තවත් සීතල පාලු රැයක්..කොම්පුටරෙ ඉස්සරහ මොනා හරි ලියන්න කියල ඉදගත්තට,හිතට තෙරෙන්නෙ මහ පාලු ගති යක්..හරියට කිසිම වලාකුලක් නැති නිල් පාට හිස් අහස වගෙ..
කිසිම පැහැදිලි හැගීමක් නැහැ..
හිතෙ ගොඩක් දෙවල් තියෙනවා කියල දැන උන්නත් එ කිසිම හැගීමක් මට හරියට තෙරුම් ගන්න බෑ
එත් එකම එක දෙයක් මම දන්නවා..ඒ මෙ නොපැහැදිලි හැගුම් සමුදාය මැද්දෙ "ඔයා"හැන්ගිලා ඉන්නවා කියල..
ඔයා මගෙ ජීවිතෙට ආයෙමත් එන්නෙ නෑ කියල දැන දැනම උනත් තාමත් මෙ හිත ඔයා ගැනම හිතන එකටනම් මට තියෙන්නෙ තරහක්..
එත් මොනවා කරන්නද
හිත පාලනය කරගන්න තරම් මම තාම දියුණු නැතිව ඇති..එත් එ ගැන මම දුක් වෙන්නෙනම් නෑ,මොකද එ පරණ මතකයන්.ඔයා එක්ක ගෙවුනු මොහොතවල් වලට සිත යද්දි දැනෙන්නෙ තෙරුම් කරන්න බැරි දුක මුසුවුනු සතුටු හැගීමක්..
එක කාලයක් තිබුනා අපි දෙන්නටම එකම විදිහට දැනුන,මම දුකින් ඉද්දි ඔයාත් දුකින්.මම සතුටින් ඉද්දි ඔයත් සතුටින්........
මෙ විදිහට එකට අපි අව්රුදු කීයක්නම් හිටියද..
අද ඔයා මව දාල ගිහින්..
එත් අදටත් මට හිතෙන්නෙ ඔය ගැන..ඔයා දුකෙන් ද සතුටෙන් ද...
එත් මට තෙරුම් ගන්න බැරි එකම එක දෙයක් තියෙනවා..
අවුරුදු ගානක් මන් එක්ක ඉදලා මගෙ දුක සැපබෙදා ගත්ත ඔයාට අද මන් නැතිව සතුටින් ඉන්න පුලුවනෛ උනෙ කොහමද කියන එක...
1 comments:
සමහර මතකයන් අපිට අමතක කරන්න ඕනෙ වුනත්.. ඒක කීයටවත් ලේසි නෑ.. ඉතින් ඒ වෙලාවට අපිටම හිතෙනවා"ඇයි මේ වැඩක් නැති දෙයක්ම.." කියලා.. ඒත් ඒකෙ වැඩක් ඇති..හිත්ට එන්න හේතුවක් ඇති..හේතුවක් නැතිවෙන්න බෑනේ..
Post a Comment
අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..