Content

කඩඉමක් නොවු කඩඉම් දවසක්...

Saturday, August 28, 2010
අද 2010 අගෝස්තු 28 වෙනිදා..වෙනදා වගෙම දවසක්...අදත් උදේම නැගිටලා ලැහැස්ති වෙලා වැඩට යන්න එන්නකොට මෙන්න එනවා නුපුරුදු නොම්බරෙකින් කෝල් එකක්..ටිකක් කල්පානා කරල කතා කෙරුව..
හුරු පුරුදු කටහඩක්..ස්කොලෙ හිටපු යාලුවෙක් ගෙන්..අද පොදු පරීක්ෂනෙලු..එ වගෙම අපෙ ස්කොලෙ කෙරුවාවෙ අන්තිම දවසලු ( මම ස්කොලෙන් හිටි හැටියෙ අස් වෙලා අව්රුද්දක් උනත් තාමත් උන් මාව උන්ගෙම එකෙක් විදිහට හිතනවා..වෙලාවකට එකත් හිතට සැනසීමක්..)
මු කොල් එක දීලා කියනවා අද ටෙස්ට් එක ඉවර වෙලා ආතල් එකක් තියෙයි එ හින්ද වෙලාවක් තියෙනවනම් මේ පැතතෙ වරෙන්ලු..
මම ඔෆිස් යන්නත් ලැහැස්ති වෙලා උන්නු හින්දා මාත් බලන්නම කියලා උටත් විෂ් කරලා වැඩැට ගියා..
එත් ගියාට පස්සෙ මට මතක් වුනේම ස්කොලෙ ගත කරපු එ කාලය..එ හින්දමයි ගොඩක් කාලෙකින් යාලුවො දැක්කෙත් නැති නිසා මම 10 ට ඔෆ් වෙලා ඉස්කොලෙ පැතතට ගියා..
එ යද්දිත් විබාගෙ එවරවෙලා නෑ..මන් ටිකක් කල්පනා කරල හිමිට පිටිපස්සෙ ගෙට්ටුවෙන් ඇතුලට ගිහින් ස්කොලෙ ඇතුලෙ හදල තියෙන බන්කුවක් උඩට වෙලා වාඩ් වුනා...
එ ඉද්දි තමා මට මතක් වුනෙ මෙ බන්කු උඩ අපෙ කොයි තරම් මතාක සටහන් තියෙනව ද කියලා
හොරෙන් ක්ලාස් ක්ට් කරලා මෙවට වෙලා හිටපුවා ,කාගෙ හරි යාලුවෙක් ගෙ වුවමනාවට ලස්සන නන්ගි කෙනෙක් ගැන ඔත්තු බලන්න කාපු කටු..පිරිත් දවස්වල මදුරුවො කාගෙන නිදා ගත්තුවා..
හිතට දැනෙන් නෙ මෙ මතක ගොඩාක් ඇතයි වගෙ..
එත් මෙ වෙලවා විභාගෙ ලියන මගෙ යාලුවන්ට එ මතක තාමත් අලුත්..මොකඩ තාමත් එයාල මෙ බන්කු උඩැ වාඩ් වෙලා ගෙවන්නෙ ඉස්කොලෙ ජීවිතය..එත් මම?
ඔහොම දහසකුත් දෙවක් ගැන හිත හිත ඉද්දි විභාගෙත් ඉවරවෙලා..
පන්ති කාමර වලින් එලියට ආපු අය තැන් තැන් වලට යන්න අරගෙන..මන් හිටපු බන්කුව ගාවිනුත් ජොඩු ජොඩු ,සෙට් සෙට් යන්න ගනිද්දි මාවත් මම හිතපු පන්තිය දිහාට ගියෙ තෙරෙන්නෙවත් නැතිව..
ඔන්න ඉතින් ගියා..පරන යාලුවොත් හම්බුනා...ගොඩක් අය ඇවිත් තොරතුරු අහනවා.."දැන් මොකද කරන්නෙ,ගොඩ කාලෙකින් දැක්කෙ"..මෙකි නිකී දෙවල් ගොඩයි..
ඔය අතරෙ ඉතින් හිත රිදෙන ප්‍රස්නත් නැතිවම නොවෙ..
ආදරෙ ගැන වගෙ..
හරි ඔහම ඔහම ප්‍රස්න වලට උත්තර දිලා මාත් පැත්තකට වෙලා බලාගෙන හිටියා..
ගොඩාක් දෙවල් වෙනවා..යලුවො සමුගන්නා..එක එක් කෙනවා වැලදගන්නවා..notebook අරගෙන විස්තර
ලියාගන්නවා..
පෙම්වතුන් සමු ගන්න ලතැවෙනවා.. ස්කොලෙ ඇදුම් වල එක එක් කෙනා අත්සන් කරනවා..

මෙ වගෙ දෙවල් ගොඩායි..

එත් මට හිටෙනවා මෙ මන් පොඩ්කාලෙ ඉදලම එකට හිටපු යාලුවො නෙද..අද ඉයාලට ජීවිතෙ වැදගත් දවසක්
A/L වල අන්තිම දවස..
සමරහ අයට දුක් අර දිනයක් ,මොකද සමුගැනීම නිසා..සමහර අයට ගොඩක් ලොකු සැනසීමක් මොකද
ජීව්තෙ ලොකු විභාගයක් එවර නිසා..
මගෙ ජීවිතෙන් මෙ වගෙම ,මෙ දවස වැදගත් වෙන්න තිබ්බා..එත් අද මට තවත් එක් සෙනසුරාදව් විතරයි..

අද මය ජීවත් වෙන්න රස්සාවක් තිබ්බත්..අනගතය ගැන පොඩි හරි විස්වාසයක් තිබ්බත් මට දැනෙනවා
කොතන හරි දෙයක් අඩු වුනා කියලා..

ඉත් එ මොකක්ද කියල මත හිතා ගන්නත් බෑ...

4 comments:

Hasitha ජයසූරිය at: August 28, 2010 at 4:39 AM said...

ඒ ජීවිතේ ඔහොම තමා බන්

ප්‍රාර්ථනා at: October 16, 2010 at 6:23 AM said...

ඇත්ත..ඒ ඔයා ඒ දේවල් හඹායන නිසා..නේද? අපි හැමෝගෙම ජීවිතවල හිත හිත ලතැවෙන්න මොනවාහරි ඉතිරිවෙනවාමයි. කැමති නම් විදවන්න..නැත්තම් විදින්න කියලයි තියෙන්නෙ. ඉතින් කොච්චර අමාරු උනත් ඒ දේවල් ගගෙන නොහිතා ඉන්න එක තමා වඩා හොඳ..

මකුළුවා...... at: October 31, 2010 at 3:11 AM said...

කිසි දෙයක් වෙනස් වෙලා නෑ කියලා කිව්වොත් ඒක අලි බොරුවක්.හැබැයි මම විශ්වාස කරන විදිහට කවදා හරි දවසක් එනවා අපේ පසුතැවීම් අමතක කරලා, එදා මම ගත්තු තීරණේ නිවැරදි කියලා හිතෙන.අන්න එදාට සතුටුවෙන්න.....

Tharaka Dilshan at: November 14, 2010 at 1:19 AM said...

ඒත් මචන් කවදාවත් තමන් ගත්ත තීරණයක් ගැන දුක් වෙන්න එපා. උඹට ඒ ගැන කවදාහරි සතුටු වෙන්න පුලුවන් වෙයි...!

Post a Comment

අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..