Content

ජීවිතේ..යාලුවෝ...අන්තර්ජාලය....

Friday, October 15, 2010
අන්තර්ජාලය..කලිනුත් මන් මේ ගැන ලියුව එත් ආයෙමත් මට මේ ගැන ලියන්න හිතුනා,ඇත්තටම ජීවිතේට

"අන්තර්ජාලය" කියන දේ කොච්චර නම් බලපැමක් එල්ල කරනවද..සමහර අයෙකුට එක නරක පැත්තට

බර වෙන්න පුලුවන් සමහර අයට එක හොද පැත්තට , මේ ලිපියනම් හොද නරක ගැන කතා කරන්නෙ

නෙවේ,මගෙ ජීවිතේ අත්දැකීමුත් එක්ක අන්තර්ජාලය ගැන සටහනක් තියන්න..

මට මතක තියෙන කාලෙ හැටියට මම මුලින් ම අන්තර්ජාලය කියන දේට යොමු වුනේ මට වයස 14-15

විතර.ඒ කාලෙ අන්තර්ජාල සම්බන්දතා හැම තැනම තිබුනේ නෑ, මන් මේකට යොමු වුනෙ මොන දේ නිසාද

කියලවත් මත පැහැදිලි මතකයක් නෑ..ඒත් ගොඩාක් එක්මනට මන් අන්තර්ජාලෙත් එක්ක කිට්ටු සම්බන්දයක්

හදා ගත්ත කියල නම් මම දන්නවා.
කිසිඅ පන්තියක්,ගෙදර පරිගනකයක් නැතිව වුනත් මෙ ඇති වුන සම්බන්දෙ ගොඩක් සක්තිමත් වුනා ( අදටත්

මම දන්නෙ නැ එක හොදක් ද නැද්ද කියලා)

මන් මටම කියලා අන්තර්ජාල සම්බන්දයක් ගද්දි මට අන්තර්ජාලය හරහා ගොඩාක් යාලුවො ඇති වෙලා,එ

වගෙම මගෙ පලමුවෙනි ආදරෙත් මේ නිසාම ඇති වෙලා,අද එක නැතත් ඒ මතකයන් කවදාවත් මැකෙන්නෙ

නැති විදිහට හිතෙ හිර වෙලා!
අදත් දවල් වරුවෙම රස්සාව කරල හවසට ගෙදර ඇවිත් අන්තර්ජාලෙට ගොඩ වුනාම එකමද මගෙ ජීවිතෙ කියල හිතෙනවා..
කවදාවත් දැකල නැති ඒත් ජීවිතෙට ගොඩක් ලන් වුන යාලුවො මන් එනකම් බාලාගෙන එනව වගෙ..අද දවසෙ වුනු දෙවල් බෙදා හදා ගන්න ,යාලුවන්ගෙ ජීව්තෙ වුන දෙවල් දැන ගන්න..මගෙ ජීව්තෙ 90% දෙවල් අද අන්තර්ජාලෙත් එක්ක බැදිලා.අලුත් පුද්ගලයන් හම්බෙනවා , තරහ වෙනවා..දුක ම් සතුට විතරක් නෙවේ ආදරය විරහව හැම දේම මෙ සයිබර් අවකාසෙ ඇතුලෙ හිර වෙලා තියෙනවා..ඒ මන් වගෙම තව ජිවිත ගොඩක් එක්ක..මන් මගෙ ජීව්තෙට අන්තර්ජාලය ගෙනත් දිපුව ගැන මම ගොඩාක් සතුටුයි..සමහරක් වෙලාවට තවත් අයගෙ ජීවිතවල මේ වගෙ කතවාන් ගැබ් වෙලා ඇති..

මම දන්නෙ නැ මෙ වෙනුවෙන් කාටද තුති පුදන්න ඔන කියල..අන්තර්ජාලයට අයිති කාරයෙක් නැ කියනවනේ :)

එහෙනම් මන් මෙ ලිපිය ඉවර කරන්නම් ඔයාල හැමෝටම ස්තුති කරමින්..මොකද මෙක කියනවන හැමෝම වගෙ මගෙ ජීව්තෙට නෙ සයිබර් අවකාසය නිසා සම්බන්ද වුබ කෙනෙක්..

කවදවාත් දැකල නැති අපි හිත් වලින් ගොඩක් ලන් වුන අය නේද?...

2 comments:

ප්‍රාර්ථනා at: October 15, 2010 at 9:04 PM said...

හ්ම්.. මම නම් අන්තර්ජාලෙන් මිතුරු සම්බන්ධකම් හදා ගත්තේ ළඟදී..(දැන් මාසයක් විතර..)ඒත් මටත් ඔය අද්දැකීම් මේ වෙනකොටත් ලැබිලා.(සමහරක්).. දැන් මට blog යාළුවෝ නම් මගේම යාළුවෝ වෙලා..කවදාවත් දැකලත් නෑ..දැක්කත් අඳුරගන්නත් බෑ..ඒත් දුකේදී දුක බෙදාගන්න,සතුටෙදී සතුට බෙදාගන්න ඒ යාළුවෝ ගොඩක් උදවු කරනවා නේද..?

නිසල් at: October 16, 2010 at 5:03 AM said...

ඔව් එකනම් ඇත්ත ප්‍රාර්ථනා :) ජීවිතෙ ගොඩක් දේවල් මේ යාලුවොත් එක්ක බෙදා ගන්න පුලුවන්..

Post a Comment

අදහසක් ඉතුරු කරල යන්න හිතුන එකම ලොකු දෙයක්..
ඔයාට ස්තුතී..
නිසල්..