Content

හිත නතරවුනු තැන්

Monday, September 27, 2010 6 comments




ආයෙත් මොනා හරි ටිකක් ලියල දාන්න කියල වෙලාවක් හම්බුනා..
අද මට පොඩි සටහනක් තියන්න හිතුනෙ මේ ජේවිතෙ එක එක කාල වලදී අපෙ හිතෙ ගොඩක් තදින් බැදෙන ඒත් කාලයත් එක්කම ටිකක් අමතක වෙන දෙවල් ගැන..එත් ජේවිතෙ හරිම පුදුමාකාරයි..අපි හිතුවත් ඒ තැන් වලට අපිට ආයෙමත් යන්නෙ වෙන්නෙ නෑ කියල ජීවිතෙ අපිව එ තැන් වලට ගෙන්යනවා!

කොලොබ කියන්නෙ මම ආයෙත් කාලෙකට පය නොතබන්න හිතන් හිටපු තැනක්..ඒත් ආයෙමත් මට කොළබ යන්න වෙලා තියෙනවා හැම සතියකම වගෙ..හැම දාම මම යද්දි මගෙ ඇස් නිතැනිම යොමු වෙන තැනක් තමයි "ගන්ගාරාමෙ" කියන්නෙ..ජීවිතෙ පලමු වෙනි වරට ලබපු ගොඩාක් සුන්දර අත්දෑකීම් තියෙන තැනක් තමයි එතන..

ඔන්න දවසක් මම යන්න ඔන වෙලාවට වඩා පැයැක් දෙකක් වෙලපගින් කොලොම්පුරේට සෙන්දු වුනා..
වෙලාව උදෙ හයට විතර ඇති.එ වෙලවට පැය දෙකක් තුනක් නතර වෙලා එන්නම් තරම් යාලුවෙකුත් නැති හින්දමද මන්දා මට එක පාරටම හිතට ආයෙ ගන්ගාරාමෙට ( පන්සල එහෙම නෙවෙ :P ) ටිකක් ගිහින් එන්න..

මම හිතාගෙන හිටියෙ ආයෙමත් එතනට නොයන්න එත් මොන හෙතුවකටද මන්දා හිතට මුලින්ම ආපු හැගීම එක..
මමත් එතින් කමක් නැ කියල පානදූර බස් එකක නැගලා ගන්ගාරෙමට ගියා..එතන වෙනද තියෙන පරිසරය නෙවෙ..උදේ පාන්දර හින්දමද මන්දා එතන වෙනදා හිනා වෙවි එන්න පෙම්වතුන් නම් හිටියෙ නෑ..පාලුවට ගිහින්.මම එතනට ගියාම තමා හිතෙ හිරවෙලා තිබ්බ ගොඩක් මතකයන් එලියට එන්න පටන් ගත්තෙ..

මෙ සටගනත් එක්ක තියෙන ඡායාරූපය මම ගත්තෙ එතනදි...

මම තාමත් පුදුම වෙන්නෙ කොච්චර කාලය ගත වුනත් සමහර දෙවල් කොච්ච්රනම් තදින් හිතේ නතර වෙලා තියෙනවදා කියල..

අමතක නොවන මතක...

Wednesday, September 1, 2010 1 comments
තවත් සීතල පාලු ‍‍රැයක්..කොම්පුටරෙ ඉස්සරහ මොනා හරි ලියන්න කියල ඉදගත්තට,හිතට තෙරෙන්නෙ මහ පාලු ගති යක්..හරියට කිසිම වලාකුලක් නැති නිල් පාට හිස් අහස වගෙ..
කිසිම පැහැදිලි හැගීමක් නැහැ..
හිතෙ ගොඩක් දෙවල් තියෙනවා කියල දැන උන්නත් එ කිසිම හැගීමක් මට හරියට තෙරුම් ගන්න බෑ
එත් එකම එක දෙයක් මම දන්නවා..ඒ මෙ නොපැහැදිලි හැගුම් සමුදාය මැද්දෙ "ඔයා"හැන්ගිලා ඉන්නවා කියල..
ඔයා මගෙ ජීවිතෙට ආයෙමත් එන්නෙ නෑ කියල දැන දැනම උනත් තාමත් මෙ හිත ඔයා ගැනම හිතන එකටනම් මට තියෙන්නෙ තරහක්..
එත් මොනවා කරන්නද
හිත පාලනය කරගන්න තරම් මම තාම දියුණු නැතිව ඇති..එත් එ ගැන මම දුක් වෙන්නෙනම් නෑ,මොකද එ පරණ මතකයන්.ඔයා එක්ක ගෙවුනු මොහොතවල් වලට සිත යද්දි දැනෙන්නෙ තෙරුම් කරන්න බැරි දුක මුසුවුනු සතුටු හැගීමක්..

එක කාලයක් තිබුනා අපි දෙන්නටම එකම විදිහට දැනුන,මම දුකින් ඉද්දි ඔයාත් දුකින්.මම සතුටින් ඉද්දි ඔයත් සතුටින්........
මෙ විදිහට එකට අපි අව්රුදු කීයක්නම් හිටියද..

අද ඔයා මව දාල ගිහින්..

එත් අදටත් මට හිතෙන්නෙ ඔය ගැන..ඔයා දුකෙන් ද සතුටෙන් ද...

එත් මට තෙරුම් ගන්න බැරි එකම එක දෙයක් තියෙනවා..

අවුරුදු ගානක් මන් එක්ක ඉදලා මගෙ දුක සැපබෙදා ගත්ත ඔයාට අද මන් නැතිව සතුටින් ඉන්න පුලුවනෛ උනෙ කොහමද කියන එක...


කඩඉමක් නොවු කඩඉම් දවසක්...

Saturday, August 28, 2010 4 comments
අද 2010 අගෝස්තු 28 වෙනිදා..වෙනදා වගෙම දවසක්...අදත් උදේම නැගිටලා ලැහැස්ති වෙලා වැඩට යන්න එන්නකොට මෙන්න එනවා නුපුරුදු නොම්බරෙකින් කෝල් එකක්..ටිකක් කල්පානා කරල කතා කෙරුව..
හුරු පුරුදු කටහඩක්..ස්කොලෙ හිටපු යාලුවෙක් ගෙන්..අද පොදු පරීක්ෂනෙලු..එ වගෙම අපෙ ස්කොලෙ කෙරුවාවෙ අන්තිම දවසලු ( මම ස්කොලෙන් හිටි හැටියෙ අස් වෙලා අව්රුද්දක් උනත් තාමත් උන් මාව උන්ගෙම එකෙක් විදිහට හිතනවා..වෙලාවකට එකත් හිතට සැනසීමක්..)
මු කොල් එක දීලා කියනවා අද ටෙස්ට් එක ඉවර වෙලා ආතල් එකක් තියෙයි එ හින්ද වෙලාවක් තියෙනවනම් මේ පැතතෙ වරෙන්ලු..
මම ඔෆිස් යන්නත් ලැහැස්ති වෙලා උන්නු හින්දා මාත් බලන්නම කියලා උටත් විෂ් කරලා වැඩැට ගියා..
එත් ගියාට පස්සෙ මට මතක් වුනේම ස්කොලෙ ගත කරපු එ කාලය..එ හින්දමයි ගොඩක් කාලෙකින් යාලුවො දැක්කෙත් නැති නිසා මම 10 ට ඔෆ් වෙලා ඉස්කොලෙ පැතතට ගියා..
එ යද්දිත් විබාගෙ එවරවෙලා නෑ..මන් ටිකක් කල්පනා කරල හිමිට පිටිපස්සෙ ගෙට්ටුවෙන් ඇතුලට ගිහින් ස්කොලෙ ඇතුලෙ හදල තියෙන බන්කුවක් උඩට වෙලා වාඩ් වුනා...
එ ඉද්දි තමා මට මතක් වුනෙ මෙ බන්කු උඩ අපෙ කොයි තරම් මතාක සටහන් තියෙනව ද කියලා
හොරෙන් ක්ලාස් ක්ට් කරලා මෙවට වෙලා හිටපුවා ,කාගෙ හරි යාලුවෙක් ගෙ වුවමනාවට ලස්සන නන්ගි කෙනෙක් ගැන ඔත්තු බලන්න කාපු කටු..පිරිත් දවස්වල මදුරුවො කාගෙන නිදා ගත්තුවා..
හිතට දැනෙන් නෙ මෙ මතක ගොඩාක් ඇතයි වගෙ..
එත් මෙ වෙලවා විභාගෙ ලියන මගෙ යාලුවන්ට එ මතක තාමත් අලුත්..මොකඩ තාමත් එයාල මෙ බන්කු උඩැ වාඩ් වෙලා ගෙවන්නෙ ඉස්කොලෙ ජීවිතය..එත් මම?
ඔහොම දහසකුත් දෙවක් ගැන හිත හිත ඉද්දි විභාගෙත් ඉවරවෙලා..
පන්ති කාමර වලින් එලියට ආපු අය තැන් තැන් වලට යන්න අරගෙන..මන් හිටපු බන්කුව ගාවිනුත් ජොඩු ජොඩු ,සෙට් සෙට් යන්න ගනිද්දි මාවත් මම හිතපු පන්තිය දිහාට ගියෙ තෙරෙන්නෙවත් නැතිව..
ඔන්න ඉතින් ගියා..පරන යාලුවොත් හම්බුනා...ගොඩක් අය ඇවිත් තොරතුරු අහනවා.."දැන් මොකද කරන්නෙ,ගොඩ කාලෙකින් දැක්කෙ"..මෙකි නිකී දෙවල් ගොඩයි..
ඔය අතරෙ ඉතින් හිත රිදෙන ප්‍රස්නත් නැතිවම නොවෙ..
ආදරෙ ගැන වගෙ..
හරි ඔහම ඔහම ප්‍රස්න වලට උත්තර දිලා මාත් පැත්තකට වෙලා බලාගෙන හිටියා..
ගොඩාක් දෙවල් වෙනවා..යලුවො සමුගන්නා..එක එක් කෙනවා වැලදගන්නවා..notebook අරගෙන විස්තර
ලියාගන්නවා..
පෙම්වතුන් සමු ගන්න ලතැවෙනවා.. ස්කොලෙ ඇදුම් වල එක එක් කෙනා අත්සන් කරනවා..

මෙ වගෙ දෙවල් ගොඩායි..

එත් මට හිටෙනවා මෙ මන් පොඩ්කාලෙ ඉදලම එකට හිටපු යාලුවො නෙද..අද ඉයාලට ජීවිතෙ වැදගත් දවසක්
A/L වල අන්තිම දවස..
සමරහ අයට දුක් අර දිනයක් ,මොකද සමුගැනීම නිසා..සමහර අයට ගොඩක් ලොකු සැනසීමක් මොකද
ජීව්තෙ ලොකු විභාගයක් එවර නිසා..
මගෙ ජීවිතෙන් මෙ වගෙම ,මෙ දවස වැදගත් වෙන්න තිබ්බා..එත් අද මට තවත් එක් සෙනසුරාදව් විතරයි..

අද මය ජීවත් වෙන්න රස්සාවක් තිබ්බත්..අනගතය ගැන පොඩි හරි විස්වාසයක් තිබ්බත් මට දැනෙනවා
කොතන හරි දෙයක් අඩු වුනා කියලා..

ඉත් එ මොකක්ද කියල මත හිතා ගන්නත් බෑ...

ආදරය ,විරහව දුක....ජීවිතය

Thursday, July 1, 2010 0 comments
තරුණ කාලෙ එ කියන්නෙ අවුරුදු 12-15 වෙද්දි ගොදක් අය ගෙ හිත් වල පලමු වතාවට ආදර හැගුම් පූදිනවා (දැන් ඉන්න උන්ගෙනම් අවුරුදු 5-10 නුත් වෙනවා ඇති )
මෙ එ කියන ආදරෙ ගැන මගෙ අදහස..

ඇත්තටන මෙ වයසෙදි ආදර කියන්නෙ මොකක්ද?
ගොඩක් අවස්තාවල එ ක රාගයට මුල් තැන දීලා ඇතිවෙනවා.එකට වැරද්දක් කියන්නත් බෑ,මොකද මෙ වයසට ඔහම තමා

එත් මෙ ආදරනිය හැගුම් ජිවිතයට ගොඩක් බරපතල අන්දමට බලපානවා..


කාලෙකදි මී පැනි වගෙ උන ආදරය කාලෙකට වහ කදුරු වගෙ වෙනවා....සමහර වෙලාවට අතීතය ගැනම දුක් වෙවී ජිවිතෙ වටිනාම කාලයක් නැති කරගන්න වා..

එත් අවසානයෙ එකම එක පුරස්නයක් අද මගෙ හිතෙ ඉතුරු වෙලා..

ඇත්තටම අපි කාටා හරි ආදරය කරා නම් එ ආදරෙ මොනයම් ම හෙතුවක් නිසා නැතිවුනානම් අපි අ මත්තෙම අපෙ ජිවිත්තෙ දුකෙන් ගෙවිය යුතුද...

සයිබර් යාලුවො..

Saturday, June 26, 2010 1 comments
සයිබර් අවකාශයෙ දි අපිට එක එක තාලෙ යලුවො හම්බවෙනවා,මෙය කියවන ඔබත් අන්තර්ජාලයට සමිප කෙනෙක් නම් මම මෙ කියන දෙ ගැන හොදට අත්දැකිම් ඇති.
මෙ සටහන එ වගෙ යාලුවො ගැන..

ඉස්සර අපිට හිට්ය හවසට සෙට් වෙලා පොඩ්ඩක් සෙල්ලම කරල පොඩ් fun එකක් ගන්න යාලුවො(තාමත් ඉන්නවා)
එත් දැන් ස්යිබර් යාලුවො වැඩ්යි,එ අය ජිවිතෙට ගොදක් ලන් වෙලා..

දුක සතූට වගෙ ගොඩක් දෙවල් අපි මෙ අයත් එක්ක බෙදාගන්න හුරු වෙලා..

ඔබත් මෙ වගෙ කෙනෙක් ද?

එහෙමනම් මෙතන අදහසක් ඉතුරු කරල යන්න

වෑදගත් ගිනුම් (Premium accounts)

Saturday, June 5, 2010 8 comments

ඔනන එතින් මටත් අදහසක් පහල උනා පින් අතේ වෑඩක් කරන්න ,කාට කාට හරි දානයක් දෙන එක පිනක් ලුනේ

එ හින්ද මාත් හිතුවා මන් ගාව තියෙන වෑදගත් ගිනුම් (Premium accounts)බෙදා හරින්න.

කාට හරි එ වගෙ ගිනුමක අවශයතාවයක් තියෙනවනම් මෙතන ඉල්ලීමක් කරන්නන පුලුවන්...

මන් ගාව තියෙනවනම් මම දෙන්නම් :)

වෙබ් සයිටි එකකට රෙජිස්ටර් නොවී ඇතුල්වෙමුද?

Tuesday, June 1, 2010 0 comments

හෑම දිස්සෙම රෙජිස්ටර් රෙජිස්ටර් ගගා දාන සයිටිස් මාර ඇනයක් නේද..
මේ එ ඇනෙන් ගෑලවෙන්න පුලුවන් ලෙසි විදිහක්...

(මෙක ෆයර් ෆොක්ස් කාරයනට විතරයි :) )

හරි අපි පටන් ගමු මුලින් ම ඇඩ්‍රස් බාර් එකට ගිහින්

"about:config

කියල ඇතුල් කරන්න,ඊට පස්සෙ එන බහු බුත ගෑන වෑඩිය හිතන්නෙ නෑතිව අර "Filter"බොක්ස් එකට යන්න,ගිහින් එකට

"useragent"

කියන එක ඇතුල් කරන්න.එතකොට ඔයාලට මුලින්ම පෙන්නන තිරෑව එ කියන්නෙ

"general.useragent.extra.firefox"

කියන එක බය නෑතිව

Googlebot/2.X

ttp://www.googlebot.com/bot.html


කියන එකට වෙනස් කරගන්න :)

eg