Content

කඩඉමක් නොවු කඩඉම් දවසක්...

Saturday, August 28, 2010 4 comments
අද 2010 අගෝස්තු 28 වෙනිදා..වෙනදා වගෙම දවසක්...අදත් උදේම නැගිටලා ලැහැස්ති වෙලා වැඩට යන්න එන්නකොට මෙන්න එනවා නුපුරුදු නොම්බරෙකින් කෝල් එකක්..ටිකක් කල්පානා කරල කතා කෙරුව..
හුරු පුරුදු කටහඩක්..ස්කොලෙ හිටපු යාලුවෙක් ගෙන්..අද පොදු පරීක්ෂනෙලු..එ වගෙම අපෙ ස්කොලෙ කෙරුවාවෙ අන්තිම දවසලු ( මම ස්කොලෙන් හිටි හැටියෙ අස් වෙලා අව්රුද්දක් උනත් තාමත් උන් මාව උන්ගෙම එකෙක් විදිහට හිතනවා..වෙලාවකට එකත් හිතට සැනසීමක්..)
මු කොල් එක දීලා කියනවා අද ටෙස්ට් එක ඉවර වෙලා ආතල් එකක් තියෙයි එ හින්ද වෙලාවක් තියෙනවනම් මේ පැතතෙ වරෙන්ලු..
මම ඔෆිස් යන්නත් ලැහැස්ති වෙලා උන්නු හින්දා මාත් බලන්නම කියලා උටත් විෂ් කරලා වැඩැට ගියා..
එත් ගියාට පස්සෙ මට මතක් වුනේම ස්කොලෙ ගත කරපු එ කාලය..එ හින්දමයි ගොඩක් කාලෙකින් යාලුවො දැක්කෙත් නැති නිසා මම 10 ට ඔෆ් වෙලා ඉස්කොලෙ පැතතට ගියා..
එ යද්දිත් විබාගෙ එවරවෙලා නෑ..මන් ටිකක් කල්පනා කරල හිමිට පිටිපස්සෙ ගෙට්ටුවෙන් ඇතුලට ගිහින් ස්කොලෙ ඇතුලෙ හදල තියෙන බන්කුවක් උඩට වෙලා වාඩ් වුනා...
එ ඉද්දි තමා මට මතක් වුනෙ මෙ බන්කු උඩ අපෙ කොයි තරම් මතාක සටහන් තියෙනව ද කියලා
හොරෙන් ක්ලාස් ක්ට් කරලා මෙවට වෙලා හිටපුවා ,කාගෙ හරි යාලුවෙක් ගෙ වුවමනාවට ලස්සන නන්ගි කෙනෙක් ගැන ඔත්තු බලන්න කාපු කටු..පිරිත් දවස්වල මදුරුවො කාගෙන නිදා ගත්තුවා..
හිතට දැනෙන් නෙ මෙ මතක ගොඩාක් ඇතයි වගෙ..
එත් මෙ වෙලවා විභාගෙ ලියන මගෙ යාලුවන්ට එ මතක තාමත් අලුත්..මොකඩ තාමත් එයාල මෙ බන්කු උඩැ වාඩ් වෙලා ගෙවන්නෙ ඉස්කොලෙ ජීවිතය..එත් මම?
ඔහොම දහසකුත් දෙවක් ගැන හිත හිත ඉද්දි විභාගෙත් ඉවරවෙලා..
පන්ති කාමර වලින් එලියට ආපු අය තැන් තැන් වලට යන්න අරගෙන..මන් හිටපු බන්කුව ගාවිනුත් ජොඩු ජොඩු ,සෙට් සෙට් යන්න ගනිද්දි මාවත් මම හිතපු පන්තිය දිහාට ගියෙ තෙරෙන්නෙවත් නැතිව..
ඔන්න ඉතින් ගියා..පරන යාලුවොත් හම්බුනා...ගොඩක් අය ඇවිත් තොරතුරු අහනවා.."දැන් මොකද කරන්නෙ,ගොඩ කාලෙකින් දැක්කෙ"..මෙකි නිකී දෙවල් ගොඩයි..
ඔය අතරෙ ඉතින් හිත රිදෙන ප්‍රස්නත් නැතිවම නොවෙ..
ආදරෙ ගැන වගෙ..
හරි ඔහම ඔහම ප්‍රස්න වලට උත්තර දිලා මාත් පැත්තකට වෙලා බලාගෙන හිටියා..
ගොඩාක් දෙවල් වෙනවා..යලුවො සමුගන්නා..එක එක් කෙනවා වැලදගන්නවා..notebook අරගෙන විස්තර
ලියාගන්නවා..
පෙම්වතුන් සමු ගන්න ලතැවෙනවා.. ස්කොලෙ ඇදුම් වල එක එක් කෙනා අත්සන් කරනවා..

මෙ වගෙ දෙවල් ගොඩායි..

එත් මට හිටෙනවා මෙ මන් පොඩ්කාලෙ ඉදලම එකට හිටපු යාලුවො නෙද..අද ඉයාලට ජීවිතෙ වැදගත් දවසක්
A/L වල අන්තිම දවස..
සමරහ අයට දුක් අර දිනයක් ,මොකද සමුගැනීම නිසා..සමහර අයට ගොඩක් ලොකු සැනසීමක් මොකද
ජීව්තෙ ලොකු විභාගයක් එවර නිසා..
මගෙ ජීවිතෙන් මෙ වගෙම ,මෙ දවස වැදගත් වෙන්න තිබ්බා..එත් අද මට තවත් එක් සෙනසුරාදව් විතරයි..

අද මය ජීවත් වෙන්න රස්සාවක් තිබ්බත්..අනගතය ගැන පොඩි හරි විස්වාසයක් තිබ්බත් මට දැනෙනවා
කොතන හරි දෙයක් අඩු වුනා කියලා..

ඉත් එ මොකක්ද කියල මත හිතා ගන්නත් බෑ...

ආදරය ,විරහව දුක....ජීවිතය

Thursday, July 1, 2010 0 comments
තරුණ කාලෙ එ කියන්නෙ අවුරුදු 12-15 වෙද්දි ගොදක් අය ගෙ හිත් වල පලමු වතාවට ආදර හැගුම් පූදිනවා (දැන් ඉන්න උන්ගෙනම් අවුරුදු 5-10 නුත් වෙනවා ඇති )
මෙ එ කියන ආදරෙ ගැන මගෙ අදහස..

ඇත්තටන මෙ වයසෙදි ආදර කියන්නෙ මොකක්ද?
ගොඩක් අවස්තාවල එ ක රාගයට මුල් තැන දීලා ඇතිවෙනවා.එකට වැරද්දක් කියන්නත් බෑ,මොකද මෙ වයසට ඔහම තමා

එත් මෙ ආදරනිය හැගුම් ජිවිතයට ගොඩක් බරපතල අන්දමට බලපානවා..


කාලෙකදි මී පැනි වගෙ උන ආදරය කාලෙකට වහ කදුරු වගෙ වෙනවා....සමහර වෙලාවට අතීතය ගැනම දුක් වෙවී ජිවිතෙ වටිනාම කාලයක් නැති කරගන්න වා..

එත් අවසානයෙ එකම එක පුරස්නයක් අද මගෙ හිතෙ ඉතුරු වෙලා..

ඇත්තටම අපි කාටා හරි ආදරය කරා නම් එ ආදරෙ මොනයම් ම හෙතුවක් නිසා නැතිවුනානම් අපි අ මත්තෙම අපෙ ජිවිත්තෙ දුකෙන් ගෙවිය යුතුද...

සයිබර් යාලුවො..

Saturday, June 26, 2010 1 comments
සයිබර් අවකාශයෙ දි අපිට එක එක තාලෙ යලුවො හම්බවෙනවා,මෙය කියවන ඔබත් අන්තර්ජාලයට සමිප කෙනෙක් නම් මම මෙ කියන දෙ ගැන හොදට අත්දැකිම් ඇති.
මෙ සටහන එ වගෙ යාලුවො ගැන..

ඉස්සර අපිට හිට්ය හවසට සෙට් වෙලා පොඩ්ඩක් සෙල්ලම කරල පොඩ් fun එකක් ගන්න යාලුවො(තාමත් ඉන්නවා)
එත් දැන් ස්යිබර් යාලුවො වැඩ්යි,එ අය ජිවිතෙට ගොදක් ලන් වෙලා..

දුක සතූට වගෙ ගොඩක් දෙවල් අපි මෙ අයත් එක්ක බෙදාගන්න හුරු වෙලා..

ඔබත් මෙ වගෙ කෙනෙක් ද?

එහෙමනම් මෙතන අදහසක් ඉතුරු කරල යන්න

වෑදගත් ගිනුම් (Premium accounts)

Saturday, June 5, 2010 8 comments

ඔනන එතින් මටත් අදහසක් පහල උනා පින් අතේ වෑඩක් කරන්න ,කාට කාට හරි දානයක් දෙන එක පිනක් ලුනේ

එ හින්ද මාත් හිතුවා මන් ගාව තියෙන වෑදගත් ගිනුම් (Premium accounts)බෙදා හරින්න.

කාට හරි එ වගෙ ගිනුමක අවශයතාවයක් තියෙනවනම් මෙතන ඉල්ලීමක් කරන්නන පුලුවන්...

මන් ගාව තියෙනවනම් මම දෙන්නම් :)

වෙබ් සයිටි එකකට රෙජිස්ටර් නොවී ඇතුල්වෙමුද?

Tuesday, June 1, 2010 0 comments

හෑම දිස්සෙම රෙජිස්ටර් රෙජිස්ටර් ගගා දාන සයිටිස් මාර ඇනයක් නේද..
මේ එ ඇනෙන් ගෑලවෙන්න පුලුවන් ලෙසි විදිහක්...

(මෙක ෆයර් ෆොක්ස් කාරයනට විතරයි :) )

හරි අපි පටන් ගමු මුලින් ම ඇඩ්‍රස් බාර් එකට ගිහින්

"about:config

කියල ඇතුල් කරන්න,ඊට පස්සෙ එන බහු බුත ගෑන වෑඩිය හිතන්නෙ නෑතිව අර "Filter"බොක්ස් එකට යන්න,ගිහින් එකට

"useragent"

කියන එක ඇතුල් කරන්න.එතකොට ඔයාලට මුලින්ම පෙන්නන තිරෑව එ කියන්නෙ

"general.useragent.extra.firefox"

කියන එක බය නෑතිව

Googlebot/2.X

ttp://www.googlebot.com/bot.html


කියන එකට වෙනස් කරගන්න :)

eg

..::දුරකතනයෙන් සිංහල කියවමු..::

Saturday, May 29, 2010 2 comments
සාමාන්‍ය ජංගම දුරකතනයකට Opera Mini ස්ථාපනය කරන්න,.. මුලින්ම උඩින් තියෙන address input එකේ මේ විදියට opera:config කියල ටයිප් කරල OK කරන්න..

එතකොට අපිට සාමාන්‍යයෙන් ලැබෙන Settings Page එකට වඩා වෙනස් Advanced Settings Page එකක් ලැබෙනව. අපිට කරන්න තියෙන්නෙ ඒකෙ පහල තියෙන Use bitmap fonts for complex scripts කියන සේවාව වෙත ගිහින් Yes තෝරන්න. ඊට පස්සෙ පහල තියෙන Save ඔබල Settings ටික Save කරගන්න.... දැන් වැඩේ හරි..

මේකෙදි කරන්නෙ ඒ ඒ අකුරු පොඩි පොඩි Bitmap Images බවට හරවල අපට පෙන්නන එක.. ඒක නිසා Phone එකේ සිංහල තියෙනවද නැද්ද කියන එක ප්‍රශ්නයක් නෙවෙයි.. Opera Mini අවුලක් නැතුව වැඩ කරන ඕනම Phone එකකින් මේ ක්‍රමේට සිංහල කියවගන්න පුලුවන්.. ඒක නිසා වෙනද වගේ සිංහල Status එකක් Blog එකක් වගේ දේවල් කියවගන්න Computer එකක්ම හොය හොය ඉන්නෙ නැතුව මේ විදියට Settings හදාගෙන පාරෙ තොටේ යද්දිම ඕන දෙයක් Phone එකෙන්ම කියවගන්න අපිට පුලුවන්