Content

හිත නතරවුනු තැන්

Monday, September 27, 2010




ආයෙත් මොනා හරි ටිකක් ලියල දාන්න කියල වෙලාවක් හම්බුනා..
අද මට පොඩි සටහනක් තියන්න හිතුනෙ මේ ජේවිතෙ එක එක කාල වලදී අපෙ හිතෙ ගොඩක් තදින් බැදෙන ඒත් කාලයත් එක්කම ටිකක් අමතක වෙන දෙවල් ගැන..එත් ජේවිතෙ හරිම පුදුමාකාරයි..අපි හිතුවත් ඒ තැන් වලට අපිට ආයෙමත් යන්නෙ වෙන්නෙ නෑ කියල ජීවිතෙ අපිව එ තැන් වලට ගෙන්යනවා!

කොලොබ කියන්නෙ මම ආයෙත් කාලෙකට පය නොතබන්න හිතන් හිටපු තැනක්..ඒත් ආයෙමත් මට කොළබ යන්න වෙලා තියෙනවා හැම සතියකම වගෙ..හැම දාම මම යද්දි මගෙ ඇස් නිතැනිම යොමු වෙන තැනක් තමයි "ගන්ගාරාමෙ" කියන්නෙ..ජීවිතෙ පලමු වෙනි වරට ලබපු ගොඩාක් සුන්දර අත්දෑකීම් තියෙන තැනක් තමයි එතන..

ඔන්න දවසක් මම යන්න ඔන වෙලාවට වඩා පැයැක් දෙකක් වෙලපගින් කොලොම්පුරේට සෙන්දු වුනා..
වෙලාව උදෙ හයට විතර ඇති.එ වෙලවට පැය දෙකක් තුනක් නතර වෙලා එන්නම් තරම් යාලුවෙකුත් නැති හින්දමද මන්දා මට එක පාරටම හිතට ආයෙ ගන්ගාරාමෙට ( පන්සල එහෙම නෙවෙ :P ) ටිකක් ගිහින් එන්න..

මම හිතාගෙන හිටියෙ ආයෙමත් එතනට නොයන්න එත් මොන හෙතුවකටද මන්දා හිතට මුලින්ම ආපු හැගීම එක..
මමත් එතින් කමක් නැ කියල පානදූර බස් එකක නැගලා ගන්ගාරෙමට ගියා..එතන වෙනද තියෙන පරිසරය නෙවෙ..උදේ පාන්දර හින්දමද මන්දා එතන වෙනදා හිනා වෙවි එන්න පෙම්වතුන් නම් හිටියෙ නෑ..පාලුවට ගිහින්.මම එතනට ගියාම තමා හිතෙ හිරවෙලා තිබ්බ ගොඩක් මතකයන් එලියට එන්න පටන් ගත්තෙ..

මෙ සටගනත් එක්ක තියෙන ඡායාරූපය මම ගත්තෙ එතනදි...

මම තාමත් පුදුම වෙන්නෙ කොච්චර කාලය ගත වුනත් සමහර දෙවල් කොච්ච්රනම් තදින් හිතේ නතර වෙලා තියෙනවදා කියල..

6 comments:

Ishara Epa at: October 14, 2010 at 12:06 PM said...

මල්ලියෝ ඇත්තටම ජීවිතේ අමතක නොවෙන සුන්දර අත්දැකීම් නම් තියනවා තමයි...
ඒත් ඒවා අතීතයට භාර දීලා ඒ ගැන පිටින් ඉඳගෙන පමණක්ම බලන එක තමයි වඩාත්ම හොඳ දේ...
අපට හමු වුණු මතකයන්ගෙන් ඉගෙන ‍ගන්න ඔන පාඩම් ඉගෙන ගෙන ජී‍විතේ ඉස්සරහට යාම තමයි වඩාත්ම සුදුසු දේ...
ඒ මතකය දුක් සහිතව අවසන් වුණා නම් ඒ දේ ආපහු නොවෙන්න වග බලා ගෙන තමන්ගෙ ඉදිරි ගමන යන්න...
ඒක තමයි කළ යුතු සුදුසුම දේ... මම හිතන විදිහට...
අපට ඒ මතක අමතක කරන්න නම් බැහැ තමයි...
ඒත් උත්සාහ කරන්න... අපේ ගමන දිහා සතුටින් හෝ දුකින් බලා‍ගෙන, ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න අපේ අම්මලා තාත්තලා ගැන හිතලා වැඩ කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි නේද?
ඒත් මම දන්නවා පිටින් ඉඳගෙන ඒ ගැන කියන්න බෑ ඒ අත්දැකීමම ලබපු කෙනෙකුට තමයි ඒ දේ ගැන වඩාත්ම හොඳින් තේරෙන්නෙ...
ඒත් මම කිව්වේ ටිකක් උත්සාහ කළොත් හොඳයි නේද???

නිසල් at: October 15, 2010 at 6:01 AM said...

ඔව් අක්කෙ ඔයා කියාන දේ ඇත්තක් තියෙනවා,ඇත්තටම එක ගොඩක් අමාරුයි තමා එත්..

ප්‍රාර්ථනා at: October 16, 2010 at 6:15 AM said...

අමාරු දේවල් උනත් ඒක තමා ඇත්ත නිසල්... කවදාහරි අපිට මුහුණදෙන්න වෙන ඇත්ත ගොඩක් තිත්තයි...ඒත් ඒ ඇත්තනේ..

නිසල් at: October 16, 2010 at 5:35 PM said...

ඔව් එක ඇත්ත නිසා තමයි අද මන් මෙච්චර දුක් වෙන්නෙ..

Ishara Epa at: October 20, 2010 at 8:36 AM said...

don't be worry malliya be happy....

Ishara Epa at: October 20, 2010 at 8:38 AM said...

ayyo malli don't worry be happy....

Post a Comment

අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..