Content

සදක් ඇවිල්ලා

Wednesday, October 27, 2010

"තවත් දවසක් ඉවර වෙලා
ඈත කොනෙන් නුබ බැහැල යනවා මන් බලා උන්නෙ
හිත සන්තාපයෙන් වෙලෙද්දි..
හීන් කලුවරත් අරගෙනෙ නුබ නොපෙනී යද්දි
හරියට දැනුනෙ මුලු ජීවිතයම ඒ එලියත් එක්කම
මැරිල යනවා වගෙ..
එත් මන් නුබට යන්න එපා කියල බල කලෙ නෑ
මොකද මන් දන්නවා නුබට යන්නම සිද්දවෙන
විත්තිය..
එත් නුබ නොපෙනී යන අන්තිම මොහොත වෙද්දිවත්
මට හිතා ගන්නෙ බැරුවයි උන්නෙ නුබ නැතිව මන්
ජීවත්වෙන්නෙ කොහැමයි කියල..
නුබටනම් ඒ ගැන හාන්කවිස්සියක් නැතිව වාගෙ නුබ
අදුරු රෑ මට තිලින කරල යන්න ගියා..
...................................
හතර වටින්ම කලුවර විතරයි මට පෙනුනෙ..මන් ඇස් දෙක
පියාගෙන හිතුවෙ එකම එක දෙයක් ගැන විතරයි
එ නුබ නැතිව මගෙ ජීවිතෙ ගෙනියන්නෙ කොහමද කියලා..
කොයි තරම් නම් කාලයක් ගතවුනාද මම දන්නෙ නෑ
එත් මම හොයපු උත්තරෙනම් මට ලැබුනෙ නෑ
මම ආයෙත් ඇස් ඇරියා මට නුබ දිලා ගියපු කලුවර දැකගන්න..
එත් එ කලුවර තවත් එතිරි වෙලා නෑ..
නුබ තරම් රලු නැති සෞමය එලියක් හැම තැනම පැතිරිලා..
ඔව් ආයෙමත් එලියක් පායල..එත් එ නුබ නෙවෙ!!
මුලු ජීවිතයට තිබ්බ එලිය නුබ කියල හිතුවට මට වැරදිලා..!!
නුබ දීල ගියපු කලුවර මකන්නෙ

සදක් ඇවිල්ලා....!!!!
"


4 comments:

ප්‍රාර්ථනා at: October 27, 2010 at 9:17 AM said...

හ්ම්..:):) සඳක් ඇවිල්ලා..අහ්..?
එහෙනම් අපිට ළඟදිම සතුටුදායක ආරංචියක් අහන්න ලැබෙයි නේද..?
හරිම ලස්සනයි අදත්..
blogඑකේම ලොකුවට තියනකොට හොඳ ප්‍රාණවත් බවක් දැනෙනවා..
හදවතින්ම සුභ පතනවා සහෝ..!

නිසල් at: October 27, 2010 at 9:33 AM said...

කවුරුත් ආවෙ නෑ අනේ ඔකත් ඔය කාලෙකට කලින් ලියපු එකක් නිකම් දාන්න හිතුනා.. :)

හිස් අහස at: October 27, 2010 at 9:44 AM said...

එල ! ලස්සන පද ටික .

ජයවේවා !

නිසල් at: October 27, 2010 at 9:46 AM said...

ස්තුති සහෝ

Post a Comment

අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..