මගේ ජීවිතෙ තවත් පැත්තක් ගැන ටිකක් ලියන්න කියල අද මට හිතුනා.මේක මගේ හිතට ගොඩක් තදින් වැදුන
දෙයක්
මම නම් තාම පොඩි රස්සාවක් කරන්නෙ..ටිකක් ජනප්‍රිය සමාගමක පරිගනක ක්‍රියාකරුවෙක් විදිහට තම වැඩ
කරන්නෙ.
මේ සමාගමෙ පැති කීපයක්ම තියෙනවා,එකක් තම ඇගලුම් කර්මාන්තය.අද මට ලියන්න හිතුනෙ මේ ඇගලුම්
කම්මහල් වල වැඩ කරන අපේම සහෝදරියන්ගේ ජීවිත ගැන.මම වැඩ කරන තැනට අපාහසයක් කරන්න මේ
ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නෙ නෑ මොකද මම දන්නවා අනිත් ඇගලුම් කම්හල් එක්ක
සන්සන්දනාත්මකව බලපුවම මේ සමගාම තමන්ගෙ සේවකයන්ට හොදට සලකන විත්තියනම්.
හරි මම ලියන්න ගියපු දේට ආයෙ එන්නම්කෝ.ඇත්තටම අවුරුදු 18 පිරුනු ගමන් පොඩි ගැහැනු ලමයෙක්
ගාමන්ට් එකක රස්සාවක් හොයාගෙනෙ එන්නෙ ඇයි?
ඔන කෙනෙක් ට තේරෙනවනෙ ඒ තමන්ට තියෙනෙ ආර්තිකමය ප්‍රශ්න නිසා ලියල..මෙහෙම එන අයගෙන්
බොහොමයක් දෙනා ඈත පාලාත් වලින් ආපු අය.කිලෝ මීටර් 100 ගනන්ක් දුර ගෙවාගෙන ඇවිත් පොඩි
කාමර කෑල්ලක් හොයාගෙන තමන්ට ගමේ නොතිබුන "දිව්ය ලෝකය" හොයාගෙන ඇවිත් ඉන්න
අය.ඇත්තටම ඒ අයට ඒ දේ ලැබෙනවද?
ඇත්තටම වෙන්නෙ ගමේදි තමන්ගෙ ආත්ම ගවුරවය රැකගෙන හිටපු අය මෙහෙ ඇවිත් හිතක් පපුවක් නැති ගල් වගේ "බොස්" ලට බාල්දු වෙන එක විතරයි
තමන්ගෙ මුලු ජීවිතේම එක බෝඩින් කාමයෙකට හිර කරගෙන අපේම සහෝදරියෝ වැඩට ඇවිත් බැනුම් අහ අහා අන්ටිමට මාසෙ අන්ටිමට තමන්ගෙ වියදමවත් හොයා ගන්න බැරිව නය වෙනවා..
ලැජ්ජබය ඇතිව හැදුන ඒ අයම මේ ගිනි ගත්තු පොලොවෙ වැඩවාසය කරන "යක්ෂයින්ට" බිලි වෙනවා..
මේ සිද්දි දාමය ජිවිතෙ හැමදාම දැකින දෙයක් වෙලා...
1 comments:
කතාව ඇත්ත..ඒත් හැමදාම වෙන්නේ එකම දේ නේද නිසල්? සාමාන්‍යයෙන් කටුකයි තමා සත්‍ය.. ඒත් ඒ හැර වෙන විකල්ප නෑ.ඒ නිසානෙ දැන දැනත් ඇඟලුම් කර්මාන්තයට ඔච්චර අය බැඳෙන්නෙ...
Post a Comment
අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..