Content

ආසා නැතිද මාත් එක්ක..

Tuesday, October 26, 2010 5 comments
කසුන්..ඇත්තටම අද්විතීය ගායකයෙක්..වැඩි විස්තර ඔන නැ මේ සින්දුව ඇහුවම ඔයාලටම තේරෙවී.






කාලෙකට කලින්

Monday, October 25, 2010 3 comments
මේ බ්ලොග් එකේ කවි දාන්න කියලනම් හිතාගෙන හිටියේ නෑ එත් නිකමට වගේ කාලෙකට කලින් ලියැවෙච්ච හිතට දැනුන කවියක් මේකෙ පල කරන්න හිතුනා..කියලව බලන්නකෝ




අපේම සහෝදරියෝ

Thursday, October 21, 2010 1 comments
මගේ ජීවිතෙ තවත් පැත්තක් ගැන ටිකක් ලියන්න කියල අද මට හිතුනා.මේක මගේ හිතට ගොඩක් තදින් වැදුන

දෙයක්
මම නම් තාම පොඩි රස්සාවක් කරන්නෙ..ටිකක් ජනප්‍රිය සමාගමක පරිගනක ක්‍රියාකරුවෙක් විදිහට තම වැඩ

කරන්නෙ.
මේ සමාගමෙ පැති කීපයක්ම තියෙනවා,එකක් තම ඇගලුම් කර්මාන්තය.අද මට ලියන්න හිතුනෙ මේ ඇගලුම්

කම්මහල් වල වැඩ කරන අපේම සහෝදරියන්ගේ ජීවිත ගැන.මම වැඩ කරන තැනට අපාහසයක් කරන්න මේ

ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නෙ නෑ මොකද මම දන්නවා අනිත් ඇගලුම් කම්හල් එක්ක

සන්සන්දනාත්මකව බලපුවම මේ සමගාම තමන්ගෙ සේවකයන්ට හොදට සලකන විත්තියනම්.

හරි මම ලියන්න ගියපු දේට ආයෙ එන්නම්කෝ.ඇත්තටම අවුරුදු 18 පිරුනු ගමන් පොඩි ගැහැනු ලමයෙක්

ගාමන්ට් එකක රස්සාවක් හොයාගෙනෙ එන්නෙ ඇයි?
ඔන කෙනෙක් ට තේරෙනවනෙ ඒ තමන්ට තියෙනෙ ආර්තිකමය ප්‍රශ්න නිසා ලියල..මෙහෙම එන අයගෙන්

බොහොමයක් දෙනා ඈත පාලාත් වලින් ආපු අය.කිලෝ මීටර් 100 ගනන්ක් දුර ගෙවාගෙන ඇවිත් පොඩි

කාමර කෑල්ලක් හොයාගෙන තමන්ට ගමේ නොතිබුන "දිව්ය ලෝකය" හොයාගෙන ඇවිත් ඉන්න

අය.ඇත්තටම ඒ අයට ඒ දේ ලැබෙනවද?

ඇත්තටම වෙන්නෙ ගමේදි තමන්ගෙ ආත්ම ගවුරවය රැකගෙන හිටපු අය මෙහෙ ඇවිත් හිතක් පපුවක් නැති ගල් වගේ "බොස්" ලට බාල්දු වෙන එක විතරයි
තමන්ගෙ මුලු ජීවිතේම එක බෝඩින් කාමයෙකට හිර කරගෙන අපේම සහෝදරියෝ වැඩට ඇවිත් බැනුම් අහ අහා අන්ටිමට මාසෙ අන්ටිමට තමන්ගෙ වියදමවත් හොයා ගන්න බැරිව නය වෙනවා..
ලැජ්ජබය ඇතිව හැදුන ඒ අයම මේ ගිනි ගත්තු පොලොවෙ වැඩවාසය කරන "යක්ෂයින්ට" බිලි වෙනවා..

මේ සිද්දි දාමය ජිවිතෙ හැමදාම දැකින දෙයක් වෙලා...

සින්දුවක් කරපු දෙයක්..

Monday, October 18, 2010 4 comments
ගොඩාක් කාලෙකට කලින් ආස කරපු සින්දුවක් අහම්බෙන් වගෙ ආයෙත් අහන්න ලැබුනා!ගොඩක් පරන මතක "නුබ"
ගැන ආයෙමත් හිතට ගෙන්න මේ සින්දුවට ගත වුනේ කොච්චර සුලු වෙලාවද..
නිකමට වගෙ හිතුනා මේ සින්දුව ඔයාලත් එක්ක බෙදා ගන්න :)





ජීවිතේ..යාලුවෝ...අන්තර්ජාලය....

Friday, October 15, 2010 2 comments
අන්තර්ජාලය..කලිනුත් මන් මේ ගැන ලියුව එත් ආයෙමත් මට මේ ගැන ලියන්න හිතුනා,ඇත්තටම ජීවිතේට

"අන්තර්ජාලය" කියන දේ කොච්චර නම් බලපැමක් එල්ල කරනවද..සමහර අයෙකුට එක නරක පැත්තට

බර වෙන්න පුලුවන් සමහර අයට එක හොද පැත්තට , මේ ලිපියනම් හොද නරක ගැන කතා කරන්නෙ

නෙවේ,මගෙ ජීවිතේ අත්දැකීමුත් එක්ක අන්තර්ජාලය ගැන සටහනක් තියන්න..

මට මතක තියෙන කාලෙ හැටියට මම මුලින් ම අන්තර්ජාලය කියන දේට යොමු වුනේ මට වයස 14-15

විතර.ඒ කාලෙ අන්තර්ජාල සම්බන්දතා හැම තැනම තිබුනේ නෑ, මන් මේකට යොමු වුනෙ මොන දේ නිසාද

කියලවත් මත පැහැදිලි මතකයක් නෑ..ඒත් ගොඩාක් එක්මනට මන් අන්තර්ජාලෙත් එක්ක කිට්ටු සම්බන්දයක්

හදා ගත්ත කියල නම් මම දන්නවා.
කිසිඅ පන්තියක්,ගෙදර පරිගනකයක් නැතිව වුනත් මෙ ඇති වුන සම්බන්දෙ ගොඩක් සක්තිමත් වුනා ( අදටත්

මම දන්නෙ නැ එක හොදක් ද නැද්ද කියලා)

මන් මටම කියලා අන්තර්ජාල සම්බන්දයක් ගද්දි මට අන්තර්ජාලය හරහා ගොඩාක් යාලුවො ඇති වෙලා,එ

වගෙම මගෙ පලමුවෙනි ආදරෙත් මේ නිසාම ඇති වෙලා,අද එක නැතත් ඒ මතකයන් කවදාවත් මැකෙන්නෙ

නැති විදිහට හිතෙ හිර වෙලා!
අදත් දවල් වරුවෙම රස්සාව කරල හවසට ගෙදර ඇවිත් අන්තර්ජාලෙට ගොඩ වුනාම එකමද මගෙ ජීවිතෙ කියල හිතෙනවා..
කවදාවත් දැකල නැති ඒත් ජීවිතෙට ගොඩක් ලන් වුන යාලුවො මන් එනකම් බාලාගෙන එනව වගෙ..අද දවසෙ වුනු දෙවල් බෙදා හදා ගන්න ,යාලුවන්ගෙ ජීව්තෙ වුන දෙවල් දැන ගන්න..මගෙ ජීව්තෙ 90% දෙවල් අද අන්තර්ජාලෙත් එක්ක බැදිලා.අලුත් පුද්ගලයන් හම්බෙනවා , තරහ වෙනවා..දුක ම් සතුට විතරක් නෙවේ ආදරය විරහව හැම දේම මෙ සයිබර් අවකාසෙ ඇතුලෙ හිර වෙලා තියෙනවා..ඒ මන් වගෙම තව ජිවිත ගොඩක් එක්ක..මන් මගෙ ජීව්තෙට අන්තර්ජාලය ගෙනත් දිපුව ගැන මම ගොඩාක් සතුටුයි..සමහරක් වෙලාවට තවත් අයගෙ ජීවිතවල මේ වගෙ කතවාන් ගැබ් වෙලා ඇති..

මම දන්නෙ නැ මෙ වෙනුවෙන් කාටද තුති පුදන්න ඔන කියල..අන්තර්ජාලයට අයිති කාරයෙක් නැ කියනවනේ :)

එහෙනම් මන් මෙ ලිපිය ඉවර කරන්නම් ඔයාල හැමෝටම ස්තුති කරමින්..මොකද මෙක කියනවන හැමෝම වගෙ මගෙ ජීව්තෙට නෙ සයිබර් අවකාසය නිසා සම්බන්ද වුබ කෙනෙක්..

කවදවාත් දැකල නැති අපි හිත් වලින් ගොඩක් ලන් වුන අය නේද?...

තත්පරෙන් තත්පරය....

Tuesday, October 12, 2010 4 comments
ජීවිතේ... ගෙවිල යන හැටි නම් හිතා ගන්නවහ් බැරි තරම්..අවුරුදු දෙකක් තුනක් පිටිපස්සට බලමුවම අද මම ඉන්න තැන ගැන මටම පුදුම හිතෙනවා ස්කොලෙ යද්දි හිතෙ තිබ්බ බලාපොරොත්තු අද හිත කොනකවත් හොයාගන්න නෑ..එ වෙනුවට අලුත් බලාපොරොත්තු ඇවිත්..එත් කාලයත් එක්කම එවලින් සමහරක් කලින් වගේම නැති වෙලා යාවි. අලුත් බලාපොරොත්තු,අලුත් මුණු,අලුත් චරිත ජීවිතෙට ලන් වෙවී..දැන් ලන් වෙලා ඉන්න අය දුරස් වෙලා යාවි..එත් ජීවිතෙ නැවතින්නෙම නැතිව දිගටම ගලාගෙන යාවි..හරියට මොකුත් නොවුන වගෙ..

අද අපිට නැතිවුන දෙයක් ගැන දුක් වෙන අපිම කවද හරි කාලෙක අපිටම හිනාවෙවි ඇයි අපි එ වගෙ දෙකට ඇදුවෙ කියලා.ටිකක් කල්පනා කරද්දි ජීවිතෙත් හරියට මෙගා ටෙලිනාට්යක් වගෙ..කොච්චර අපි හිතන් හිටියත් මේක මේ විදිහට එවර වෙයි කියලා ඇත්තටම කිසිම දෙයක් අපි හිතන විදිහට එවර වෙන් නෙ නෑ,එක එක එක පැත්තට ඇදි ඇදී තියෙනවා!


එ එක්කම අපි දවසින් දවස මරණෙට කිට්ටු වෙනවා...

තවත් අලුත් මාසයක්..

Monday, October 4, 2010 1 comments
ඔක්තෝම්බර්..තවත් අලුත් මාසයක් ඇවිත්..කාලය ගෙවිල යන විදිහ ගැන නම් මට හාන්කවිස්සියක් වත් දැනෙන් නෙ නැති හැඩයි..එක දවසක් ගෙවිලා තවත් දවසක් උදා වෙන්නෙ එක මොහොතකින් වගෙ.හැම්දාම එකම රෝදෙ කැරෙකෙනවා වගෙ.උදේම ඇහැරිලා ලැහැස්ති වෙලා වැඩට ගියාට පස්සෙ දවල් වරුව ගතවෙනවා තෙරෙන්නෙවත් නෑ.
ආයෙත් වැඩ ඇරිලා ඇවිත් දන්න කියන හෝ නොදන්න කෙනෙක් එක්ක හරි කතාවක් දාගෙන අන්තර්ජාලය හරහා තියෙන වැඩකුත් කරගෙන මේ වගෙ ටිකක් ‍රැ වුනාම නිදාගන්නවා...

මෙ රෝදෙ කැරකුනා ඇති වගෙ මට හිතෙනවා..ජීවිතෙට වෙනසක් ඔන,අලුත් නැවුම් දෙයක්..ඒත් මට හිතාගන්න බැරි මොකක්ද මේ හිත ඉල්ලන වෙනස කියලා..