත් එකක් විතරක් නෙවෙ..
 
  එත් අපි ?
 
ඔව් අපි ජිවිතෙ ගොඩක් වෙලාවට කරන්නෙ නැති දෙයක් ගැන දුක් වෙවි හිටපු එක..ඉන්න එක.. එත් මෙ වගෙ චරිත දකිද්දි තාම අපිට තෙරෙන්නෙ  ජ්විතෙ නැති දෙවල් ගැන හිත හිතා දුක් වෙනවට වාඩා අපිත ජිවිතෙ වෙනුවෙන් ජිවිත වෙන්න , සතු ‍ටු වෙන්න පුලුවන් කියල එක!
 
 
 




හීන...

Wednesday, May 4, 2011 3 comments
හීන...



මන් මෙ කතා කරන්න යන්නෙ නම් ‍රැට දකින හීන ගැන නම් නෙවෙ. ජිවිතෙ ජිවත් කරන්න ..ජිවත් වෙන්න අපිට තියෙන බලාපොරොත්තු,හීන ගැන.


ජිවිතෙ එක එක කාල වලදි අපි එක එක හීන දකිනවා.. එත් මම හිතෙන්නෙ ඊ හින වලින් ජිවිතෙට ලොකුම බලපැමක් කරනන් පුලුවන් අවුරුදු 15-20 අතර කාලෙ අපෙ හිතෙ ඇති වෙන බලාපොරොත්තු හීන වලට තමා..






මොකද ජිවිතෙ ඉස්සරහට අපි කරන දෙවල් තිරනය වෙන්නෙ අපෙ හිතෙ එ කාලෙ ඇතිවෙන බලාපොරොත්තු මත..

මගෙ ජිවිතෙත් අවුරුදු 17-18  
කියන්න මගෙ ජිවිතෙ මගෙ අනාගතෙ ගැන බලාපොරොත්තු ඇති වුන ඇති කරගතත කාලයක්..







එ මගෙ ජිවිතෙට ඇතුල් වුන එක පුද්ගලයෙක් නිසා..






අද මම නැවතිලා ආපහු බලනවා..






එ පුද්ගලයා මගෙ ජිවිතෙන් ගිහිල්ලා අවුරුද්දකටත් වඩා ගතවෙලා...






අද එයා සතුටින් එන්නවා අලුත් බාලාපොරොත්තුත් එක්ක,,






එත් මම...


Who wil cry when i die ?

Tuesday, May 3, 2011 7 comments
යාලුවෙක් ගෙ බ්ලොග් එකක තිබුන ලිපියක් දැකලා මටත් හිතුනා මේ මාතෘකාව ගැන මට හිතෙන දෙ ලියන්න..


මරනය හැමොටම පොදු දෙයක්.. අපි රජ කෙනෙක් වුනත්, හිගන්නෙක් වුනත් අවසානයෙ අපිට නවතින්න වෙන්නෙ මරනයෙන් තමා..






හරි මාතෘකාවට..
 
මම මැරුන දවසට ඇත්තටම කදුලක් වැටෙන්න තරම් හිතෙ මන් ගැන ලෙන්ගතුකමක් තියෙනෙ මිනිස්සු මේ ලොකෙ ඉන්නවද?








මගෙ දෙමාපියොනම් අඩාවි මොකද තම්න්ගෙ දරුවෙක් නැති වුනාම දෙමාපියන්ගෙ හිතට දැනෙන දුක ගැන කියන්න ඔන නැ නෙ..
 
ඒ ඇරෙන්න... ?








බිරිදක්,,දරුවො..පෙම්වතියක්.. එ කියන දෙවල් නම් මේ ජිවිතෙ නැති නිසා එ වර්ග තුනම මේ මතෘකාවෙන් අයින් කරල තියන්න පුලුවන්..


දැන් ඉතුරු වෙන්නෙ යාලුවො සහ අනෙක් අය..








මන් මැරුන දවසට අඩන්න තරම් යාලුවො මට ඉන්නව ද?






එච්චර සමිප තත්වයක් ඇති වෙන්න තරම් දෙයක් මම යාලුවො වෙනුවෙන් කරල තියෙනව ද ?
 
පාසල් ජිවිතෙයෙ බොක්කෙන්ම ‍ෆිට් කියන්න පුලුවන් යාලුවො හිටියා..ඇත්ත.. එත් දැන් පාසල් ජිවිතය කියන්න අතීතයට එකතු වුන සුන්දර සිනයක් ..








අපි එ කාල මවපු හීන සැබැ වුනෙත් නැ.. එ බොක්කෙන් ‍ෆිට් වෙලා හිටපු යාලුවො දැන් ආගිය අතකුත් නැ..






පාසල් ජිවිතෙට පස්සෙ එන්නෙ රාජකාරි ජිවිතෙ..






ඔව් ඔ‍ෆිස් එකෙත් එකට කාල බිලා ( කැම කෙසෙ වෙතෙත් බිමෙදි එකට ඉන්න) සෙට් එකක් ඉන්නවා






එත් කන බොන වෙලාවකදි පොඩි ෆන්






එකක් ගන්න  වෙලාවකදි ඇරෙන්න එ යාලුවන්ටත් නිසල් කියන පුද්ගලයා හ සම්බන්දව ඊට එහා ගිය සම්බන්දයක් තියෙනවද කියන ප්‍රශ්නෙ මගෙ හිතෙ තියෙනවා..






ඉතින් ඇත්තට මන් වෙනුවෙන් කදුලක් වැටෙනන කවුරුත් ඉදිවිද?

අක්කණ්ඩිය නුබ වෙනුවෙන්..

Friday, April 29, 2011 0 comments
ලස්ස්නන පවුලක්..ජිවිතෙ පටන් ගත්තු කාලෙ ඉදලම හැම කෙනෙක් ගෙම හිතෙ තියෙන අහින්සක බලාපොරොත්තුවක්..
ඒත් මේ ජිවිතේ හැමොටම සුරන්ගනා කතා වල වගෙ ලස්ස්න පවුලක්.. එ අහින්සක සෙනහසක් ලැබෙන්නෙ නැ....







මම මේ ලියන්න යන්නෙ මගෙ අක්කා ගැන..ඔව්...






මට එක කුසින් උපන්න අක්ක කෙනෙක් හිටියෙ නැ..හැබැයි මුලු ජිවිත කාලෙම මම ආසවෙන් හිටපු කෙනෙක් තමා ලොකු සහොදරියෙක් ...






ජිවිතෙ තිරනයක් ගන්න බැරි වුනාම.. හිතෙ තියෙන දුක තනියම දරා ගන්න බැරි වුනාම එ දෙවල් කියාගන්න පුලුවන් තරම් හිතට ලන් වුන සහොදරියක්...






එහෙම කෙනෙක් පොඩි කාලෙම හිටියනම් මම අද මෙ ඉන්න තැන නැති අද නැති වෙවි..






මහෙ ජිවිතයට ලන් වුනා කියල හිතෙ කහටක් නැතිව කියන්න පුලුවන් පුද්ගලයො දෙන්නෙක් ගැන විතරයි මම දන්නෙ..






එක් කෙනෙක් තවත් මන් ලග නැ... මුලු ජිවිතෙම කියල හිතාගෙන හිටපු එයා තවත් කෙනෙක් ගෙ මුලු ජිවිතයම වෙලා...






ඊට පස්සෙ මගෙ ජිවිතෙට ලන්ම වෙලා හිටියෙ මේ අක්ක.. එක කුසෙ ඉපදුනෙ නැතත් මම කහටක් නැතිව එ අක්කට මගෙම සහොදරියකට වඩා ආදරය කරපු බව මම දන්නවා...






එ අක්කත් දන්නවා...






එත්..






ජිවිතෙ හැටි ආයෙමත් පාරක් මතක් කරල එ අක්කගෙ සෙනෙහසිනුත් මට ඇත් වෙන්නෙ වුන හැටි නම් මට තවත් හිතා ගන්න බැ..






සමහර විට මම කාගෙවත් ආදරෙ ලබන්න තරම් සුදුස්සෙක් නෙමෙයි වෙන්න ඇති..






එ කියන්න බැරි හෙතුව නිසාම මම අක්ක්ගෙනුත් ඈත් වුනා,,






ඊට පස්සෙ කාලය ගෙවිල ගියපු ඉක්මන හිතාගන්නත් බැරි තරම්...






අද..






මාව අමතක වෙලා කියල හිතාන වුන්නු අක්කා ආයෙමත් කතා කලා..






ඔව් අක්කෙ කොච්චර කාලය ගත වුනත්,,මොන දෙ වුනත්..අපි සහොදරයො! :)

‍ටුවිටරෙ ජිවිතය

Sunday, April 24, 2011 2 comments
‍ටුවිටරෙ ජිවිතය.. ටිකක් වෙනස් මාතෘකාවක්.. ලියන්නම ඔන කියල හිතෙ ටිබුන ලිපියක්..


Twitter කියන්නෙ මොකක්ද?


wikipedia එක කියන හැටියටනම් මෙන්න මෙකයි කතාව


http://en.wikipedia.org/wiki/Twitter


හබැයි ලන්කාවෙ ‍ටුවිටරෙ ට ඊටම ආවෙනික වෙච්ච ගතියක් තියෙනවා,‍ටුවිටරෙ එක එතකින් පොඩි පවුලක් වගෙ.කොච්චර followers ල හිටියත් 50% වැඩි සාමජිකයොත් එක්ක අතරෙ ගොඩක් හොද සම්බන්දයක් තියෙනවා..
පිට ඉදන් බලන කෙනෙකුට ‍ටුවිටරෙ කිසිම තෙරුමක් නැති වැඩක් වගෙ පෙන්න පුලුවන්..
එත් එකට සම්බන්ද වෙච්ච කෙනෙක්ට තමන් ගෙ ජිවිතෙත් එක්ක ‍ටුවිටරෙ සම්න්ද වෙලා තියෙන හැටි හරි පුදුමාකාරයි..


මුනු පොතොයි , ‍ටුවිටරෙයි අතර ලොකු වෙනසක් තියෙනවා, දෙකම
social sharing networks කියල අර්තකනය කලාට facebook එකෙ යුසස් ලගෙ තියෙන සමාජ තත්වයයි ‍ටුවිටරෙ සාමජිකයන්ගෙ සමාජ තත්වයෛ අතර පැහැදිලි වෙනසක් දකින්න පුලුවන්


එවගෙම ‍ටුවිටරෙ තියෙනෙ meet up ගැනත් සදනක් තියන්නම ඔන.. සාමන්යෙන් වෙන කිසිම සමාජ සම්බන්දතා වෙබ් අඩවියක දකින්න නැති විසේසාන්ගයක් තාමා tweetup කියන්නෙ. කවදාවත් හමුවෙලා නැති එත් ‍ටුවිටරෙ මගින් අන්ත්ර් සම්බන්ද තා ගොඩ නගා ගෙනෙ සිටින සාමජිකන්ට ඇත්තටම හමුවෙලා කතා බහ කරන්න ගන්න පුලුවන් අවස්තාවක් විදිහට මෙය හදුන්වා දෙන්න පුලුවන්

ජිවිතයෙන් අපි ලබා ගත්තෙ මොනාද..

Friday, April 8, 2011 2 comments
සෙනසුරා..සති අන්තයෙ ..අදත් ඔ‍ෆිස් එකෙ .. වැඩක් නම් නැ එත් ගෙදර ඉන්න හිතෙ දෙන්නෙත් නැති නිසා ආව මේ පැත්තෙ..
මෙහෙම ඉන්න වෙලාවක තමා මෙ අදහසත් ඔලුවට ආවේ..


මෙ වෙද්දි ඔයාල ජිවිතෙට ලබාගෙබ තියෙන්නෙ මොනාද..පොඩි කාලෙ .. ඉස්කොලෙ යද්දි හිතෙ තිබුන බලාපොරොත්තු අද වෙද්දි ඉස්ට වෙලා තියෙනව ද? තමන්ගෙ සිහින වෘර්තිය ඔයාලට ලැබිලා තියෙනවද? නැත්තම කවදාවත් හිතපු නැති තැනකද ඔයාගෙ ජිවිතය අද නැවතිලා තියෙන්නෙ ?


මම හිතන්නෙ ගොඩක් අයගෙ ජිවිත නැවතිලා තියෙන්නෙ තමන් ආසවෙන් හිතෙ තියාගෙන බලපොරොත්තුවෙන් හිටපු තැන නෙවෙයි.. තමන් කවදාවති හිතපු නැති..බලාපොරොත්තු නොවු සන්දිස්තානයක ජිවිතෙ නතර වෙලා ඇති


ඉතින් අපි ජිවිතෙන් බලාපොරොත්තු වුන දෙ අපට ලැබුනද??


අපි අපෙන්මෙ මෙ ප්‍රස්නෙ අහගත්තොත්?


" ඔව් "කියන උත්තරෙ දෙන්නෙ පුලුවන් අය ඉන්නෙ බොහොම සුලු පිරිසක් විතරයි...


අපි කොයි තරම් බලාපොරොත්තු පොදි බැද ගෙන හිටියත් , එ බලාපොරොත්තු වෙනුවෙන් යන ගමන ඉවර වෙන්නෙ එ බලාපොරොත්තු වුන තැන ම නෙවෙ.


අතරමගදි එ දෙවල් වෙනස් වෙන්න විදිහෙ දෙවල් ගොඩක් සිද්ද වෙනවා..සමහර වෙලා වට එ වෙනසවල් හොදයි.. සමහ්ර වෙලාවට නරකයි


අපි ජිවත් වෙන්න..අපෙ අම්මලව .. සහොදරින්ව.. ජිවත් කරන්න අපෙ සිහින අත අරින් න වෙනවා..ජිවිතෙ යතාර්තය වෙනුව්න් කවදාවත් බලාපොරොත්තු නොවුන පාරවල් වල යන්න වෙනවා..
එක තමා ජිවිතය...
එත් පොඩ්ඩක් නැවතිලා හිතට තට්‍ටු කරල බැලුවොත්..
ඔයාට ආයෙත් හිතෙවි තමන්ගෙ ජිවිතෙ වෙනුවෙන් තමන් ට මීට වඩා දෙයක් කරන්න පුලුවන් කියලා..
ජිවිතෙ ගමනෙ හැල්මෙ දුවන එක පොඩ්ඩකට නවත්තලා තමන් ගෙ ආසවන්..බලාපොරොත්තු වෙනුවෙනුත් යම් දෙයක් කරන්න..


මොකද ජිවිතෙ කියන්නෙ ජීවත් වෙන්න විදවන එකම නෙවෙ.. එකෙ විදින්න ඔන කොටසකුත් තියෙනවා