තව දුරටත් ලියනවද නැත්ද... පහුගිය ටිකේ හිතේ නලියමින් තිබුන අදහසක්..තාමත් ඒ ප්‍රස්නෙටනම් මන් ගාව හරි හම්න් උත්තරක් නෑ..ඒත් අදනම් දෙයක් ලියල යන්නම ඔන කියල හිතුනා..
2010 දෙසැම්බර් මාසෙ 7 වෙනිදා..මේ අව්රුද්දත් අවසානයට ඇවිත්..මේ වසරේ ඇත්තටම ජීවිතේ උන වෙනස් කම් නම් බොහෝමයි..
මේ ලියන්න යන්නෙ නම් ඒ ගැන දෙයක් නෙවේ..මේ මොහොතෙ මගෙ හිතට තදින්ම දැනෙන දෙයක් ගැන.
අද මගෙ වයසේ ගොඩාක් අයට පුදුම විදිහෙ වැදගත් දවසක්..ඒ අද උසස් පෙල විභාගයේ ප්‍රතිපල නිකුත් වෙලා..
අද මට සාමනය වැඩ දවසක්..
කාල්යාලෙයේ ඉදගෙන ඉන්න ගමන් දවල් 12ට විතර පරිගනකයේ පැත්තකින් පරන යාලුවෙක් ගේ නමක් මතු වුනා..
" මචන් AL රිසල්ට්ස් ආව නේද? කොහමද රිසල්ට්ස්?"
මට එක පාරටම පොඩි හිනාවක් ගියා..අන්තිමට ස්කෝලෙ දැකලත් දැන් අව්රුද්දකට වඩා වැඩි
කොහොම හරි ඒ යලුවත් එක්කත් ටිකක් කතා කරල ඌටත් සමු දිලා හවස් වෙනවක්ම සාමනය විදිහට වැඩ ටික කරගෙන ගියා..
වෙලාව 5.30..දන්නෙම නැතිව ඔff වෙන වෙලාවත් ඇවිත්..එලියේ මොර සූරන වැස්ස..වැස්සෙ තෙමීගෙනම දුරගෙන ගියා transport එකට..
තව එක යන්න විනාඩි ප15 විතර තියෙන නිසා මන් කල්පනාවට වැටුනා..අද මගෙ වයසෙ මගෙ පන්තියෙ අයෙගෙ සිතේ තියෙන සිතුවිලි,අද මගෙ හිතේ තියෙන සිතුව්ලි ගැන..
සමහරක් අයට අද ජීවිතේ ලොකුම සතුටු දවස..AL පාස් වෙලා..
සමහරක් අයට ගොඩාක් දුක දවසක්..
මේ දෙගොල්ලොම අතරෙ මගෙ හිතෙ තියෙන සිතුවිලි?
අද මට හිතෙනෙ එකම දේ මමත් AL කලා නම්? අද මට මොනා හිතේවිද...
Content
නුබ මට හිමි නැති බැවු..
" නුබ මට හිමි නැති බැවු
සිත නෑ අදහන්නෙ ..
සිත හැඩුවා ඇති දැන්
නුබ නෑ යලි එන්නෙ"
මේ සින්දුව හිතට ආවෙ කොයි වෙලාවෙද , හෝ ඇයිද කියන එක නම් මට මතක නෑ,ඒත් දැන් දවස් දෙක තුනක එදන්ම ඔය සින්දුව හිතේ දෝන්කාර දෙනව කියලනම් මතකයි..
සින්දුවේ ඔය පද දෙකයි මගේ ජීවිතේ අතරෙයි කොයිතරම් ලොකු සම්බන්දයක් තියෙනවද කියල මටම හිතාගන්න බෑ..කාලය ගොඩක් ඈතට ගෙවිලා ගිහින්..ගොඩක් දේවල් වෙනස් වෙලා එත් "ඔයා" තාවත් නොවෙනස් ව හිතට අරක් ගෙන ඉන්නෙ ඇයි කියන දේ තෙරුම් ගන්න බැරිව මම තාමත් ලතවෙනවා..
ඇත්තටම ජීවිතේ දි ඇති වෙන ආදරේ මොකක්ද ? එක ඇති වෙන්නෙ එක පාරක් විතරද?
තාමත් මගෙ හිතේ තියෙන නොවිසිදුන ප්‍රස්න...
ඒ කිසිම දේකට මන් ගාව අද උත්තර නෑ..මම දන්න එක ම දේ මගෙ ජීව්තේ වස්සානයත් අරගෙන ඔයා ගිහින්..
මම තවත් බලගෙන ඉන්නවා..ඒත් ඒ වස්සානෙ එනකම් ද නැත්තම ගිම්හානෙ වෙනකම්ද මම දන්නෙ නෑ...

සිහින..බලාපොරොත්තු!
තවත් මොකුත් ලියනවද නැද්දකියල හිතාගන්න බැරි තරමට හිත කාන්ස්යෙන් පිරිල..ඒත් එකට හේතුවක් හරියට මම වත් දන්නෙ නෑ..ඒත් මේ කාන්සිය මගේ හිතේ හිබුන "සිහින" , "බලාපොරොත්තු" තව දුරටත් නැති නිසාද?
ජීවිතේට "බලාපොරොත්තු"කියන දේ කොච්ච්චර වැදගත් කමක් තියෙනවද?මන් හිතන්නෙ නෑ කාටවත් 100% සාර්ඨක උත්තරයක් නම් දෙන්න පුලුවන් වේවි කියල
ඒත් මම හිතන හැටියට ජීවිතේ ඉදිරියට ගලාගෙන යන්න බලාපොරොත්තුවක් තියෙන්නම ඔන,බලාපොරොත්තුවක් නැති ජීවිතේ හරියට මල් පිපෙන්නෙ නැති රෝස පැලයක් වගෙයි,මලක් පිපුනම රෝස ඉත්තක තියෙන ලස්සන සුවද අපි හැමෝම දන්නවා,අපි හැමෝම ඒ රෝස පැලේට ආදරේ කරනවා..එත් මල් පිපෙන්නෙ නැති රෝස පැලේකට?...
අපි කවුරුත් ආදරේ කරන්නෙ නෑ නේද?
බලාපොරොත්තුවක් නැතිව ගෙවනෙ ජීවිතේයි මේ මල් නොපිපෙන රෝස පැලෙයි අතර ඒ තරම් වෙනසකන් නෑ,
ඒ රොසෙ පැලේට වගේම එ හිතකට ආදරේ ලෙන්ගතුකමක් පාන්න කවුරුත් ඇත්තෙන් නෑ

ඔයාට තාමත් පුලුවන්..ඔයා විස්වාස කරනවනම්!
අපිට ජීවිතයෙදි ගොඩාක් වෙලාවල් වලදි හිතෙනවා අපි මොනා හරි කරන්න ගියාම අපිට ඒ දේ කරගන්න බැරි වෙයි කියන හැගීම! අනේ මට මේ exam එක පාස් වෙන්න බැරි වේවි , මට මේ කෙල්ලවනම් යාලු කරගන්න බැරි වේවි,මන් මේ දේ කලොත් අරයා මෙයා තරහ වෙවී..ඔය වගේ නානාප්‍රකාර දේවල් අපි දෙයක් කරන්න යද්දි අපිත හිතෙනවා නේද?
අපී ඒ හැගීම් නිසාම අපි කරන්න හිතාගෙන ඉන්න ගොඩක් වැද අතහැරල දානවා නැත්තම පස්සෙ කරමු කියලා පස්සට දානව.
ඒත් මොහොතකට හරි ඔයාලට හිතිල තියෙනවද ඔයාල ඒ කරන්න හදපු දේ කරානම් කියල?
ඔයාගෙ හිතෙ ඇති වුන බය/සැකය/අවිනිස්චිතබාවය හින්දා ඒ කරන්න ඉදලා අත හැරපු දේවල් කලානම්?
මේ video එක බලපුවාම ඔයාලටම හිතේවි..

මල නොමැත එදා මෙන්...
නෙත් කැලුම් පුබුදු වන
රතු රොස මල් කැකුල
ගෙන එවි තුටු හැගුම්
හද පුරා ගෙන සතුට
නෙක සුවද විහිදෙමින්
වැජබෙනා සොද කුසුම
පෙම් බදිමි නෙතු අයා
එ සුවද මල වෙතම
ලැබ ගන්න පාරමී
පිරූ වෙමි මා තනිව
සිපගතිමි රොස මල
විදින්නට එ මිහිර
එහෙත්
මල නොමැත එදා මෙන්
සුවද දෙන්නට තාම
නෙලා ගෙන ඇත රෝස
ඉතිරිකර කටු ඉත්ත...
සදක් ඇවිල්ලා
"තවත් දවසක් ඉවර වෙලා
ඈත කොනෙන් නුබ බැහැල යනවා මන් බලා උන්නෙ
හිත සන්තාපයෙන් වෙලෙද්දි..
හීන් කලුවරත් අරගෙනෙ නුබ නොපෙනී යද්දි
හරියට දැනුනෙ මුලු ජීවිතයම ඒ එලියත් එක්කම
මැරිල යනවා වගෙ..
එත් මන් නුබට යන්න එපා කියල බල කලෙ නෑ
මොකද මන් දන්නවා නුබට යන්නම සිද්දවෙන
විත්තිය..
එත් නුබ නොපෙනී යන අන්තිම මොහොත වෙද්දිවත්
මට හිතා ගන්නෙ බැරුවයි උන්නෙ නුබ නැතිව මන්
ජීවත්වෙන්නෙ කොහැමයි කියල..
නුබටනම් ඒ ගැන හාන්කවිස්සියක් නැතිව වාගෙ නුබ
අදුරු රෑ මට තිලින කරල යන්න ගියා..
...................................
හතර වටින්ම කලුවර විතරයි මට පෙනුනෙ..මන් ඇස් දෙක
පියාගෙන හිතුවෙ එකම එක දෙයක් ගැන විතරයි
එ නුබ නැතිව මගෙ ජීවිතෙ ගෙනියන්නෙ කොහමද කියලා..
කොයි තරම් නම් කාලයක් ගතවුනාද මම දන්නෙ නෑ
එත් මම හොයපු උත්තරෙනම් මට ලැබුනෙ නෑ
මම ආයෙත් ඇස් ඇරියා මට නුබ දිලා ගියපු කලුවර දැකගන්න..
එත් එ කලුවර තවත් එතිරි වෙලා නෑ..
නුබ තරම් රලු නැති සෞමය එලියක් හැම තැනම පැතිරිලා..
ඔව් ආයෙමත් එලියක් පායල..එත් එ නුබ නෙවෙ!!
මුලු ජීවිතයට තිබ්බ එලිය නුබ කියල හිතුවට මට වැරදිලා..!!
නුබ දීල ගියපු කලුවර මකන්නෙ
සදක් ඇවිල්ලා....!!!!"

ආසා නැතිද මාත් එක්ක..
කසුන්..ඇත්තටම අද්විතීය ගායකයෙක්..වැඩි විස්තර ඔන නැ මේ සින්දුව ඇහුවම ඔයාලටම තේරෙවී.