Content

සිහින..බලාපොරොත්තු!

Saturday, November 6, 2010
තවත් මොකුත් ලියනවද නැද්දකියල හිතාගන්න බැරි තරමට හිත කාන්ස්යෙන් පිරිල..ඒත් එකට හේතුවක් හරියට මම වත් දන්නෙ නෑ..ඒත් මේ කාන්සිය මගේ හිතේ හිබුන "සිහින" , "බලාපොරොත්තු" තව දුරටත් නැති නිසාද?

ජීවිතේට "බලාපොරොත්තු"කියන දේ කොච්ච්චර වැදගත් කමක් තියෙනවද?මන් හිතන්නෙ නෑ කාටවත් 100% සාර්ඨක උත්තරයක් නම් දෙන්න පුලුවන් වේවි කියල
ඒත් මම හිතන හැටියට ජීවිතේ ඉදිරියට ගලාගෙන යන්න බලාපොරොත්තුවක් තියෙන්නම ඔන,බලාපොරොත්තුවක් නැති ජීවිතේ හරියට මල් පිපෙන්නෙ නැති රෝස පැලයක් වගෙයි,මලක් පිපුනම රෝස ඉත්තක තියෙන ලස්සන සුවද අපි හැමෝම දන්නවා,අපි හැමෝම ඒ රෝස පැලේට ආදරේ කරනවා..එත් මල් පිපෙන්නෙ නැති රෝස පැලේකට?...

අපි කවුරුත් ආදරේ කරන්නෙ නෑ නේද?

බලාපොරොත්තුවක් නැතිව ගෙවනෙ ජීවිතේයි මේ මල් නොපිපෙන රෝස පැලෙයි අතර ඒ තරම් වෙනසකන් නෑ,
ඒ රොසෙ පැලේට වගේම එ හිතකට ආදරේ ලෙන්ගතුකමක් පාන්න කවුරුත් ඇත්තෙන් නෑ

6 comments:

ප්‍රාර්ථනා at: November 6, 2010 at 9:47 AM said...

ජීවීතේට බලාපොරොත්තු හා හීන කොච්චර වැදගත්ද කියලා මමත් දන්නවා..ඒ නිසා ඔයාගේ අදහස හරියටම හරි.
අපි දෙයක් වෙන්නෙම නෑ කියලා කිවුවත් අපේ හිත කියනවා "නෑ ඒක වෙන්න පුංචි ඉඩක් හරි තාමත් ඉතුරුයි නේද " කියලා.ඇත්තමයි.. හොඳ අදහසක්.

dinesh at: November 6, 2010 at 5:58 PM said...

උබේ හිතට එන ඕනෙ දෙයක් ලියපන්.අපි කියවනවා.,උඹත් එක්ක ඉන්නවා.අලුත් බලාපොරොත්තු ඇතිකර ගන්න උත්සාහ කරපන් සහෝ..

නිසල් at: November 6, 2010 at 8:32 PM said...

ස්තුති දෙන්නටම :)

මකුළුවා..... at: November 7, 2010 at 7:26 AM said...

පැන්ඩෝරාගේ කතාව අහල තියෙනවද?මටත් හරියටම මතක නෑ.ඒකෙදි පැන්‍‍ඩෝරාට දායාද විදිහට දෙවිවරුන්ගෙන් ඒ අයගේ අවවාද තෑගි විදිහට දාපු පෙට්ටියක් ලැබෙනවා.පැන්ඩෝරා මේ පෙට්ටිය කිසිම සැලකිල්ලක් නැතුව විවෘත කරනවා.එතකොට ඒක ඇතුලෙ තිබ්බ සියලුම දේවල් ඉවතට වැටෙනවා.හැබැයි පැන්ඩෝරා කලබල වෙලා මේ පෙට්ටිය ආපහු වහනකොට එක දෙයක් පෙට්ටිය ඇතුලෙ ඉතුරු වෙනවා.ඒක තමා "බලාපොරොත්තුව".එදා ඉදන් බලාපොරොත්තුව කියන දේ මනුශ්‍ය වර්ගයා තුල ඉතුරු වෙලා තියෙනවා....
දිගටම ලියන්න.මම හැමවෙලේම බලාගෙන ඉන්නේ අළුත් යමක් වැටෙනකම්.

නිසල් at: November 7, 2010 at 7:29 AM said...

අහලනම් නැ හැබැයි අහන්න වටින කතාවක් වගේ

සහ ගොඩක් ස්තුතී යාලුව කවදාවත් දැකල නැති අය වුනත් ඔය වචන වලට පුලුවන් ගොඩක් ලොකු වෙනසක් කරන්න :)

නිපු at: November 9, 2010 at 6:51 AM said...

හ්මිමිමි..........

Post a Comment

අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..