Content

මල නොමැත එදා මෙන්...

Thursday, October 28, 2010
නෙත් කැලුම් පුබුදු වන
රතු රොස මල් කැකුල
ගෙන එවි තුටු හැගුම්
හද පුරා ගෙන සතුට
නෙක සුවද විහිදෙමින්
වැජබෙනා සොද කුසුම
පෙම් බදිමි නෙතු අයා
එ සුවද මල වෙතම
ලැබ ගන්න පාරමී
පිරූ වෙමි මා තනිව
සිපගතිමි රොස මල
විදින්නට එ මිහිර

එහෙත්

මල නොමැත එදා මෙන්
සුවද දෙන්නට තාම
නෙලා ගෙන ඇත රෝස
ඉතිරිකර කටු ඉත්ත...

2 comments:

ප්‍රාර්ථනා at: October 29, 2010 at 6:59 AM said...

හරිම ලස්සනයි පදවැල් සොයුර...
රෝස කටුවෙන් සිදුරු වූ ඇඟිලි තවමත්
පුපුරු ගසමින්
වේදනා දෙන සැටියකි..

නිසල් at: October 29, 2010 at 8:05 AM said...

හ්ම්ම්ම් ඔව් :(

Post a Comment

අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..