Content

නොවිදු ජිවිතය

Monday, August 8, 2011 3 comments
අවුරුදු විසි එකක්... ඔව් අවුරුදු විසි එකක් ජිවිතයෙන් ගෙවිලා ගිහින්.හිතා ගන්නත් බැ කාලය ගත වුන හැටි.. අද මම ජිවිතයෙ තවත් එක වැදගත් තීරනයක් ගන්න තැනකට ඇවිත්..




එ මගෙ දෙවෙනි රැකියාව ගැන.. මම එක අත හැරල යන්න තිරනය කලා..ඇයි?


මුලින්ම මම මෙතනට එද්දි ඇත්තටම මම ආවෙ ගොඩක් සතූටින්.. හොද රස්සාවක් ලැබුනා කියන අදහසින්.. මම කියන්නෙ නැ එ අදහස වැරදි කියලා..,මම තාමත් මට ලැබුන රැකියාව ගැන සතුටුයි!


එහෙනම් ඇයි? මෙක අතහැරල යන්නෙ??

මම ජිවිතයෙ වරද්ද ගතත එක තැනක් තමා..ලොකෙට පෙන්න..හොදට සල්ලි හම්බවෙන රකියාවක්..ජිවිතයක්.. තමා මට ඔන කියන්නෙ.. ඔව් එ හැම දේම මට ලැබුනා..


හැබැයි හිතෙ සතුට කියන දෙ මට ලැබුනෙ නැ...


හැමොගෙම හිත්වල තමන්ගෙ "Dream Job" 


එකක් තියනවා..තමන් ආදරය කරන ක්ශෙත්‍රයක් තියෙනවා.. හැබැයි 90% අවසානයෙ නතර වෙන්නෙ එ කියන  "Dream Job" 

එකෙන් නම් නෙවෙ..ඔව් එකට හෙතුනම් ඔන තරම් තියෙනවා..

හැබැයි කවදහරි තමන්ගෙ හිතට තෙරෙනවා ඔය කරන්නෙ එ "Dream Job " එක නෙවෙ නම්..ඔයාගෙ ජිවිතෙ ඔයා හරියට විදින්නෙ නැ කියන එක!-

මම එ දෙ අත් වින්දා,, ඔව් මම මගෙ සිහිනය හොයාගෙන යනවා..සමහර විට එක මිරිගුවක් ම වෙවි..එත් සමහරවිට මම සාර්තක වෙවි..

එත් මම ජිවිතය වෙනුවෙන් එ අවදානම ගන්න ලැහැස්ති.









ඔව්...මොහු ලාන්කිකයෙක්

Saturday, July 23, 2011 3 comments


ඉතින්.. ඔබ මොකද හිතන්නෙ ?

ගුගල් + ඇත්තටම වෙනසක් කලාද?

Monday, July 4, 2011 11 comments
Google + !


මේ දවස් වල හැමොගෙම කටෙ ‍රැදිලා තියෙන වචනයක්..මුනු පොතෙ බැලුවත්..‍ටුවිටරෙ බැලුවත් මේ නමම තමා දකින්න තියෙන්නෙ.


මේ වෙලාවෙනම් ගුගල් + කියන්නෙ මොකක්ද කියල තෙරුම් කරන්න දෙයක් නෑ නෙ මොකද මෙ වෙද්දි හැමොම මේ ගැන දන්නවා..


හැබැයි මේ ලිපියෙ තෙරුම ගුගල් + හදුන්වා දීම නෙවෙ.. අපි දැනට පාවිච්ච් කරන  social sharing network
වලට වඩා ගුගල් + වල වෙනසක් තියෙනව..දැනට පාව්ච්ච් කරන social sharing network



 එකක් අත හැරල මේකට මාරු වෙන්න තරම් වටිනාකමක් මේකෙ තියෙනවද?.


සාමන්යෙන් දැනට වැඩි පුර පාවිච්චි වෙන සේවා වලින් මුල් තැනට එන්නෙ facebook නෙ.පොඩි එකාගෙ ඉඩන් හැමොම පාව්ච්චි කරන මුනු පොත මෙච්චර ජනප්‍රිය වෙන්නෙ ටිබුන හෙතුව තම මුනු පොත තියෙන  user friendly interface එක.


google + වලත් මෙ කියන user friendly interface එක මුනු පොතටත් වඩා හොදට තියෙනවා.. එ නිසා මුනු පොතට ම හුරු වෙච්ච කෙනෙක්ට google + එකට හුරු වෙන එච්චරම අමාරු දෙයක් නෙවේ.


google + වල අලුතෙන් ම ඇවිත් තියෙන විශේෂාන් ගෙ තමා  circles කියන්නෙ.  බැලු බැල්මට ගොඩක් ලෙසි ආස හිතෙන  gadget එකක්..
හැබයි මෙක හරියටම මේ වෙනකොටත් google + users ල තෙරුම් අරගෙන නැති පාටක් තමයි තියෙන්නෙ, මොකද මේ  circles වලින් අපි මුනු පොතෙ අමාරුවෙන් ‍රැක ගන්න හදපු  privacy කියනෙ දේ ලෙසි විදිහකින් කරගන්න පුලුවන්..
තමන්ට කැමති අයත් එක්ක තමන්ට අවශ්ය දෙ පමනක් share කරන්න circle වලින් ගොඩක් ලෙසියෙන් පුලුවන්.


එ වගෙම අලුතෙන් එක වෙලා තියෙන hangout විශේෂාන් ගයත් සිත් ගන්න සුලුයි..යාලුවො කට්ටියටකට සෙට් වෙලා පොඩි video chat එකක් දාන්න මරු!







‍ටුවිටරෙ සහ ලාන්කීය වෙළද නාම..

Sunday, June 26, 2011 5 comments
ඊයෙ රත්තිරියාමෙ සිද්ද වුන සිද්දියක් අලලා තමා මේ ලිපිය ලියනන් හිතුනෙ. ඇත්තටම ලියනනද නැද්ද කියලත් කිහිප සැරයක් ම කලපනා කලා මොකද සමහර විට මෙකෙන් සමහරෙක් ගෙ හිත වුනත් රිදෙන්න බැරි කමක් නැති නිසා..








එත් ඉතින් මෙකෙන් කියන්නෙ මගෙ අදහස විතරක් නිසා කමක් නැ කියල හිතෙනවා..
 
දැන් දැන් ලන්කාවෙ වෙලද නාම සමාජ ජාල වෙබ් අඩවි වල Marketing කියන දෙට යොමු වෙමින් පවතිනවා, ඇත්තටම එක හොද දෙයක් , මොකද හැමදාම ගතානුගතික විදිහට marketing කරනවට වඩා කාලයෙ හැටියට පාරිබොකිකයො අතරට යන එක වැ‍රැද්දක් නෙවෙ..


හරි ඔය විදිහට ආපු එක " වෙලද නාමයක්" ‍ටුවිටරෙ කට්ටියත් එක්ක සහයොගයෙන් තමන්ගෙ  
Marketing campaign එක පටන් ගත්තා..ඊට පස්සෙ ‍ටුවිටරෙම කට්ටියකට ( මාත් ඇතුලුව) treat එකක් ලබා දිලා ඇතිවුන සිද්දියක් අරබයා ඇති වුන දෙයක් ගැන තමා මන් මෙ ලිපියෙ මුලින් ම සදහන් කලෙ
 
 


මම එ ගැන සවිස්තරාත්මකව මෙතන කතා කරන යන්නෙ නැ මොකද මම හිතනවා මෙ වෙනකොට දැන ගත යුතු සියලුම පුද්ගලයො ඒ ගැන දන්නවා..


එත් මෙ ලිපියෙ අදහස තමා ඇත්තටම Social marketing කියන දෙ ඇතුලෙ වෙලද නාමයක තියෙන්නෙ ඔන තත්වය / Standerd එක මොකක්ද කියන එක,








කලින් වතාවක් මෙ වගෙම එක වෙලද නාමයක් ටිවිටරෙ තුල Marketing සදහා පැමින අවසානයෙදි මල කරදරයක් බවට පති වුනා.  (Pain in the ass :| )




මොකද ඔවුන්ට වෙලද නාමයක් තුල රදවා ගත යුතු තත්වය ඔවුන් රදවා ගත්තෙ නැ..අවසානයෙදි ඔවුන්ට තමන් ගෙ  Followers


ලා විශාල ප්‍රමානයක් අහිමු කරගනන් සිද්ද වුනා ඔවුන් ගෙ ‍ටුවිටරෙ තුල හැසිරීම තුලින්.








මගෙ අදහස නම් වෙලද නාමයක්  Social marketing කියන දෙට ඇතුල් වෙද්දි ඔවුන්ට ආචාර ධර්ම පද්ධතියක් තිබිය යුතුයි, මොකද ලන්කාව තුල වෙලද නාම Social media වලට ඇතුල් වෙනවා කියන දෙ හොද දෙයක්..








එත් එය තුල තම් ගෙ තත්වය පවත්වාගෙන යාම ඔවුන් ගෙ යුතුකමක්!

අපිට ඇති..ඇයට නැති

Tuesday, May 10, 2011 12 comments
මම ජිවිතෙ මෙ වෙනකම් කරපු දෙයක් තමා මට නැති, නැතිවුන දෙවල් ගැන හිත හිතා දුක් වුන එක.. එත් මෙ ලගකදි මට හම්බුන එක ගැනු ලමයෙක් නිසා මන් ඒ කරපු වැඩෙ කොච්චරනම් මොඩ වැඩක් ද කියල එක මට තෙරුම් ගියා..
මෙ කතාවට මුලික වෙන ගැනු ලමයා මට ඇත්තටමනම් හම්බෙලා නැ..කිසිම දවසක හමුවෙන එකකුත් නැ..සමහර විට....







මන් මෙ ලමයවත් අදුන ගත්තෙ එක්තරා ආකරයක සමාජ ජාල වෙබ් අඩවියකින්.!


එ මොකක්ද කොහෙද කියල නම් මම මෙතන කියන්න යන්නෙ නැ..මොකද සමහර වෙලාවට එක එයාට කරදරයක් වෙන්නත් පුලුවන්..



හරි මෙය අපෙ රටෙත් නෙවෙ.. නමත් ටිකක් වෙනස්.. එත් මම කලින් හිතෙන් හිටියෙ ලන්කාවෙ කෙනෙක් කියලා.මොකද ලන්කාවෙ යලුවොත් ගොඩක් ඉන්නවා.. ක්‍රිකට් පිස්සියෙක් කිව්වොත් හරි..මුලින්ම මට අදුන ගන්න ලැබුනෙ ක්‍රිකට්

ලොක කුසලානෙ දවස් වල..වෙන රටක තරුනියෙක් වුනත් ලන්කාවට සප් එක දි දි පුදුම විදිහට ලන්කාවෙ ක්‍රිකට් රස්කයොත් එක මුලු තරගා වලියම වින්දනය කරපු කෙනෙක්.

ඔය විදිහට මාත් ඉතින් ටිකක් අදුන ගත්තා,, ඔහම ඉතින් ක්‍රිකට් වසන්තයත් ඉවර වුනා.



ජිවිතෙ සාමන්ය විදිහට ගාලා ගෙන ගියා,,






මෙ ලගකදි හිත ටිකක් අවුල් වෙලාවක දාපු "කතාවකට" මෙ තරුනිය උත්තරයක්  (Reply)

එකක් දාල අහල තිනුනා මොකක්ද ප්‍රශ්නෙ කියලා..



මමත් ඉතින් එයාට එ වෙල හිතෙ තිබුන ප්‍රශ්නෙ Screen shot
එකකට අරගෙන පින්තුරයක් විදිහට මෙ ගැනුලමයට යැවුවා එක බැලුවම තෙරුම් යාවි කියලා..
 
ඊට පස්සෙ මට ආපු උත්තරෙ තමා ..
 
" i'm blind so i cant see this ..please tell me whats there :) "
 
මට ඔය වෙල ටිකක් තරහ ගියා මොකක්ද මෙ කියන්නෙ කියලා..හැම දෙටම රිප්ලයි කර කර මොකක්ද මෙ කියන කතාව කියල
 
ඊට පස්සෙ මම ඇහුවා
" what the hell u mean ? are u joking ? S: "
 
 
කියල.. ඊට පස්සෙ ආපු රිප්ලයි එක තමා
 
"of course i am not kidding. ask xxx :) I read with a screen reader, it reads for me on the computer"
 
 
ඔතන XXX කියල තියෙන්නෙ එයයි මායි දෙන්නම දන්න යාලුවෙක්
 
ගෙ නමක්..



මෙක අහපු ගමන් මාව කරකවල අත ඇරියා වගෙ..






ඔව් මෙ ගැනු ලමයා අන්ධයි...
 
 
  හිතට එ වෙලෙ දැනුන හැගිම් නම් මෙතන තෙරුම් කරනන් අමාරුයි..අපිත් එක්ක ක්‍රිකට් කාලෙක එකතු වෙලා සතු‍ටු වුන මෙ ගැනු ලමයා ඉන්නෙ තත්වෙ මෙකයි කියලා දැන ගතතම...







ජිවිතෙ හරි කුරිරුයි නෙද?






මන් මෙ ලිපිය ලියන්නෙ මෙ කියන ගැනු ලමයට අපහාසය කරනන්වත් එ වගෙ කිසිම දෙකට නෙවෙ..


මට අද මෙ ගැනු ලමයා ගැන හිතෙ පුදුම විදිහෙ පැහැදිමක්!


ගෞවුරයක්!






ඇය ජිවිතෙ මෙච්චර දෙයක් නැති වෙලත් කිසිම දවසක එ වෙනුවෙන් දුක් වෙවි කිසිම දෙයක් කියල නැ..






තමන්ට පුලුවන් හැම වෙලෙම ජිවිතෙ සතු‍ටු වෙන්න පුලුවන් හැම දෙම කරනව..එත් තමන් ගෙ රටෙ අයත් එකක් විතරක් නෙවෙ..
 
  එත් අපි ?
 
ඔව් අපි ජිවිතෙ ගොඩක් වෙලාවට කරන්නෙ නැති දෙයක් ගැන දුක් වෙවි හිටපු එක..ඉන්න එක.. එත් මෙ වගෙ චරිත දකිද්දි තාම අපිට තෙරෙන්නෙ  ජ්විතෙ නැති දෙවල් ගැන හිත හිතා දුක් වෙනවට වාඩා අපිත ජිවිතෙ වෙනුවෙන් ජිවිත වෙන්න , සතු ‍ටු වෙන්න පුලුවන් කියල එක!
 
 
 




හීන...

Wednesday, May 4, 2011 3 comments
හීන...



මන් මෙ කතා කරන්න යන්නෙ නම් ‍රැට දකින හීන ගැන නම් නෙවෙ. ජිවිතෙ ජිවත් කරන්න ..ජිවත් වෙන්න අපිට තියෙන බලාපොරොත්තු,හීන ගැන.


ජිවිතෙ එක එක කාල වලදි අපි එක එක හීන දකිනවා.. එත් මම හිතෙන්නෙ ඊ හින වලින් ජිවිතෙට ලොකුම බලපැමක් කරනන් පුලුවන් අවුරුදු 15-20 අතර කාලෙ අපෙ හිතෙ ඇති වෙන බලාපොරොත්තු හීන වලට තමා..






මොකද ජිවිතෙ ඉස්සරහට අපි කරන දෙවල් තිරනය වෙන්නෙ අපෙ හිතෙ එ කාලෙ ඇතිවෙන බලාපොරොත්තු මත..

මගෙ ජිවිතෙත් අවුරුදු 17-18  
කියන්න මගෙ ජිවිතෙ මගෙ අනාගතෙ ගැන බලාපොරොත්තු ඇති වුන ඇති කරගතත කාලයක්..







එ මගෙ ජිවිතෙට ඇතුල් වුන එක පුද්ගලයෙක් නිසා..






අද මම නැවතිලා ආපහු බලනවා..






එ පුද්ගලයා මගෙ ජිවිතෙන් ගිහිල්ලා අවුරුද්දකටත් වඩා ගතවෙලා...






අද එයා සතුටින් එන්නවා අලුත් බාලාපොරොත්තුත් එක්ක,,






එත් මම...


Who wil cry when i die ?

Tuesday, May 3, 2011 7 comments
යාලුවෙක් ගෙ බ්ලොග් එකක තිබුන ලිපියක් දැකලා මටත් හිතුනා මේ මාතෘකාව ගැන මට හිතෙන දෙ ලියන්න..


මරනය හැමොටම පොදු දෙයක්.. අපි රජ කෙනෙක් වුනත්, හිගන්නෙක් වුනත් අවසානයෙ අපිට නවතින්න වෙන්නෙ මරනයෙන් තමා..






හරි මාතෘකාවට..
 
මම මැරුන දවසට ඇත්තටම කදුලක් වැටෙන්න තරම් හිතෙ මන් ගැන ලෙන්ගතුකමක් තියෙනෙ මිනිස්සු මේ ලොකෙ ඉන්නවද?








මගෙ දෙමාපියොනම් අඩාවි මොකද තම්න්ගෙ දරුවෙක් නැති වුනාම දෙමාපියන්ගෙ හිතට දැනෙන දුක ගැන කියන්න ඔන නැ නෙ..
 
ඒ ඇරෙන්න... ?








බිරිදක්,,දරුවො..පෙම්වතියක්.. එ කියන දෙවල් නම් මේ ජිවිතෙ නැති නිසා එ වර්ග තුනම මේ මතෘකාවෙන් අයින් කරල තියන්න පුලුවන්..


දැන් ඉතුරු වෙන්නෙ යාලුවො සහ අනෙක් අය..








මන් මැරුන දවසට අඩන්න තරම් යාලුවො මට ඉන්නව ද?






එච්චර සමිප තත්වයක් ඇති වෙන්න තරම් දෙයක් මම යාලුවො වෙනුවෙන් කරල තියෙනව ද ?
 
පාසල් ජිවිතෙයෙ බොක්කෙන්ම ‍ෆිට් කියන්න පුලුවන් යාලුවො හිටියා..ඇත්ත.. එත් දැන් පාසල් ජිවිතය කියන්න අතීතයට එකතු වුන සුන්දර සිනයක් ..








අපි එ කාල මවපු හීන සැබැ වුනෙත් නැ.. එ බොක්කෙන් ‍ෆිට් වෙලා හිටපු යාලුවො දැන් ආගිය අතකුත් නැ..






පාසල් ජිවිතෙට පස්සෙ එන්නෙ රාජකාරි ජිවිතෙ..






ඔව් ඔ‍ෆිස් එකෙත් එකට කාල බිලා ( කැම කෙසෙ වෙතෙත් බිමෙදි එකට ඉන්න) සෙට් එකක් ඉන්නවා






එත් කන බොන වෙලාවකදි පොඩි ෆන්






එකක් ගන්න  වෙලාවකදි ඇරෙන්න එ යාලුවන්ටත් නිසල් කියන පුද්ගලයා හ සම්බන්දව ඊට එහා ගිය සම්බන්දයක් තියෙනවද කියන ප්‍රශ්නෙ මගෙ හිතෙ තියෙනවා..






ඉතින් ඇත්තට මන් වෙනුවෙන් කදුලක් වැටෙනන කවුරුත් ඉදිවිද?