Content

නො එන ගමනක් යන්නට..

Sunday, September 25, 2011
කාලෙකට පස්සෙ ලියන්න ඔන කියල හිතුනෙ ගොඩක් කාලෙකින් නොලිව්ව නිසාම නෙවෙ..ආයෙ කවදාවත් ලියන්න වෙයි කියල නොහිතෙන නිසා.


ඔව් ලොකු දවසක් ලග එනවා.. කඩයිමක්...



සමත් වුනොත් ආයෙත් නො එන්නම මේ රට අත හැරල යන්න හිත හදාගේයි ඉවරයි..


එකමත් එක කාලෙකනම් අත හැරල දාන්න බැරි තරම් බැදීම් ජිවිතෙ තීබුනා තමා..



එත්...
එ කිසිම බැදිමක් සදාකාලික නොවන බව තෙරිලා .. ජිවිතෙ මගෙමයි කියලා මටම අයිති කරගන්න හදපු ගොඩක් දෙවල් අනුන්ගෙ වෙලා ඇස් ඉදිරිපිටම වියැකිලා යනවා..


ඔව් දුකයි තමා...


හීන හරි සුන්දරයි...එත් නින්දෙන් ඇරෙද්දි ඒ හැම  හීනයක්ම අතහරින්න අපිට සිද්ද වෙනවා.. කොච්චර තිත්ත වුනත් එක තමා ඇත්ත.



ජිවිතෙ හීන වුඩ ගොඩනගා ගන්න එක හරිම සුන්දරයි. ඔව් මන් දන්නවා එක..එත්.. එ හීන ඇස් ඉදිරිපිට වියැකෙද්දි දැනන තරම් තවත් දරුනු දුකක් නැ,,


ඉතින්..තවත් හීන මවන්න නම් හිතේ ආසවක් නැ..


මොකද ආයෙත් එවා කඩා බිදවටෙනවා බලන්න ඉන්න තරම් හිතෙ හෛයක් නැති නිසා.. 

6 comments:

Yohan Kanishka | යොහාන් කණිෂ්ක at: September 25, 2011 at 11:24 AM said...

ඒ ගමන උබත් යන්නද ලෑස්තිය :s

"හීන හරි සුන්දරයි...එත් නින්දෙන් ඇරෙද්දි ඒ හැම හීනයක්ම අතහරින්න අපිට සිද්ද වෙනවා.. කොච්චර තිත්ත වුනත් එක තමා ඇත්ත." සිරා බං.. ඒක නං ඇත්ත..

නිසල් at: September 25, 2011 at 8:10 PM said...

හ්ම්ම් හ්ම්ම් එහෙමලු

Anonymous at: September 25, 2011 at 9:01 PM said...

කවමදාකදිවත් ජීවිතේ මගේ කියන මට්ටමට ගිහින් අපි තීරණ අරං තියනවද? ජීවිතේ සම්පූර්ණයෙන්ම මම කියන පුද්ගලයටඅයිතිනම් ලෝකෙ මීටවඩා වෙනස්! සමහරවිට නරක වගේම හොඳයි කියන දේ පවා මීටවඩා හුඟක් වෙනස් වෙයි එහෙනම්. බැඳීමක් ළඟඳි අපි අසරණ වෙන තරම කෙනෙක් දකියි ආත්මාර්ථකාමී කම කියල. ඒත් කවමදාක හරි බැඳීමක් අත්වින්දනම් තේරුම් යාවි ඒ ආසරණකම ඇතුලෙ තියන හැඟීම. වචන වලින් නම් බැඳීමක තේරුම දකින්නේ මතකේ කොණක තියාගන්න සමහර බැඳිම් වචන දසුන් හරි අකුරු වලටවත් පෙන්නෙ නැතුව තියෙන වග කොහේහරි සිතුවිල්ලක් වෙලාවත්.

තීරණ හොඳට හිතල තමන්ම ගන්න තීරණ ඇතුලෙ පසුතැවීම හරි බය කළකිරීම තියෙන්න විදියක් නෑ. එහෙම දැනෙනව නම් පුංචි විනාඩියක් නතරවෙලා තමන්ගෙම හිත කියවල බලන්න පොඞ්ඩක් ආයෙත්. හරිම විසඳුම තියෙන්නෙත් ඔය හිත අස්සෙමයි.

ලියන එක හිතට හයියක් වෙයි. ඒ ලියවිලි දෙවන පාර්ශවයක් දැක්කත් නැතත්.  තමන්ගෙම හිතෙන් හරි වරක් ලියපු කෙනා ලියනවාමයි.

ජීවිතේ කියන්නේ නාදුනන දෙයක්. ලොකු තීරණයක් එක්ක යන ලොකු ගමන ලස්සන හෙටක් අරං එයි. උවමනාවට වඩා දැඩි වීමත් සරළ වීමත් අතඇරලා ඇවිදල බලන්න ඒ හෙට දවස ඇතුලෙ.

හැම සුභ පැතුමක්ම වචන වෙන්නෙ නෑ. පෙනෙන්නෙ නෑ. ඒත් ඒවගේ සුභ පැතුමක් කොහේ හරි ඉපදෙනවා. සමහරවිට එපා කියල අයින් කරපු හදවතක බැඳීමක. ඒ ප්‍රාර්ථනා නොහිතන වෙලාවක නොදැනුවත්වම ශක්තියක් වෙයි. ඒත් කවදාවත් දැනගන්න එකකුත් නෑ.

නිසල් at: September 25, 2011 at 9:55 PM said...

මන් දන්නවා අක්කගෙ හිතෙ අනිවර්යෙන්ම ආශිර්වාදයක් ඉතිරිවෙන බව. :)

මකුළුවා..... at: September 26, 2011 at 9:22 AM said...

මචං මිනිහෙක්ව ජීවත් කරවන්නේ බලාපොරොත්තුව....බලාපොරොත්තුවේ මූලාරම්භය තමා හීනය...හීන දකින්න බය වෙන්න එපා....මොකද හීන තමා අපිව ජීවත් කරවන්නේ.....

නිසල් at: September 26, 2011 at 8:05 PM said...

මිනිහෙක්ව ජිවිත කරවන්නෙ බලාපොරොත්තු..ඇත්ත..හැබයි එ බලාපොරොත්තු ම තමා එ මිනිහව නැති කරන්නෙත්.

Post a Comment

අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..