Content

තත්පරෙන් තත්පරය....

Tuesday, October 12, 2010
ජීවිතේ... ගෙවිල යන හැටි නම් හිතා ගන්නවහ් බැරි තරම්..අවුරුදු දෙකක් තුනක් පිටිපස්සට බලමුවම අද මම ඉන්න තැන ගැන මටම පුදුම හිතෙනවා ස්කොලෙ යද්දි හිතෙ තිබ්බ බලාපොරොත්තු අද හිත කොනකවත් හොයාගන්න නෑ..එ වෙනුවට අලුත් බලාපොරොත්තු ඇවිත්..එත් කාලයත් එක්කම එවලින් සමහරක් කලින් වගේම නැති වෙලා යාවි. අලුත් බලාපොරොත්තු,අලුත් මුණු,අලුත් චරිත ජීවිතෙට ලන් වෙවී..දැන් ලන් වෙලා ඉන්න අය දුරස් වෙලා යාවි..එත් ජීවිතෙ නැවතින්නෙම නැතිව දිගටම ගලාගෙන යාවි..හරියට මොකුත් නොවුන වගෙ..

අද අපිට නැතිවුන දෙයක් ගැන දුක් වෙන අපිම කවද හරි කාලෙක අපිටම හිනාවෙවි ඇයි අපි එ වගෙ දෙකට ඇදුවෙ කියලා.ටිකක් කල්පනා කරද්දි ජීවිතෙත් හරියට මෙගා ටෙලිනාට්යක් වගෙ..කොච්චර අපි හිතන් හිටියත් මේක මේ විදිහට එවර වෙයි කියලා ඇත්තටම කිසිම දෙයක් අපි හිතන විදිහට එවර වෙන් නෙ නෑ,එක එක එක පැත්තට ඇදි ඇදී තියෙනවා!


එ එක්කම අපි දවසින් දවස මරණෙට කිට්ටු වෙනවා...

4 comments:

h at: October 13, 2010 at 7:23 AM said...

මරණය කියන්නෙ ඔයා කියපු ජීවිතය කියන මෙගා නාටකයේ අවසාන ජවනිකාව... මට නම් ඒක සතුටට කාරණයක්....

නිසල් at: October 13, 2010 at 7:35 AM said...

ඔව් සමහර විට එක මේ නාටකයට වඩා හොද ඇති :)

ප්‍රාර්ථනා at: October 14, 2010 at 10:52 AM said...

ජීවිතේ අපි ජීවත් කරවන්නේ අළුත් බලාපොරොත්තූ..අළුත් බලාපොරොත්තු නැත්තම් අපි ඉවරයි...එතකොට තමා ජීවිතේ නැති කරගන්න හිතෙන්නේ......... මරණෙට ළං වෙනවා..අපේ උපතින් ඈත් වෙනවා...අළුත් උපතකට ළං වෙනවා...

නිසල් at: October 15, 2010 at 5:59 AM said...

ඔව් ජීවිතෙම එක්තරා ආකාරයක රවුමක් වගෙ :) අපි කොතැනකට කැරකිලා ගියත් අන්ටිමට අපි නතරෙවෙන්නෙ එකම තැනක නේද..

Post a Comment

අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..